Russel’s සමාගම 2026 ජනවාරි මාසයේ විශිෂ්ට සේවකයන් අගයයි
Russel’s සමාගම විසින් 2026 ජනවාරි මාසය සඳහා විශිෂ්ට සේවයක් ඉටු කළ සේවකයන් අගයනු ලැබීය. 2026 ජනවාරි මාසයේ Best Workers සම්මාන වැඩසටහනේදී සේවකයන්ගේ කාර්යසාධන විශිෂ්ටත්වය, කණ්ඩායම් හැගීම සහ Russel’s හි උසස් සේවා ප්‍රමිති පවත්වා ගෙන යාම සඳහා දක්වන ලද දායකත්වය පිළිබඳව අවධානය යොමු කරන ලදී. මෙවර “Most Hardworking Staff Member of the Month” සම්මානය ඉරේෂා ප්‍රියංගනී මහත්මියට හිමි වූ අතර “Employee of the Month” ලෙස එෆ්. රිකාශා මහත්මිය සම්මානයට පාත්‍ර වූවාය. “Outstanding Stewardess of the Month” ලෙස ඇනීසියා ලැන්ඩර්ස් මහත්මියද, “Best Chef of the Month” ලෙස නිසල් හේෂාන් මහතාද, “Best Catering Steward of the Month” ලෙස එස්. ඩික්සන් මහතාද, “Outstanding Steward of the Month” ලෙස රාමනාදන් උදය කුමාර මහතාද ගෞරවයට පාත්‍ර වූහ. Russel’s කළමනාකාරිත්වය සියලු සම්මානලාභීන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමින්, සේවකයන්ගේ උද්යෝගය වැඩි කරමින් විශිෂ්ට සංස්කෘතියක් ගොඩ නැගීමේ වැදගත්කම අවධාරණය කළේය. සමාගම තම සේවකයන් තම වර්ධනයේ හා සාර්ථකත්වයේ ප්‍රධාන ස්ථම්භයක් ලෙස සළකන බවද ප්‍රකාශ කළේය.

