July 23, 2025
Samsung නවෝත්පාදන සමඟින් ජීවිතය ස්මාර්ට් විදියට අත්විඳින්න
පුවත්

Samsung නවෝත්පාදන සමඟින් ජීවිතය ස්මාර්ට් විදියට අත්විඳින්න

Jul 22, 2025

ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයට පිවිසෙත්ම වඩාත් ස්මාර්ට් මෙන්ම නිවසේ උපාංග හා උපකරණ අන්තර්ජාලය සමඟ සම්බන්ධ කර ඇති නිවාස සඳහා වැඩි ඉල්ලුමක් පවතී. ජනතාව වැඩි වශයෙන් තොරතුරු තාක්ෂණයන්, නිවසේ සිට වැඩ කිරීම සහ වැඩි ජනප්‍රියත්වයක් අත්කර ගනිමින් සිටින නිවාස ස්වයංක්‍රීයකරණය ආදිය භාවිතා කරන බැවින් මෙරට පාරිභෝගිකයින් තම ජීවිත පහසු, කාර්යක්ෂම සහ කළමනාකරණය කළ හැකි නිෂ්පාදන සොයමින් සිටී. මෙවන් පසුබිමක් තුළ ශ්‍රී ලාංකේය නිවසක දිනෙන් දින වෙනස් වන අවශ්‍යතා සපුරාලීම සඳහා උසස් ස්මාර්ට් ජීවන විසඳුම් ලබා දීමට Samsung පෙරමුණ ගෙන කටයුතු කරයි.

මෙම ස්මාර්ට් නිවාස සඳහා විශ්වසනීය තාක්ෂණික නවෝත්පාදකයකු ලෙස ජනතාව අතර පිළිගැනීමට ලක්ව ඇති Samsung අද වන විට වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා මනාව සපුරාලීම වෙනුවෙන් AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක සුවිශේෂී නිෂ්පාදන රැසක් හඳුන්වා දී තිබේ. Samsung SmartThings මෙහි ප්‍රධාන ස්ථානයක් ගනී. මෙමගින් එක් යෙදවුමක් (app) තුළින් නිවසේ සිට හෝ ගමනක් බිමනක් යෙදෙන අතරවාරයේ සිට නිවසේ රූපවාහිනිය, රෙදි සෝදන යන්ත්‍රය, ශීතකරණ සහ වායු සමීකරණ ඇතුළු උපාංග රැසක් පහසුවෙන් පාලනය කිරීමට මෙන්ම නිරීක්ෂණය කිරීමට පරිශීලකයින්ට අවස්ථාව ලබා දෙයි.

සියලු Samsung නිෂ්පාදනයන්ද මේ වන විට AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන බැවින් පාරිභෝගිකයින්ට අසමසම අත්දැකීමක් ලබා ගැනීමටද හැකිය. එහිදී බර ප්‍රමාණය සහ රෙදි වර්ගය අනුව සේදීමේ රටාව සකස් කරන AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන රෙදි සේදීමේ යන්ත්‍ර, වැඩි ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් ගබඩා කළ හැකි නවීන ශීතකරණ, බලශක්තිය ඉතිරි කිරීමේ හා පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීමේ හැකියාව සහිත AI තාක්ෂණය සහිත වායු සමීකරණ වැනි Samsung නිෂ්පාදන පාරිභෝගිකයින්ගේ එදිනෙදා ජීවන රටාවට එක් කරනු ලබන්නේ සුවිසල් පහසුවකි. මෙම උපාංගවල විශේෂත්වය වන්නේ ස්මාර්ට් ජංගම දුරකතනයක් හරහා තමන් කැමති අයුරින් ්ෂ සැකසුම් හා සුවිශේෂී කාර්යසාධන විශේෂාංග සමඟින් දුරස්ථව පාලනය කිරීමේ හැකියාවයි. මේ හේතුවෙන් එදිනෙදා ජීවිතය පහසු කරන අතරම බලශක්තිය ඉතිරි කිරීමටද නිවසේ උපාංගවල ආරක්ෂාව තහවුරු කිරීමටද Samsung උපකාරී වෙයි.

Samsung Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා මේ සම්බන්ධයෙන් සඳහන් කර සිටියේ ‘’මෙරට පාරිභෝගික අවශ්‍යතාවන් පිළිබඳ අවබෝධ කර ගනිමින් නිෂ්පාදනය කර ඇති සියලු Samsung උපකරණ උසස් තාක්ෂණයෙන් පමණක් නොව ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතාවලට ප්‍රයෝජනවත් සහ ප්‍රායෝගික ප්‍රතිලාභ ලබා දෙන බව සහතික කරනවා. මිනිසුන්ගේ ජීවන රටාවන් තාක්ෂණය සහ කාර්යක්ෂමතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන විට සැම්සුන් නිෂ්පාදන පරිශීලකයාගේ අවශ්‍යතා, කැමැත්ත සහ සුවපහසුව පිළිබඳව අවධානය යොමු කරමින් සහ නවෝත්පාදන විසඳුම් ලබා දෙමින් ඔවුන්ගේ ජීවිතය වඩාත් පහසු කරනවා.’’ යනුවෙනි.

තාක්ෂණය පිළිබඳ මනා දැනුමක් සහිත තරුණ වෘත්තිකයෙකුට තමන් සිටින තැනක සිට දුරස්තව නිවසේ විදුලි භාණ්ඩ කළමනාකරණය කිරීමට හැකියාව ඇති අතර කාර්ය බහුල ගෘහණියන්ට තමන්ගේ කාලය ඉතිරි කර ගැනීමටත් මෙන්ම තවත් බොහෝ දෙනාට තමන්ට ගැලපෙන ආකාරයේ පහසුව හා අත්දැකීම් විඳගැනීමට මෙහිදී හැකියාව උදා වේ. නිවසට පිරිසිදු පරිසයක් මෙන්ම අවම විදුලි බිල්පතක් ගෙන ඒමට මෙම නව්‍ය තාක්ෂණික විශිෂ්ටත්වයන් සුවිසල් අස්වැසිල්ලක් වනු ඇත.

ඒ අනුව හෙට දවසේ ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවට සුවපහසු මෙන්ම නවීන ජීවින රටාවක් උරුම කර දීමට කැපවී සිටින Samsung සියලු උපාංග අතර සබඳතාව, AI තාක්ෂණය මෙන්ම බලශක්ති කළමනාකරණය වැනි විශිෂ්ටත්වයන් තුලින් ශ්‍රී ලාංකිකයින්ගේ නිවසට නව අරුතක් එක් කිරීමට කටයුතු කර ඇත්තේ මින් පෙර අත් නොවිඳි අසමසම අත්දැකීමක් පාරිභෝගිකයින් වෙත හිමිකර දෙමිනි.

නවතම තාක්ෂණයෙන් යුත් මෙම Samsung විශිෂ්ටත්වය මෙන්ම AI විශේෂාංග අත්විඳීමට Damro, Marino Mall සහ Singer One Galle Face Mall හි අලුතින් විවෘත කරන ලද Samsung AI කලාපය වෙත පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close