October 18, 2024
New Mawanella Medical Centre වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස Pinnacle සම්මාන දිනයි
පුවත්

New Mawanella Medical Centre වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස Pinnacle සම්මාන දිනයි

Feb 4, 2024

බටහිර වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් සේවා සපයන ප්‍රමුඛ පෙළේ වෛද්‍ය මධ්‍යස්ථානයක් වන New Mawanella Medical Centre, Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා (බටහිර වෛද්‍ය) සම්මානය දිනා ගත්තේය. MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ සම්මාන උළෙල ගාලුමුවදොර හෝටලයේදී පැවැත්වුණු අතර ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය කමල් ධර්මවංශ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ඊට අමතරව FirstLight සංවිධානය පිරිනමන Pride of the Nation සම්මානයෙන්ද කමල් ධර්මවංශ මහතා පසුගියදා පිදුම් ලැබීය.

වසර ගණනාවක් පුරා  ජනතාවට බටහිර වෛද්‍ය ප්‍රතිකාර සහ සේවා සපයන New Mawanella Medical Centre අංක 61, රඹුක්කන පාර, මාවනැල්ල ලිපිනයේ පිහිටා ඇත. බාහිර රෝගී අංශයට අමතරව එම ආයතනය අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ ඇදුම වැනි රෝගවලින් පෙළෙන රෝගීන් වෙනුවෙන් සායන පවත්වයි. කුඩා ශල්‍යකර්ම සිදු කිරීම සහ දියවැඩියාව නිසා ඇති වන තුවාල, කැපුම් තුවාල සහ දීර්ඝ කාලයක් පුරා සුව නොවන තුවාල සඳහා ප්‍රතිකාර කිරීම එම ආයතනය සපයන අනෙකුත් සේවා අතර වේ. New Mawanella Medical Centre නිහාරිකකරණය (Nebulization), බෝ නොවන රෝග වළක්වා ගැනීම පිළිබඳ උපදේශන සේවා පැවැත්වීම, ගෘහස්ථ වෛද්‍ය සේවා සහ වෛද්‍ය සහතික නිකුත් කිරීම ආදියද සිදු කරයි. New Mawanella Medical Centre සතුව නිසි පුහුණුවෙන් සහ අත්දැකීම්වලින් පරිපූර්ණ කාර්ය මණ්ඩලයක් සිටියි. 2022දීද Pinnacle Sri Lanka සම්මානයෙන් පිදුම් ලැබූ එම ආයතනය විවිධ ප්‍රදේශවල නොමිලේ වෛද්‍ය සායන පැවැත්වීම වැනි සමාජ සේවා ව්‍යාපෘතිද දියත් කරයි. “ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය සහ කාර්ය මණ්ඩලයේ කැපවීම නිසයි අපට මෙම සම්මානය ලැබුණේ. ජනතාව අප කෙරෙහි තබා ඇති අඛණ්ඩ විශ්වාසය සහ මෙවැනි ජයග්‍රහණ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා ගමන් කරන්න අපව දිරිමත් කරනවා.” වෛද්‍ය ධර්මවංශ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *