August 15, 2025
Carmart මෙරටට ගෙන්වූ Peugeot 2025 මෝටර් රථ උත්සවාකාරයෙන් පාරිභෝගිකයන්ට භාරදෙයි
පුවත්

Carmart මෙරටට ගෙන්වූ Peugeot 2025 මෝටර් රථ උත්සවාකාරයෙන් පාරිභෝගිකයන්ට භාරදෙයි

Aug 6, 2025

Carmart පෞද්ගලික සමාගම මෙරටට ආනයනය කළ නවතම Peugeot මෝටර් රථ ඒවා ඇණැවුම් කළ පාරිභෝගිකයන්ට පසුගියදා උත්සවාකාරයෙන් භාර දෙන ලදී. ප්‍රංශ නිෂ්පාදනයේ විශිෂ්ටත්වය කැපී පෙනෙන සළකුණක් වන Peugeot මෝටර් රථ මෙරටට ආනයනය, බෙදා හැරීම සහ අලුත්වැඩියාව සඳහා බලය ලත් එකම නියෝජිතයා Carmart පෞද්ගලික සමාගම වේ. Peugeot මෝටර් රථ සඳහා මුලින් අත්තිකාරම් මුදල් ගෙවූ පාරිභෝගිකයන් පමණක් සහභාගී වූ උත්සව අවස්ථාවක් වූ එය මෝටර් රථ පිළිබඳව උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකු ඉතා උද්යෝගයෙන් බලාපොරොත්තු වූ Peugeot 2008, 3008 සහ5008 වර්ගයේ SUV රථ නිල වශයෙන් මෙරට වෙළෙඳපොළට නිකුත් වීම සනිටුහන් කිරීමකි. නිර්මාණශීලීත්වය, ආරක්ෂාව පිළිබඳ නවෝත්පාදන සහ විප්ලවීය ධාවන ගතිකත්ව යන සාධකවල එකතුවක් වන මෙම මෝටර් රථ සඳහා සුවිශාල ඉල්ලුමක් තිබේ. අති නවීන විශේෂාංගවලින් සහ තාක්ෂණයෙන් සපිරි මෙම මෝටර් රථ පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ ධාවන අත්දැකීමක් සැපැයීමට Peugeot සතු කැපවීම යළි තහවුරු කරයි.

Carmart සමාගමේ ඉහළ කළමනාකාරිත්වයේ සහභාගිත්වයෙන් කොළඹ 80 Clubහිදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු උත්සවයේදී නවතම මෝටර් රථ මිල දී ගත් පාරිභෝගිකයෝ උණුසුම් ලෙස පිළිගන්නා ලදහ. එහිදී අදහස් දක්වමින් Carmart සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යසේන්ද්‍ර අමරසිංහ මහතා මෙලෙස ප්‍රකාශ කළේය. “මෙය අපට වගේම Peugeot මෝටර් රථ මිල දී ගත් පාරිභෝගියන්ටත් ඉතා සාඩම්බර අවස්ථාවක්. ඔබට සැමදා මතකයේ රැඳෙන ජීවන අත්දැකීම් රැසක් ගෙන දෙන්න මෙම මෝටර් රථවලට හැකි වේවි.” දිනෙන් දින ඉහළ යන තරගකාරිත්වයක් සහිත මෙරට වාහන වෙළෙඳපොළ තුළ මෙම මෝටර් රථ මාදිලි සනිටුහන් කරන්නේ සුවිශේෂ පරිච්ඡේදයකි. Peugeot සමාගමේ වසර 215ක ප්‍රෞඩ උරුමය ඉදිරියට ගෙන යන අතර වසර 72ක ඉතිහාසයකට හිමිකම් කියන Carmart සමාගම දිවයින පුරා පාරිභෝගිකයන්ගේ විශ්වාසය ඉහළින්ම දිනා තිබේ. පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් උසස් තත්ත්වයේ සේවාවක් සපයන එම සමාගම ඉතා විශිෂ්ට ලෙස Peugeot සන්නාමය දේශීය වශයෙන් නියෝජනය කරයි.  ඉතා ඉහළ ඉල්ලුමක් සහිත මෙම මෝටර් රථ මිල දී ගැනීමට අදාළ වෙන් කරවා ගැනීම් මේ දිනවල කළ හැකිය. ‘අපේ කාලයේ සිංහයා’ යන විරුදාවලිය ලැබූ Peugeot විශ්වාසයේ, විශිෂ්ටත්වයේ සහ සුවිශේෂත්වයේ සංකේතයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close