September 12, 2025
Phoenix සමාගම එක්සත් ජනපදයේ Summit Awardsහිදී සම්මාන තුනක් දිනයි
පුවත්

Phoenix සමාගම එක්සත් ජනපදයේ Summit Awardsහිදී සම්මාන තුනක් දිනයි

Jan 7, 2024

අමෙරිකා එක්සත් ජනපදයේ Summit Awards සම්මාන උළෙලේදී ප්‍රධාන අංශ තුනක් යටතේ සම්මාන තුනක් දිනා ගැනීමට Phoenix  සමාගමට පසු ගිය දා හැකි විය. මෙම සම්මාන තුන දිනා ගැනීම සමඟ සැබෑ ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Phoenix ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂ ජයග්‍රහණයක් සනිටුහන් කර තිබේ.

සම්මාන උළෙලේදී Phoenix සමාගම දිනූ සම්මාන මෙසේය. රන් සම්මානය – හොඳම රූපවාහිනී වෙළෙඳ දැන්වීම: විශිෂ්ටත්වය කරා යන ගමන් මගේ නව කඩයිමක් සනිටුහන් කරමින් ප්‍රේක්ෂකයන් තුළ බලපෑම් සහගත හැඟීමක් ඇති වන ආකාරයේ දෘශ්‍ය කතාන්දර නිර්මාණය කිරීම වෙනුවෙන් Phoenix  සමාගම මෙම රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ලෝකඩ සම්මානය – හොඳම එළිමහන් ප්‍රචාරණය: සන්නිවේදන ක්ෂේත්‍රයේ නව්‍යකරණ හඳුනා ගනිමින් එළිමහන් අවකාශවල සිදු කරන ප්‍රචාරණ වැඩසටහන් හරහා පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට Phoenix සමාගම සතු හැකියාව අගයමින් මෙම සම්මානය පිරිනමා තිබේ. ලෝකඩ සම්මානය – හොඳම ආයතනික වීඩියෝ පටය: සිය සන්නාමය සහ දැක්ම සිත් ගන්නා වීඩියෝවක් තුළින් පාරිභෝගිකයන් ඇතුළු ප්‍රජාව වෙත ගෙන ඒම වෙනුවෙන් Phoenix සමාගම මෙම සම්මානය දිනා ගත්තේය. එක්සත් ජනපදයේ Summit Awards සම්මාන උළෙලේදී මෙම සම්මාන දිනා ගැනීමට හැකි වීම තුළින් ගෝලීය මට්ටමින් තරගකාරී සන්නාමයක් බවට පත් වීමට Phoenix සමාගම සතු හැකියාව පිළිබිඹු වේ. මෙම ජයග්‍රහණය හරහා එම ආයතනයේ කාර්ය මණ්ඩලය සතු නිර්මාණශීලී බව සහ විශිෂ්ටත්වය සඳහා වන කැපවීම නිරූපණය වේ. නව්‍යකරණය සහ ගෝලීය වශයෙන් වන පිළිගැනීමක් කරා යන ගමනේදී ශක්තියක් වෙමින් ඔවුන් සමඟ රැඳී සිටින ගනුදෙනුකරුවන්ට සහ විවිධ හවුල්කරුවන්ට මෙම ජයග්‍රහණය වෙනුවෙන් ස්තුතිය පළ කරන බව Phoenix සමාගම සඳහන් කළේය.

5 Comments

  • Hello! Do you know if they make any plugins to help with
    SEO? I’m trying to get my website to rank for some targeted keywords but I’m not seeing very good gains.
    If you know of any please share. Kudos! I saw similar article
    here: Eco wool

  • Your article helped me a lot, is there any more related content? Thanks!

  • Howdy! Do you know if they make any plugins to assist with Search Engine Optimization? I’m
    trying to get my site to rank for some targeted keywords
    but I’m not seeing very good gains. If you know of any
    please share. Thanks! You can read similar art here: Code of destiny

  • Hi there! Do you know if they make any plugins to help with Search
    Engine Optimization? I’m trying to get my blog to rank for
    some targeted keywords but I’m not seeing very good gains.
    If you know of any please share. Cheers! I saw similar article here: Coaching

  • Thanks for sharing. I read many of your blog posts, cool, your blog is very good.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close