December 26, 2024
අවු. 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීගය සමඟ ‘ප්‍රීමා’ ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට් පරපුර බලගන්වයි
පුවත්

අවු. 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීගය සමඟ ‘ප්‍රීමා’ ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට් පරපුර බලගන්වයි

Nov 19, 2024

කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණ යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුග 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් (SLYL) 2024 තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමට ප්‍රීමා ශ්‍රී ලංකා සමූහයල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ යළිත් වතාවක් අත්වැල් බැඳගනියිග කොළඹ වෙළෙඳසේවා ක්‍රිකට් සංගමයේ පැවති මාධ්‍ය හමුවකදී දෙපාර්ශ්වය අතර වූ ගිවිසුම පිළිබඳව නිවේදනය කර සිටියේය.

2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රීමා සමූහයල ප්‍රීමා කුසලාන අවුග 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් හෙවත් ”U15 SLYL –– 2024” තරගාවලියේ සාඩම්බර නිල සබඳකරු ලෙසින් කටයුතු කරන අතර මේ හරහා දහස් ගණනක් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය දිස්ත්‍රික්ක සහ පළාත් නියෝජනය කිරීමේ මහඟු අවස්ථාව උදා වී ඇතග එදා මෙන්ම අදද ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ ක්‍රීඩකයින් බොහොමයක් මෙම තරගාවලිය නිසා හඳුනාගත් අය වීම සුවිශේෂීය.

නොවැම්බර් 21 වනදා සිට ‘U15 SLYL‘ පන්දුවාර 50 තරගාවලිය කොළඹ ස්ථාන කිහිපයකදී ආරම්භ වනු ඇතග කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයල කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයල තර්ස්ටන් විදුහල් සහ රාජකීය විදුහල් ක්‍රීඩාංගණ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ වෙති.

මේ සඳහා පළාත් කණ්ඩායම් පහක් තරග වදින අතර කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර එම කණ්ඩායම් වෙතිග මෙම තරගාවලියේ අවසන් පූර්ව තරග නොවැම්බර් මස 28 වනදා සහ අවසන් මහා තරගය නොවැම්බර් මස 30 වැනිදාට යෙදී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ, ”මෙය අපගේ වාර්ෂික සංවර්ධන දින දර්ශනයේ ඉතා වැදගත් තරගාවලියක් වන අතර අපගේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අනාගත පරපුර පෝෂණය කිරීම මෙහි අරමුණයි. මේ සඳහා ප්‍රීමා සමූහයේ අඛණ්ඩ කැපවීම අප ඉතා අගය කොට සළකනවා” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *