September 16, 2024
NDB බැංකුව “ඩිජිටල් ට‍්‍රස්ට් සම්මාන 2024” උළලේදී දේශීය බැංකු කාණ්ඩය යටතේ වසරේ තාක්ෂණික අවදානම් වලට හොඳින් ඔරොත්තු දීමේ හැකියාව ඇති ආයතනය ලෙස සම්මානය දිනා ගනියි
පුවත්

NDB බැංකුව “ඩිජිටල් ට‍්‍රස්ට් සම්මාන 2024” උළලේදී දේශීය බැංකු කාණ්ඩය යටතේ වසරේ තාක්ෂණික අවදානම් වලට හොඳින් ඔරොත්තු දීමේ හැකියාව ඇති ආයතනය ලෙස සම්මානය දිනා ගනියි

Aug 31, 2024

ISACA (Information systems Audi and control Association) විසින් සංවිධානය කරන ලද කීර්තිමත් “ඩිජිටල් ට‍්‍රස්ට් සම්මාන 2024” උළෙල (Digital Trust Awards) හිදී දේශීය බැංකු කාණ්ඩය යටතේ 2024 වර්ෂයේ, තාක්ෂණික අවදානම් වලට හොඳින් ඔරොත්තු දීමේ හැකියාව ඇති ආයතනය (Technology Resilient Company of the Year 2024) ලෙස NDB බැංකුව සම්මානයට පාත‍්‍ර විය. ISACA යනු තොරතුරු තාක්ෂණ පාලනය සඳහා කැප වූ කීර්තිමත් ජාත්‍යාන්තර වෘත්තීය සංගමයකි. තොරතුරු සුරක්ෂිතතාවයේ සුවිශේෂී කාර්ය සාධනයන් ප‍්‍රදර්ශනය කරන සංවිධාන ඇඟයීමට අරමුණු කර ගෙන ISACA හි ශ‍්‍රී ලංකා ආයතනය විසින් ,ඩිජිටල් ට‍්‍රස්ට් සම්මාන උළෙල , ආරම්භ කරන ලදී. එහිදී බැංකු අංශයේ ජයග‍්‍රාහකයා ලෙස NDB බැංකුව තේරී පත් විය. වඩාත් සුරක්ෂිත බැංකු හවුල්කරුවකු ලෙස NDB බැංකුව පිළිබඳ පාරිභෝගිකයන් තුළ ඇති විශ්වාසය මෙම සම්මානය මඟින් තව දුරටත් සහතික කරමින් ඩිජිටල් ක්ෂේත‍්‍රයේ වඩාත් විශ්වාසනීය බැංකු සහකරු ලෙස NDB බැංකුවෙහි ස්ථාවරය තහවුරු කරන ලදී.

තොරතුරු හා සන්නිවේදන ක්ෂේත‍්‍රයේ නීතී පිළිබඳ පුරෝගාමියකු වන ජයන්ත ප‍්‍රනාන්දු මහතා ඇතුලූ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගෙන් සැදුම්ලත් ගෞරවනීය විනිශ්චය මඩුල්ල විසින් NDB බැංකුව ජයග‍්‍රාහකයා ලෙස තෝරාපත් කරගන්නා ලද්දේ දිනෙන් දින පරිණාමය වන තර්ජනයන්ට එරෙහිව NDB බැංකුවේ පවතින කැපී පෙනෙන ආරක්ෂණ ක‍්‍රියා මාර්ගයන් සහ නවෝත්පාදන උපාය මාර්ගයන් ඇගයීමට ලක් කරමිනි.

විනිශ්චය සැසියේදී ප‍්‍රධාන ශූරතාව සඳහා තරඟ වදින NDB බැංකුවේ ජයග‍්‍රාහී කණ්ඩායමට රසික සම්පත්ගේ නායකත්වය යටතේ පසිඳු බණ්ඩාර, කල්හාරි ගමගේ, රනිත් ධර්මරත්න සහ ඩිල්ෂාන් ලංකාතිලක ඇතුළත් විය.

NDB බැංකුව තොරතුරු තාක්ෂණ ආරක්ෂණයන් පිළිබඳ විශිෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කියන අතර, මෑත ඉතිහාසයේ ආරක්ෂණයන් සඳහා සම්මාන ගණනාවක් දිනා ඇත. NDB බැංකුව තොරතුරු ආරක්ෂණ කළමණාකරන පද්ධතිය (Information Security Management System)  සඳහා නවතම ISO 270001:2022 සහතිකය ලබාගත් ලංකාවේ පළමුවෙනි බැංකුව වන අතර, ව්‍යාපාර අඛණ්ඩතා කළමණාකරන පද්ධතිය  (Business Contunity Management System – BCMS)  සඳහා ISO 23301 සහතිකය ද ලබා ගත් ලංකාවේ එකම බැංකුව ද NDB බැංකුව වේ. මීට අමතරව පසුගිය වසරේ පැවති National Best Quality Software Awards (NBQSA) සම්මාන උළෙලේදී බැංකුවේ තොරතුරු ආරක්ෂණ වැඩසටහන් කළමණාකරණය (information security program) කළ හැකි බැංකුව විසින්ම ගොඩනගන ලද ආරක්ෂණ යෙදවුම් 360 සඳහා ද NDB බැංකුව ඇගයීමට ලක් විය.

මේ පිළිබඳ අදහස් දක්වමින් NDB බැංකුවේ තොරතුරු තාක්‍ෂණය ආරක්ෂණ ප‍්‍රධානී රසික සම්පත් මහතා ප‍්‍රකාශ කළේ “අප ක්ෂේත‍්‍රයේ විශිෂ්ඨයන් සමඟ හවුල් වී වෙළෙඳපලෙහි පවතින උසස්ම තත්ත්වයෙන් යුතු ආරක්ෂණ විසඳුම් ලබා ගන්නා බවයි. මෙම සන්ධිස්ථානයන් සාක්ෂාත් කර ගැනීම සඳහා සුදුසු පුද්ගලයන් තෝරා ගනිමින් නවෝත්පාදනයන් සමඟ ඔවුන් සම්මිශ‍්‍රණය කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවත්,. ආරක්ෂණය පිළිබඳ අපගේ කළමණාකරනයේ සහ නායකත්වයේ ගැඹුරු අවබෝධය තොරතුරු තාක්ෂණ ආරක්ෂණයේ සියලූම සංධිස්ථානයන් කරා ළඟා වීමට මහ`ගු පිටුවහලක් ලබා දෙන බවත්, එපමණක් නොව සෑමවිටම සාර්ථකත්වය සඳහා කැප වන දක්ෂ කණ්ඩායමක් අප සතුව පවතින බවත් ” එතුමා ප‍්‍රකාශ කර සිටියේය.

තොරතුරු තාක්ෂණ ආරක්ෂණය පිළිබඳ NDB බැංකුවේ මෙම ජයග‍්‍රහණය සම්මාන සහතික වලින් ඔබ්බට විහිදෙන අතර, සයිබර් ආරක්ෂාව සඳහා බැංකුවේ ඇති අඛණ්ඩ අධීක්ෂණයල නිතිපතා පවත්වන විගණනයන් සහ ක‍්‍රියාකාරී අවදානම් කළමණාකරනය යන සාධක ඇතුලත් වේ. උසස් තත්ත්වයේ ආරක්ෂණ විසඳුම් ඒකාබද්ධ කිරීම සහ සුපරික්ෂාකාරී සංස්කෘතියක් බිහි කිරීම මඟින් තොරතුරු තාක්ෂණ ඩිජිටල් යටිතල පහසුකම් ශක්තිමත්ව සහ ඔරොත්තු දෙන බවට NDB බැංකුව සහතික කරයි.

ඉදිරිය දෙස බලන කළ NDB බැංකුව තොරතුරු තාක්ෂණ ආරක්ෂණය පිළිබඳ සිය විශිෂ්ඨත්වයේ ගමන් මඟ අඛණ්ඩව පවත්වාගෙන යෑමට සැදී පැහැදී සිටියි. සිය ආරක්ෂණ නියාමනයන් තව දුරටත් වැඩි දියුණු කිරීම, නැගී එන නව තාක්ෂණයන් සඳහා ආයෝජනය කිරීම සහ අඛණ්ඩව වැඩි දියුණු කිරීම සඳහා NDB බැංකුව ඇප කැප වී සිටියි.

අවසාන වශයෙන් ISACA විසින් ප‍්‍රධානය කරනු ලැබූ වසරේ තාක්‍ෂණික වශයෙන් ඔරොත්තු දීමේ හැකියාව ඇති ආයතනය සඳහා NDB බැංකුව ලද මෙම සම්මානය බැංකුවේ තොරතුරු තාක්ෂණ සුරක්ෂිතතාවය වෙනුවෙන් විශිෂ්ඨත්වය කරා යන ගමන් මාර්ගයේ වැදගත් සංධිස්ථානයකි. මෙම ගෞරවනීය පිළිගැනීම NDB බැංකුවේ ජයග‍්‍රහණය සැමරීම පමණක් නොව විශ්වාසනීය සහ සුරක්ෂිත බැංකු සහකරුවකු ලෙස සිය ස්ථාවරය තර කර සිටියි. NDB බැංකුව සිය සයිබර් ආරක්ෂණ නියාමනයන් වැඩි දියුණු කිරීම මඟින් සිය පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සහ විශ්වාසය සහතික කරන අතර බැංකු ක්ෂේත‍්‍රයේ නව මිණුම් ලකුණු පිහිටුවීමට කැප වී සිටියි.

NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම ලැයිස්තුගත පෞද්ගලික වාණිජ බැංකුව වේ.  Asian Banking & finance Retail Banking Awards 2023 සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ‍්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්, Asiamoney මඟින් 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB බැංකුව නම් කරන ලද අතර, LMD ශ‍්‍රී ලංකා ප‍්‍රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත‍්‍ර වූ ආයතනය ලෙසත් නම් කරන ලදී.  ඇමෙරිකා එක්සත් ජනපදයේ Global Finance සහ Euromoney ආයතන මඟින් සංවිධානය කල වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන්වල දී NDB බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත‍්‍රවිය. මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place to Work විසින් NDB  බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කරන ලදී. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ තුළ අද්විතීය සේවාවන් සපයන NDB සමූහය ප‍්‍රාග්ධන වෙළඳපොළ ආශ‍්‍රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *