O2 Imports Exports & Distributors සමාගම Pinnacle සම්මාන දිනයි
O2 Imports Exports & Distributors සමාගම “The Most Outstanding Cafe Equipment and Beverage Manufacturing Company” ලෙස People’s Pinnacle සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ කෝපි හා තේ වෙන්ඩින් මැෂින් සහ බෙවරේජ් ප්‍රීමික්ස් නිෂ්පාදන ක්ෂේත්‍ර තුළ සමාගම ඉටු කර ඇති වැදගත් භූමිකාව පිළිබඳ ප්‍රශංසනීය පිළිගැනීමකි. O2 CAFE නම් ප්‍රමුඛ වෙළඳ නාමය යටතේ O2 Imports Exports & Distributors සමාගම උසස් තාක්ෂණය සහ ගුණාත්මකභාවයෙන් ඉහළ අමුද්‍රව්‍ය භාවිත කරමින් රසය සහ ප්‍රමිතිය සහතික කරමින් කෘතිම රස, වර්ණ හෝ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නොමැති තේ සහ කෝපි ප්‍රීමික්ස් නිෂ්පාදනය කරයි. සමාගමේ නිෂ්පාදන පෙළට Cafe, Tea, Hot Chocolate, Cardamom Tea, Cinnamon Tea, Chai Mix Tea, Mocha, Sugar Free Cafe, Sugar Free Tea, Ginger Plain Tea ඇතුළත් වේ. ස්වභාවික රසය සහ සමතුලිත සීනි සංයෝජනය කෙරෙහි අවධානය යොමු කරමින් නිෂ්පාදිත මෙම පාන වර්ග කාර්යාල සහ සෞඛ්‍යය පිළිබඳ සැළැකිලිමත් පාරිභෝගිකයන් අතර ජනප්‍රිය වී ඇත.
සමාගම දැඩි තත්ත්ව පාලන ක්‍රියාවලි අනුගමනය කරමින් සෑම නිෂ්පාදනයක්ම සම්පූර්ණ පරීක්ෂාවට ලක් කරමින් පාරිභෝගිකයන්ට පිරිසිදු සහ විශිෂ්ට ගුණාත්මකභාවයකින් යුත් නිෂ්පාදන සපයයි. O2 Imports Exports & Distributors සමාගම කාර්යාල, හෝටල්, ආපන ශාලා, කර්මාන්ත ශාලා සහ අනෙකුත් වාණිජ ස්ථාන සඳහා යෝග්‍ය වාණිජ මට්ටමේ කෝපි හා තේ වෙන්ඩින් මැෂින් ආනයනය හා සැපැයීමද සිදු කරයි. මෙම යන්ත්‍ර ඉහළ කාර්යක්ෂමතාව, බල ශක්තිය සුරැකීම, පහසු ස්ථාපනය, භාවිතයේ පහසුව, අඩු නඩත්තු වියදම, දිගු කාලීන සේවා ආයු කාලය යන කරුණුවලින් පරිපූර්ණ වේ. මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් සමාගමේ නියෝජිතයෝ පාරිභෝගිකයන්ට, ව්‍යාපාරික හවුල්කරුවන්ට සහ කාර්ය මණ්ඩලයට කෘතඥතාව පළ කළහ. මෙම සම්මානය සමාගමේ ගුණාත්මකභාවය, නවෝත්පාදන සහ වෙළඳපොළ නායකත්වය කරා ගමන් කිරීමේ දැඩි කැපවීම පිළිබඳ සාක්ෂියක් බව ඔවුහු සඳහන් කළහ.

