
සුඛෝපභෝගී ජීවන රටාවට නව අරුතක් ගෙනෙන ප්‍රයිම් සමූහයේ ‘Skye Blossom Kottawa’ ව්‍යාපෘතිය ඇරඹේ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගමක් වන Prime Lands සමාගමේ නවතම ව්‍යාපෘතිය වන ‘Skye Blossom Kottawa’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගියදා ආරම්භ විය. කොට්ටාව ප්‍රදේශයේ ඉදි වන මෙය ‘නිවසත් ඔබත් සරුවට වැඩෙන තැනක්’ (A Home that grows with you) යන නැවුම් දර්ශනය මූලික කරගත්, සුඛෝපභෝගී ජීවන රටාවන්ට නව අරුතක් දෙන සුවිශේෂී ව්‍යාපෘතියකි.
Skye Blossom ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කළ මංගල පස් පිඩැල්ල කැපීමේ උත්සවය පසුගියදා පැවැත්වුණු අතර, එම අවස්ථාවට Prime සමූහ ව්‍යාපාරයේ සභාපති සහ සම-සභාපති, විශේෂ ආරාධිතයන් සහ නිවාස ගැනුම්කරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. Prime සමූහයට අනන්‍ය වූ උසස්ම ප්‍රමිතියෙන් යුතුව මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවනු ඇත
“ Skye Blossom Kottawa යනු ‘A Home that grows with you’ යන දැක්ම පදනම් කරගත් සුවිශේෂී ව්‍යාපෘතියක්. එය ශ්‍රී ලංකාවේ නාගරික ජීවන රටාවේ අනාගතය සංකේතවත් කරන ව්‍යාපෘතියක් ලෙසත් හැඳින්විය හැකියි. Prime සමූහය හඳුන්වා දී ඇති සුවිශේෂී පහසු ගෙවීමේ ක්‍රමය නිසා ගැනුම්කරුවන්ට මෙහි නිවාස මිලදී ගැනීම වඩාත් පහසු වේවි. මෙය රටේ ජනතාවට තම ජීවන රටාවන්ට ගැළපෙන ඉහළම තලයේ පහසුකම්වලින් යුත් සුඛෝපභෝගී නිවාස මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා අප දරන උත්සාහයේ තවත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.” Prime Lands (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා පැවසීය.
කොට්ටාව නගරයේ පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇති Skye Blossom Kottawa ව්‍යාපෘතිය මහල් 16කින් යුතු ගොඩනැහිලි දෙකකින් සමන්විත වේ. ස්වභාවධර්මයත් සමග ඒකාත්මික වන ආකාරයට මෙහි නිවාස ඉදිකෙරෙන අතර, නිදන කාමර 2 සහ 3 බැගින් වන, වර්ග අඩි 975 ත් 1375 ත් අතර ප්‍රමාණයේ නිවාස එකතුවක් මීට ඇතුළත් වනු ඇත. එමෙන්ම මෙම නිවාසවල වටිනාකම ක්‍රමානුකූලව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එම නිසා Skye Blossom Kottawa ව්‍යාපෘතියේ නිවාස ඒවායෙහි ගැනුම්කරුවන්ට දීර්ඝකාලීන වටිනාකම් තිළිණ කරන සුවිශේෂී ආයෝජනයක්ද වනු නිසැකය.
හුදෙක් නිවාස ඉදිකිරීම වෙනුවට, පදිංචිකරුවන්ගේ ජීවිත වඩාත් ප්‍රසන්න සහ සෞභාග්‍යමත් කරන ජීවන අවකාශයන් නිර්මාණය කිරීම Prime සමූහයේ අරමුණයි. Prime සමූහයේ සෑම ව්‍යාපෘතියකම සෑම නිවෙසක්ම ඉදිකරනු ලබන්නේ නවීන ගෘහනිර්මාණ ශිල්පය, ස්වභාවධර්මය සහ නවීනතම පහසුකම් එක්තැන් වන පරිද්දෙනි. එම නිසා නූතන ශ්‍රී ලාංකිකයන්ගේ වෙනස් වන ජීවන රටාවන්ට වඩාත් හොඳින් ගැළපෙන නිවාස ඉදිකරමින්, වර්තමාන නිවාස හා දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු බවට පත් වීමට Prime සමූහයට හැකි වී ඇත.
අඩි 100 ක දිගකින් යුත් පිහිනුම් තටාකයක් සහ දරුවන් වෙනුවෙන්ම වෙන් වූ පිහිනුම් තටාකයක්, සෑම නිවෙසකටම බහුකාර්ය කාමර සහ සියලු පහසුකම් සහිත ව්‍යායාම ශාලාවක් ඇතුළු පහසුකම් රැසක් Skye Blossom Kottawa නිවාස ව්‍යාපෘතියට ඇතුළත්ය. එමෙන්ම එය පදිංචිකරුවන්ට සහ අමුත්තන්ට වාහන නැවැත්වීම සඳහා පුළුල් ඉඩකඩ සහිත රථ ගාලකින්ද සමන්විත වේ.
කොට්ටාව යනු ගමනාගමනය ඉතාමත් පහසු, ක්‍රමයෙන් දියුණු වන වාණිජ පහසුකම් සහිත, ජීවත් වීමට හිතකර පරිසරයකින් යුත්, අධ්‍යාපනික හා විනෝදාස්වාද පහසුකම්ද නොඅඩුව පවතින නගරයකි. එමෙන්ම එහි සිට ඉතාමත් ඉක්මනින් සහ පහසුවෙන් කොළඹ නගරය වෙත ළඟා විය හැකි වේ. ධර්මපාල විද්‍යාලය, මහරගම නගරය සහ අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරුව ඇතුළු ස්ථාන රැසකට නුදුරින් Skye Blossom Kottawa පිහිටා ඇත.
Skye Blossom Kottawa යනු මුල්ම වරට නිවසක් මිලදී ගන්නා කෙනෙකුට මෙන්ම පළපුරුදු ආයෝජකයෙකුට වුවද සුවිශේෂී නිවාස ව්‍යාපෘතියකින්, ක්‍රමයෙන් ඉහළ යන වටිනාකමකින් යුත් නිවසක් මිලදී ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවකි.
වැඩිදුර තොරතුරු සඳහා 0716 686 686 අමතන්න. නැතිනම් www.primelands.lk වෙත පිවිසෙන්න.