April 12, 2026
ජාතික කර්මාන්ත විශිෂ්ටතා හා වයඹ විජයාභිමානී සම්මාන ද්විත්වයකින්  රසෝදා ඩේරීස් පිදුම් ලබයි
පුවත්

ජාතික කර්මාන්ත විශිෂ්ටතා හා වයඹ විජයාභිමානී සම්මාන ද්විත්වයකින්  රසෝදා ඩේරීස් පිදුම් ලබයි

Feb 25, 2024

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී කිරි ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සම්මාන උළෙලේදී සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ දමින්ද පෙරේරා මහතා වෙත සම්මානය පිරිනැමිණි. එසේම වයඹ විජයාභිමානී සම්මාන උළෙලේදීද වයඹ පළාත් කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ විශිෂ්ටම කිරි නිෂ්පාදන සමාගම ලෙසද රසෝදා ඩේරීස් සමාගම සම්මාන ලැබීය.

රසෝදා යනු රස + උදාව යන්නයි. රසෝදා සැම විටම දේශීය කිරි ගම්මානවල කිරි දෙනුන්ගෙන් ගන්නා නැවුම් එළකිරිවලින් ප්‍රමිතියෙන් හා ගුණාත්මකභාවයෙන් උසස් යෝගට්, යෝගට් පානය, මුදවපු කිරි, අයිස්ක්‍රීම් ඇතුළු නිශ්පාදන රැසක් වෙළෙඳපොළට සපයයි. “අවස්ථා දෙකකදී අපව ඉහළටම එසවූ ආදරණීය පාරිභෝගිකයන්ට සහ රසෝදා සේවක මණ්ඩලයට මාගේ කෘතවේදීත්වය පිරිනමනවා.” දමින්ද පෙරේරා මහතා පැවසීය. 2002දී දෛනිකව කිරි ලීටර් 100ත් 150ත් අතර ප්‍රමාණයකින් නිෂ්පාදන කටයුතු සේවකයන් හතර දෙනෙකුගෙන් ඇරඹූ රසෝදා ඩේරීස් වර්තමානයේදී නවීන යන්ත්‍ර භාවිතයෙන් දිනකට කිරි ලීටර් 12000කින් නිෂ්පාදන කටයුතු කරයි. නවතම කර්මාන්ත ශාලා ද්විත්වයේ දිනකට කිරි ලීටර් 40000ක නිෂ්පාදන ධාරිතාවක් ඇත. 250කට වැඩි සේවක පිරිසක් එහි සේවය කරන අතර කිරි ගොවියෝ 300කට වැඩි පිරිසක් කිරි සපයති. GMP, HACCP සහ ISO 22000 ජාතික ප්‍රමිති තත්ත්ව සහතික ලබා ඇති රසෝදා ඩේරීස් දේශීය විශේෂඥ දැනුමේ හා නෙදර්ලන්ත කිරි සැකසීමේ තාක්ෂණයේ සුසන්යෝගයෙන් යහගුණැති නිෂ්පාදන පාරිභෝගිකයන්ට සපයයි. වර්තමානයේදී රසෝදා ඩේරීස් සමාගම සිය නිෂ්පාදන ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකටම සැපයීමට බෙදා හැරීමේ ජාලය පුළුල් කිරීමට කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close