July 27, 2025
My Emirates Pass වැඩසටහනින් දැන් වසර පුරාවට ම විශේෂ දීමනා 600කට අධික ප්‍රමාණයක්
පුවත්

My Emirates Pass වැඩසටහනින් දැන් වසර පුරාවට ම විශේෂ දීමනා 600කට අධික ප්‍රමාණයක්

Apr 8, 2025

එමිරේට්ස් වෙතින් ප්‍රථම වරට ‘My Emirates Pass’ වැඩසටහනේ ප්‍රතිලාභ වසර පුරාවටම ලබා දීමට තීරණය කර ඇති අතර එයින් එමිරේට්ස් ගුවන් මගීන්ට ඩුබායි හි සුවිශේෂී දීමනා 600කට අධික සංඛ්‍යාවක් පිරිනමනු ලබයි.

මෙම වසර පුරාවට ම ලබාගත හැකි මෙම දීමනා වලට අමතරව, එමිරේට්ස් වෙතින් ගිම්හාන සහ ශීත සෘතු සඳහා වෙනමම දීමනා හඳුන්වා දෙන අතර සංචාරකයින්ට ඔවුන්ගේ සංචාරයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට තවත් ක්‍රම ගුවන් සමාගම විසින් දියත් කර තිබේ.

ඩුබායි සිට, ඒ හරහා හෝ ඩුබායි දක්වා පියාසර කරන මගීන්ට, ඉහළම භෝජන අත්දැකීම්, ගෝලීය මට්ටමේ සාප්පු සවාරි අත්දැකීම්, ආකර්ෂණීය සංචාරක ස්ථාන සහ සුඛෝපභෝගී සම්බාහනාගාර සේවා යනාදිය සඳහා දැන්, වසර පුරාවටම වට්ටම් ලබාගත හැකිය.

අමතක නොවන මුළු පවුලේ චාරිකාවක්, යුවලකගේ විවේකී නිවාඩුවක්, නැතහොත් තම වික්‍රමාන්විත ගමන් ආදිය සඳහා My Emirates Pass පත සමඟින් ඩුබායි වෙත පැමිණෙන අයෙකුට  සෘතුව කුමක් වුවත් අද්විතීය අත්දැකීම් රාශියක් හිමි වනු ඇත. 

My Emirates Pass ප්‍රතිලාභ ලබා ගැනීම දැන් පෙරටත් වඩා පහසු වනු ඇත. මෙම ප්‍රතිලාභ භුක්ති විඳීමට මගීන් කළ යුත්තේ ඔවුන් සහභාගී වන ස්ථාන වලදී වලංගු හැඳුනුම්පතක් ද සමඟ තම භෞතික හෝ ඩිජිටල් එමිරේට්ස් බෝඩිං පාස්පත පෙන්වීම පමණි.

අන්තර්ජාලය හරහා සම්බන්ධ වී තම බෝඩිං පාස්පත එමිරේට්ස් යෙදුමට හෝ ඩිජිටල් පසුම්බියට ලබාගත් මගීන්, ගොඩබෑමට පෙර එහි ස්ක්‍රීන්ශොට්  ගෙන ළඟ තබා ගත යුතු බව ගුවන් සමාගම අවධාරණය කරයි. ගොඩබැසීමට පසුව එයට ප්‍රවේශ නොලැබී යා හැකි වීම එයට හේතුවයි.

එමිරේට්ස් දැනට කොළඹ සිට ඩුබායි දක්වා සතිපතා ගුවන් ගමන් 27ක් ක්‍රියාත්මක කරයි. වැඩිදුර විස්තර සඳහා emirates.com වෙත පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close