
ග්‍රාමීය කාන්තා සේවා නියුක්තිය සඳහා ඉහළම දායකත්වය ඇඟළුම් ක්ෂේත්‍රයෙන්
ග්‍රාමීය කාන්තාව සවිබල ගැන්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කර ඇති ජාත්‍යන්තර ග්‍රාමීය කාන්තා දිනය ඔක්තෝම්බර් 15වන දිනට යෙදෙන අතර, මෙම දිනය සමරමින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කාන්තා සේවා නියුක්තිය සඳහා ඉහළම දායකත්වයක් ලබා දෙන ක්ෂේත්‍රය බවට මෙරට ඇඟළුම් ක්ෂේත්‍රය පත්ව සිටින බව ඒකාබද්ධ ඇඟළුම් සංසදයේ උපසභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පවසයි. ශ්‍රී ලංකාවේ සේවා නියුක්තියට අදාළව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කළ දත්තයන්ට අදාළව මෙරට ග්‍රාමීය කාන්තා සේවා නියුක්තිය 34.3ක් වන අතර එයින් කාර්මික ක්ෂේත්‍රයේ කාන්තා සේවා නියුක්තිය 27.7කි. මෙරට ග්‍රාමීය කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළම සේවා නියුක්තිය ඇඟළුම් ක්ෂේත්‍රයෙන් හිමිවන අතර ඒකාබද්ධ ඇඟළුම් සංසද දත්තයන්ට අනුව
සමස්ත ඇඟළුම් ක්ෂේත්‍රයේ සේවා නියුක්තියෙන් 85%ක් කාන්තාවන් අතර එයින් 80%ක් ම ග්‍රාමීය කාන්තාවන් බව එම වාර්තාවන් මගින් පෙන්නුම් කරයි. (http://www.statistics.gov.lk/Resource/en/LabourForce/Bulletins/LFS_Q2_Bulletin_2022.pdf) ශ්‍රී ලංකාවේ ග්‍රමීය කාන්තාව හැකියාවන්ගෙන් සහ ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම සඳහා ඉහළම දායකත්වය ඇඟළුම් ක්ෂේත්‍රයෙන් ලබා දෙන අතර ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා ද ඇඟලුම් ක්ෂේත්‍රය අනුපමය දායකත්වයක් ලබා දෙයි. මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 7%ක් ඇඟළුම් ක්ෂේත්‍රය මගින් ලබා දෙන අතර ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් 54%ක් ලබා දෙන්නේ ද ඇඟළුම් ක්සේත්‍රය මගින් ය. ඒකාබද්ධ ඇඟළුම් ක්ෂේත්‍රයේ උපසභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පවසන ආකාරයට මෙරට ඇඟළුම් ක්ෂේත්‍රය තවත් වසර 5ක් තුළ ඩොලර් බිලියන 8 දක්වා වර්ධනය කිරීම
මූලික ඉලක්කය වූ බැවින් මෙම අපනයන ඉලක්කය සපුරාගැනීමේදී ග්‍රාමීය කාන්තා සේවා නියුක්තිය අතිශය තීරණාත්මක බව වැඩිදුරටත් පැවසීය.
ඇඟළුම් ක්ෂෙත්‍රය හා සම්බන්ධ වී සිටින කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා විවිධ පුහුණු වැඩසටහන් සහ අත්දැකීම් ලබා දීමට ඇඟළුම් ක්ෂේත්‍රයේ සමාගම් නිරතුරුව කටයුතු කරන දෙස් විදෙස් ආයතනයන්ගේ අනුග්‍රහය සහ මග පෙන්වීම මෙම වැඩසටහන් වලට හිමිවෙයි. ඇඟලුම් ක්ෂේත්‍රයේ ග්‍රාමීය කාන්තා සවිබල ගැන්වීම සඳහා MAS ආයතනය විසින් දියත් කළ Women Go Beyond (WGB) වැඩසටහන මීට කදිම නිදසුනකි. MAS 2025 සමාජ තිරසාර උපායමාර්ගය යටතේ, “කාන්තාවන් සවිබල ගැන්වීම” මූලික අවශ්‍යතාවයක් ලෙස පිළිගෙන ඇති අතර, ඒ සඳහා Women Go Beyond (WGB) ඇතුළු වෘත්තීය දියුණුව සහ කුසලතා සංවර්ධනය සහතික කිරීම සඳහා වැඩසටහන් ගණනාවක් හඳුන්වා දෙමින් දැවැන්ත කාර්යභාරයක් ඉටු කර ඇත.
මෙරට ප්‍රමුඛ පෙළේ ඇඟලුම් අපනයන සමාගමක් වන ඔමේගා ලයින් සමාගමද ඇඟළුම් ක්ෂේත්‍රයේ ග්‍රාමීය කාන්තාව සවිබල ගැන්වීම සඳහා සිය දායකත්වය නිරතුරුව ලබාදෙයි. මේ යටතේ පුහුණුව ලබන කාන්තාවන්ට ශ්‍රීලංකාවේ මෙන්ම විදෙස් රටවල පුහුණු අවස්ථා ලබා දීමට ද ඔමේගා ලයින් කටයුතු කර ඇත.
සිය මව සහ සහෝදරිය සමග ඔමේගා ලයින් කර්මාන්තශාලාව ආසන්නයේ පදිංචිව සිටින දුර්ගා දේවී ඔමේගා ලයින් ආයතනය මගින් ලබා දෙන කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් සඳහා ඉතාලිය වෙත පිටත් වූවාය. මේ පිළිබඳව දුර්ගා දේවි මෙසේ අදහස් පළ කළාය” මම පළමු වතාවට කර්මාන්තශාලාවට පැමිණි විට මම හිතා ගත්තා මම හොඳින් වැඩ කරලා මේ රැකියාවෙන් ජීවිතය ජය ගන්නවා කියලා. මට හීනයක් තිබුණා මූලික අවශ්‍යතාවන් ඉටු කරගැනීමට ඇති තරම් මුදල් ඉපැයීමට, අලූත් ඇඳුම් අඳින්න. අද මගේ ඒ සිහින හැබෑවෙලා තියෙනවා. මම තවතවත් කැපවීමෙන් මගේ රාජකාරි කටයුතු කිරීමට වගබලා ගන්නවා. ඒ වගේම ඉතාලිය වැනි රටවලින් මට පුහුණු අවස්ථා හිමිවෙයි කියලා මම කවදාවක් හිතුවෙ නෑ. නමුත් මට ඒ අවස්ථාව ලැබුණා. එම පුහුණු වැඩසටහන තුළින් අලූත් දේවල් ඉගෙනගෙන මගේ වෘත්තීයමය ජීවිතය තවත් සාර්ථක කරගන්න මම බලාපොරොත්තු වෙනවා”
ඇඟළුම් ක්ෂේත්‍රයේ ග්‍රාමීය කාන්තාව සවිබල ගැන්වීම සහ සම අවස්ථාවන් ලබා දීමේ අරමුණෙන් හයිඩ්‍රාමනී ෆැෂන්ස් සමාගම ආරම්භ කළ ‘The Wonders of Wellbeing’ (WOW) වැඩසටහන බහුතරයක් වූ සිය කාන්තා ශ‍්‍රම බලකාය සවිබල ගැන්වීම වෙනුවෙන් සුවිසල් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එම මුලපිරීම තුළින් සිය ව්‍යාපාරික න්‍යාය පත‍්‍රයට සහ මෙහෙයුම් සංස්කෘතියට යහජීවනය ඒකාබද්ධ කරයි. එය මානසික, සම්බන්ධතා, කායික, ආර්ථික සහ පාරිසරික යන ප‍්‍රධාන කරුණු පහක් වටා පදනම් වී ඇත. සිය සේවා සංස්කෘතිය තුළ සේවක සුබසාධනය සහ කාන්තා සවිබල ගැන්වීම යන ප‍්‍රමිතීන් සහතික කිරීමට ආයතනය විසින් පුළුල් පරාසයක විහිදුනු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.කර්මාන්තශාලාව ආරම්භයේ සිටම කැපුම් අංශයේ කි‍්‍රයාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කරන හර්ෂනී ප‍්‍රියරත්න මහත්මිය පවසන්නේ මුදල් අගහිඟකම් හේතුවෙන් උසස් පෙළ හදාරන්නට නොහැකි වුව ද හයිඩ‍්‍රාමණී සමාගම තමාට ඉගෙනීමට අවස්ථාව සලසා දුන් බවයි.
“මම නිතරම කියන්නේ මේ කර්මාන්තශාලාව කැම්පස් එකක් වගේ. එහිදී ඔබට අනෙකුත් කර්මාන්තවලට සාපේක්ෂව ඇඟලූම් නිෂ්පාදනයේ විවිධ පැතිකඩයන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනවා. වවුනියාව හයිඩ‍්‍රාමනී ආයතන පටන් ගන්නා විට එහි තිබුණේ එක ගොඩනැගිල්ලයි. වවුනියාව කර්මාන්තශාලාව ආරම්භ කළ අවධියේ ව්‍යවසාය සම්පත් සැලසුම්කරණය (ERP) පිළිබඳ පුහුණුවක් සඳහා මාව කොළඹට එව්වා. එහිදී මම මගේ යහළු යෙහෙළියන් ද පුහුණු කළා. මෙය ඉගෙනීමට හොඳ අවස්ථාවක්. ඇඟලූම් වෘත්තිය තුළින් ජීවිතය ජය ගැනීමට එය මට විශ්වාසයක් ලබා දුන්නා.” යනුවෙන් ඇය තවදුරටත් පැවසුවාය
2022 වසරේ අපනයන දත්තයන්ට අනුව මෙරට ඇඟළුම් කර්මාන්තය ඩොලර් බිලියන 5.95ක ආදායමක් ඉපැයීමට සමත් වූවද ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ රටවල පවතින උද්ධමනය හා ආර්ථික අර්බුද හේතුවෙන් ඇඟළුම් අපනයන ක්ෂේත්‍රයේ යම් පසුබෑමක් ඇතිව තිබෙන අතර මේ තත්වය මත 2023 වසරේ ඇඟළුම් අපනයන ආදායම ඩොලර් බිලියනයකින් පමණ අඩු විය හැකි බව ඒකාබද්ධ ඇඟළුම් සංසද සම්මේලනය මීට ඉහතදී සඳහන් කරන ලදි. මේ අර්බුදය ජය ගැනීම සඳහා සාම්ප්‍රදායික වෙළෙඳපොලට අමතරව ජපානය, චීනය ඉන්දියාව වැනි විශාල වෙළෙඳපොලවල් වෙත යොමුවීම GSP+ වැනි සහනයන් වඩාත් තිරසාරව අත්කර ගැනීම සඳහා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය සැලකියයුතු මැදිහත් වීමක් ලබා දී ඇත.
ඒ්කාබද්ධ ඇඟළුම් සංසදය විසින් නිකුත් කරන ලදි.
2 Comments
Excellent beat ! I would like to apprentice whilst you amend your site, how could i subscribe for a weblog web site? The account helped me a applicable deal. I had been a little bit familiar of this your broadcast offered bright clear idea
I loved up to you’ll obtain carried out proper here. The sketch is attractive, your authored subject matter stylish. nonetheless, you command get bought an shakiness over that you would like be handing over the following. sick definitely come more previously again as precisely the similar nearly very regularly inside case you defend this hike.