
සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සිය අභිමානවත් ජයග්‍රාහී 23 වසර සමරයි
ශ්‍රී ලාංකීය වාණිජ වන වගා කළමනාකරණ ක්ෂේත්‍රයේ අංක 01 වන සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගම, සිය 23වන සංවත්සරය 2025 අගෝස්තු මස 14 වන දින අභිමානයෙන් සමරයි. 23න් වසරක් පුරාවට තිරසාර ආයෝජන, නවෝත්පාදන මෙන්ම දිගුකාලීන ජයග්‍රහණ රැසක්ද සමඟින් මෙරට පමණක් නොව ජාත්‍යන්තරයද ජයගත් සමාගමත් වශයෙන් සදාහරිත සමාගම පත්වී අවසන්. මෙම 23න් වසරක අභිමානවත් සැමරුමට තවත් වටිනාකමක් එක් කරමින්, සදාහරිත සමාගම ශ්‍රී ලංකාවේ පළමු වරට ඩොලර් බිලියන 1.05ක වත්කම් සීමාව ඉක්මවූ එකම වන වගා සමාගම බවට පත්වී ඇත. මෙය සදාහරිත සමාගම ආ ගමන් මඟේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නාක් වන අතර, එය සමාගමේ දූරදර්ශී ඉදිරි ව්‍යාපාරික දැක්ම සමඟින් දෙස් විදෙස් වෙලඳපළ ජයගැනීමේ තවත් එක් ජයග්‍රහණයක් ලෙසද පෙන්වාදිය හැකිය.
සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගම මෙරට තිරසාර වන වගාව සහ හරිත ආයෝජන සම්බන්ධ ප්‍රමුඛයා ලෙස සැලකෙන අතර එම සමාගම අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින් ඉදිරියට යමින් ආයෝජකයන්ට උපරිම ප්‍රතිලාභ පිරිනැමීමට සෑම විටම කටයුතු කර ඇත එකම සමාගමද වේ. එමෙන්ම දීර්ඝකාලීන තිරසාර වර්ධනයක් අත්කර ගනිමින් වන වගාව ඔස්සේ පරිසර සුරැකීමටද කැපීපෙනෙන දායකත්වයක් දැක්වීමටද සමාගම සමත් වී තිබේ.
2002 වසරේදී අගෝස්තු මස 14 වන දින ආරම්භ කල සදාහරිත, තේක්ක, මහෝගනී සුදුහදුන්, රඹුටන් ඇතුළු වානිජ භෝගයන් බොහෝ ප්‍රමණයක් වගාකොට ඇති අතර ශ්‍රී ලාංකීය වානිජ වන වගාවේ පුරෝගාමියාද වන්නේය. අද වන විට ශ්‍රී ලංකාවේ පමණක් නොව විදෙස් රාජ්‍යයන්ගේද වානිජ වගා කටයුතු සිදුකරමින් මෙරටට අවශ්‍ය විදේශ විනිමය ලගාකර ගැනීමට මහගු දායකත්වයක් ලබාදෙන්නේය. 2014 වසරේදී අගාවුඩ්, වානිජ වන වගාවක් ලෙස ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් මේ වන විට ලක්ෂ 10 කට වඩා වැඩි අගාවුඩ් ශාක සංචිතයක් සදාහරිත ප්ලාන්ටේශන්ස් සමාගම සතුව ඇත. දිනෙන් දින සාර්ථකත්වය කරා යන ගමන් මගෙහි අද වන විට සදාහරිත ප්ලාන්ටේශන්ස් ආයතනයේ අගාවුඩ් පමණක් වගා කර ඇති භූමි ප්‍රමානය අක්කර 1500+ වඩා වැඩි අතර ශ්‍රී ලංකාවේ පමණක් නොව විදෙස් වෙළඳපල තුළ දිදුළන සන්නාමක් බවට පත්ව අවසන්. අද වන විට සදාහරිත සමාගම රුපියල් බිලියන 214ක ශුද්ධ වත්කම් ඇති ශ්‍රී ලංකාවේ එකම වාණිජ වන වගා සමාගම බවට පත්ව ඇති අතර, තිරසාර වන වගාවේ පෙරමුණ ගෙන සිටින සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගම මේ වන විට ගස් මිලියනයකට අධික සංඛ්‍යාවක් රෝපණය කර තිබේ. ආයෝජකයන් සමාගම කෙරෙහි තැබූ නොසැලෙන විශ්වාසය සමාගමේ සාර්ථකත්වයට පිටුබලය සැපයූ ප්‍රධානතම සාධකය වන අතර, වර්තමානය වන විට එහි පාරිභෝගිකයන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇත. ආයෝජකයන්ට ඉහළම වටිනාකම් පිරිනමමින් සමාගම මේ වන විට අස්වනු ප්‍රතිලාභ වශයෙන් රු. බිලියන 1.7 කට අධික මුදලක් ගෙවා ඇත. මේ සියල්ල මගින් පෙනී යන්නේ තමන් සමග ගනුදෙනු කරන සැමගේම විශ්වාසය දිනාගැනීමට මෙන්ම ස්ථාවර මූල්‍ය ක්‍රියාකාරීත්වයක් වාර්තා කිරීමට සමාගම සමත් වී ඇති බවයි.
පසුගිය වසර 23 ක කාලය තුළ ජාත්‍යන්තර තලයටද පිවිසෙමින්, ලොව ප්‍රධානතම අගාර්වුඩ් සමාගම් 10 අතරට එක්වීමටද සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගමට හැකි වී තිබේ. තවද ලොව සුවඳ වර්ග හා සුඛෝපභෝගී නිෂ්පාදන වෙළඳපොළේ විශ්වාසය දිනූ සැපයුම්කරුවෙකු ලෙස කීර්තියක් දිනාගැනීමට සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගමට හැකියාව ලැබිණි. මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළුව ලොව රටවල් කිහිපයක් වෙතට තම නිෂ්පාදන සැපයීමට සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගම පියවර ගෙන ඇති අතර, ඒ නිසාම ලොව පුරා ශ්‍රී ලංකා අගාවුඩ් සඳහා ඇති ඉල්ලුම තවදුරටත් ඉහළ ගොස් ඇත. ශ්‍රී ලාංකික අගාවුඩ් ගෝලීය සුවඳ විලවුන් කර්මාන්තය තුළ විශාල වටිනාකමක් හිමි වන දුර්ලභ අමුද්‍රව්‍යයක් ලෙස සැලකේ.
මේ වන විට ශ්‍රී ලංකාවට අමතරව සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමූහ ව්‍යාපාරය එක්සත් රාජධානිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ මැඩගස්කරය යන රටවලද ක්‍රියාත්මක වේ. මැඩගස්කරය තුළ සමාගම විසින් ප්‍රධාන වශයෙන් වැනිලා සහ ඔයිල් පාම් වගාකරනු ලබයි. එරට තුළ සමාගමේ වැවිලි කටයුතු අක්කර 5,295 ක් පුරා විහිදී ඇති අතර, සමස්තයක් ලෙස සමාගම විසින් කළමනාකරණය කරනු ලබන භූමි ප්‍රමාණය අක්කර 9,000 කට ආසන්නය. සමාගමේ ප්‍රධානතම නිෂ්පාදනය අගාවුඩ් වන අතර, ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික වත්කම් හිමි සමාගමක් බවට පත්වීමට සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගමට හැකියාව ලැබුණේ ප්‍රධාන වශයෙන් අගාවුඩ් ව්‍යාපාරයේ සාර්ථකත්වය හේතුවෙනි.
“SP Tech” යනු මුළුමනින්ම සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගමේ පර්යේෂණ හා සංවර්ධන අංශයේ සොයාගැනීමකි. 100% ක් කාබනික ක්‍රමයක් වන එය අගාවුඩ් ගස් තුළ රෙසින් සෑදීම වේගවත් කර, කෙටි කාලයක් තුළ ඉහළ අස්වැන්නක් ලබාගැනීමට උපකාරී වෙයි. ඵලදාව වේගවත් කිරීමේ සහතික ලත් ක්‍රමයක් ලෙස පිළිගැනීමට ලක් වී ඇති මෙම පුරෝගාමී ක්‍රමවේදය, අගාවුඩ් වගාවේ වාණිජ ශක්‍යතාව වැඩිදියුණු කිරීම සඳහා කැපීපෙනෙන දායකත්වයක් ලබා දී තිබේ. මැලේසියාව තුළ සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගමේ සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ මෙම SP Tech ක්‍රමවේදයයි. සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගම විසින් එරට අගාවුඩ් නිෂ්පාදකයන් වෙත මෙම තාක්ෂණය බලපත්‍ර යටතේ අලෙවි කරනු ලබන අතර මෙමගින් එරට තුළ තිරසාර සහ ආචාරධාර්මික නිෂ්පාදන ක්‍රමවේදයන් ප්‍රචලිත කිරීමට හැකි වී ඇත.
සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමූහ ව්‍යාපාරයේ 23 වසරක අභිමානවත් සැමරුම් අවස්ථාවේදී සමාගම මෙතෙක් ආ ගමන් මඟ සිහිපත් කරමින් අදහස් දැක්වූ එහි සභාපති සතිස් නවරත්න මහතා පැවසුවේ “අප සමාගම මෙතක් ආ ගමන් මඟ තුළ සාර්ථකත්වය පමණක් එක්ව ගිය ගමනක් නොව, නොයෙක් අභියෝග, බාධක මද්‍යයේ ජයග්‍රාහණ කරා සමාගම කෙමෙන් ලඟා වූ වසර 23කි. ආයෝජකයන් සමාගම කෙරෙහි රඳවා ඇති විශ්වාසය සහ පසුගිය දශක දෙකක කාලය තුළ සමාගමේ ඉදිරි ගමනට දායක වූ ඉදිරිගාමී දැක්ම නිරූපණය කරන ජයග්‍රහණයක්. මෙම සුවිශේෂී ගමනේදී, අපි සමඟ සිටි හැමදෙනාටම ආයතනයක් විදියට අපි කෘතඥතාව පළ කරනවා. සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගමේ ව්‍යාපාර කටයුතු සෑම විටම දීර්ඝකාලීන තිරසාරත්වය සහ ආචාරධාර්මික ආයෝජන ක්‍රමවේදයන් මත මෙන්ම සමාගම කෙරෙහි විශ්වාසය රැඳවූවන්ගේ සහයෝගය මත පදනම් විය. මේ ආකාරයට ඇමරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුකිරීමට හැකි වීම පිළිබඳව තමන් බෙහෙවින් ආඩම්බර වන බවත්, ඒ වෙනුවෙන් ආයෝජකයන්, පාරිභෝගිකයන්, සේවක සේවිකාවන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් ඇතුළු සියලුම දෙනාට තම ස්තූතිය පළකරන බවත් පැවසූ සතිස් නවරත්න මහතා, සදාහරිත සමාගම හරිත ආයෝජන ක්ෂේත්‍රයේ විශ්වාස දිනූ නාමයක් බවට පත් වී සිටින්නේ ඇයිද යන්න මෙම සන්ධිස්ථානය තමන්ට සිහිපත් කරන බවත්, ඉදිරියේදී සියලුම පාර්ශ්වකරුවන්ට මීටත් වඩා ඉහළ ප්‍රතිලාභ පිරිනැමීමට සමාගම කැප වී සිටින බවත් අවධාරණය කළේය.’’