March 4, 2026
Russel’s සමාගමේ වාර්ෂික සම්මාන උළෙල සාර්ථකව අවසන් වෙයි
පුවත්

Russel’s සමාගමේ වාර්ෂික සම්මාන උළෙල සාර්ථකව අවසන් වෙයි

Feb 3, 2026

Russel’s පෞද්ගලික සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ කැපවීම සහ විශිෂ්ටත්වය ඇගැයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන සම්මාන උළෙල ජනවාරි 31 දින වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ශාන්ත නිකලස් ජාත්‍යන්තර පාසලේ විදුහල්පති, පූජ්‍ය සමිත් රංගන පියතුමාත්, ගෞරවනීය ආරාධිතයා ලෙස පූජ්‍ය කාලිංග පියතුමාත් සහභාගී වූහ. සමාගමේ ඉහළ කළමණාකාරීත්වය ඇතුළු තවත් ආරාධිතයන් රැසක්ද ඊට සහභාගී වූයේ කාර්ය මණ්ඩලය නිරන්තරයෙන් ඇගැයීම තුළින් සාර්ථකත්වය ළඟා කර ගැනීමට Russel’s සමාගම සතු කැපවීම යළි තහවුරු කරමිනි.

සම්මාන උළෙලේදී වසර පුරා විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ කාර්ය මණ්ඩල සමාජිකයෝ රැසක් ඇගයීමට ලක් වූහ. ජීවා ප්‍රශාන්තිනී වසරේ සේවකයා ලෙස සම්මාන ලැබූ අතර සමීර රුක්ෂාන් වසරේ සූපවේදියා ලෙස සම්මාන ලැබුවේය. වසරේ හොඳම ස්ටුවඩ්වරිය ලෙස සිතාරා කුමාරිත්, හොඳම ස්ටුවඩ්වරයා ලෙස ජූඩ් ක්‍රිශාන්තත් ඇගැයීමට ලක් විය. වසරේ වඩාත් වෙහෙස වී සේවය කරන සේවකයා සම්මානය ඒකාබද්ධව දිනා ගත්තේ සම්පත් තිසේරා සහ සංජීව රුක්මාල්ය. වසරේ හොඳම එළිමහන් කේටරින් කළමනාකරු ලෙස දුමින්ද අසේල සම්මාන ලැබුවේය. සම්මාන රාත්‍රිය විශේෂාංග රැසකින් සමන්විත වූ අතර ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක පියල් පෙරේරා බහු වාදය ශිල්පී සම්පත් ප්‍රනාන්දු සමග එක් වී ඉදිරිපත් කළ සංගීත විශේෂාංගය ඒ අතරින් කැපී පෙනිණි. මෙරට සංගීත උරුමයේ අසිරිය කැටි කර ගත් එයට ඉතා උණුසුම් පිළිගැනීමක් හිමි විය. සම්පත් ප්‍රනාන්දු Russel’s සමාගමේ සම නිර්මාතෘ සහ සභාපති රසල් පෙරේරා මහතාගේ ආරාධනය අනුව “THALA SAMPATH – The Rhythm Soulful Music Event.” ප්‍රසංග මාලාවෙන් ආභාෂය ලබමින් සංගීතමය ඉදිරිපත් කිරීම සිදු කළේය. ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු වාර්ෂික සම්මාන උළෙල විශිෂ්ටත්වය සහ කණ්ඩායම් හැඟීම ප්‍රමුඛ කර ගත් ආයතනික සංස්කෘතියක් නිර්මාණය කරන අතරතුර කාර්ය මණ්ඩල සාමාජිකයන්ට නිසි වටිනාකමක් දීමට Russel’s සමාගම සතු කැපවීම පිළිබිඹු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close