September 16, 2024
NDB බැංකුව SLITAD පීපල් ඩිවලොප්මන්ට් සම්මාන උළෙලේ දී රන් සම්මානයෙන් පිදුම් ලබයි
පුවත්

NDB බැංකුව SLITAD පීපල් ඩිවලොප්මන්ට් සම්මාන උළෙලේ දී රන් සම්මානයෙන් පිදුම් ලබයි

Aug 31, 2024

SLITAD පීපල් ඩිවලොප්මන්ට් අවෝර්ඞ්ස් 2023/2024 (People Development Awards 2023/2024) හිදී රන් සම්මානයකින් පිදුම් ලැබීමේ සුවිශේෂී ජයග‍්‍රහණය පිළිබඳව NDB බැංකුව සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි. මෙම ගෞරවාන්විත ජයග‍්‍රහණය NDB බැංකුවේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, නව්‍යකරණය වූ පුහුණු කිරීමේ ක‍්‍රියාකාරකම් හරහා තම කණ්ඩායම සවිබල ගැන්වීම වෙනුවෙන් ඔවුන්ගේ ඇති කැපවීම මෙමඟින් විදහා දක්වයි.

ශ‍්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනය (SLITAD) විසින් 2023/2024 වසර සඳහා වන කීර්තිමත් පීපල් ඩිවලොප්මන්ට් අවෝර්ඞ්ස් සම්මාන උළෙලේ 5 වැනි අදියර පුද්ගල සංවර්ධනයේ විශිෂ්ටත්වය විදහා දක්වන ආයතන ඇගයීම සඳහා දියත් කරන ලදී මෙම සම්මාන හරහා ගෝලීය වශයෙන් සහ කලාපීය වශයෙන් යහපත් භාවිතයන් සමඟ සමපාත වෙමින්, සමස්ථ මානව සම්පත් සංවර්ධන (HRD) ක‍්‍රියාකාරකම් සඳහා උපායශීලීව සහ සැලසුම් සහගත ලෙස ආයෝජනය කරනු ලබන ආයතන ඉස්මතු කිරීම අරමුණු කරයි.

මෙම සම්මන උළෙලේ දී රන් සම්මානයකින් පිදුම් ලැබීම සිය සේවක මණ්ඩලයේ කුසලතාවයන් සහ හැකියාවන් ඔප් නැංවීම උදෙසා NDB බැංකුව විසින් සිදුකරනු ලබන ආයෝජනය වෙනුවෙන් හිමිවූ සුවිශේෂී ඇගයීමකි. සිය කණ්ඩායමේ සාමාජිකයන්ගේ යහපැවැත්ම සහ සංවර්ධන සඳහා ප‍්‍රමුඛත්වය ලබා දීමෙන් NDB බැංකුව සිය සේවකයන්ගේ වෘත්තීය සංවර්ධනය ඉහල නංවන අතර එමඟින් ආයතනයේ සමස්ත සාර්ථකත්වය වෙනුවෙන් ද දායකත්වය සපයයි.

NDB බැංකුව මානව සම්පත් සංවර්ධන ක‍්‍රියාකාරකම් මඟින් අඛණ්ඩ පුහුණු වීම් සහ පුද්ගල සංවර්ධන පරිසරයක් නිර්මාණය කරයි සුවිශේෂීව සකස් කරන ලද පුහුණු වැඩසටහන් මඟින් සේවකයින්ගේ ඇති විවිධාකාර වෘත්තීයන් සඳහා අවශ්‍ය වන පුහුණු හා සංවර්ධන අවශ්‍යතා සපුරාලන අතර, කලින් කලට වෙනස් වන සහ යාවත්කාලීන වන ක්ෂේත‍්‍රයක් වන බැංකුකරණ ක්ෂේත‍්‍රයේදී අවශ්‍ය වන හැකියාවන් වලින් ඔවුන්ව සන්නද්ධ කරවයි මෙම ක‍්‍රියාකාරකම් හරහා, අතිදක්ෂ සහ ඕනෑම අනාගත අභියෝගයකට සාර්ථකව මුහුණ දිය හැකි  මානව සම්පතක් බිහි කිරීම NDB බැංකුවේ අරමුණයි.

NDB බැංකුවේ මානව සම්පත් අංශයේ උප සභාපති ලසන්ත දසනායක මහතා මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ, SLITAD පීපල් අවෝර්ඞ්ස් සම්මාන උළෙලේදී රන් සම්මානයක් දිනා ගැනීම NDB බැංකුව සඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් වන බවයි. එය අප සේවක මණ්ඩලයේ දක්ෂතා පෝෂණය කිරීමට සහ අපගේ කණ්ඩායම සවිබල ගැන්වීමට අපගේ ඇති කැපවීම පිළිබිඹු කරනවා. විශිෂ්ටත්වය සඳහා අවශ්‍ය කුසලතා සහ දැනුම ලබාදීම වෙනුවෙන් අප දරන ප‍්‍රයත්නයන් මෙලෙස පිළිගැනීමට ලක්වීම මඟින් අපගේ සාර්ථකත්වය පිළිබිඹු කරන අතර අප  මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් කරනු ලබන ආයෝජනය නොකඩවා ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවට එම මහතා තව දුරටත් ප‍්‍රකාශ කල සිටියේය.

පුද්ගල සංවර්ධනය, අදාළ ආයතනයේ වර්ධනය සහ එමඟින් සමස්ථ රටේම සංවර්ධනය වෙනුවෙන් දැක්වූ දායකත්වය අගයමින් එම ආයතන ප්ලැටිනම්, රන්, රිදී සහ ලෝකඩ වශයෙන් සම්මාන වලින් SLITAD සම්මාන උළෙලේදී සම්මාන වලට පාත‍්‍ර විය.

මෙම සුවිශේෂී ජයග‍්‍රහණය මඟින් NDB බැංකුව, බැංකු  ක්ෂේත‍්‍රය තුල ප‍්‍රමුඛයෙකු ලෙස වඩා ධනාත්මක සහ සවිමත් වැඩ පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා ඔවුන්ගේ ඇති කැපවීම නැවතත් තහවුරු කරයි.

NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම ලැයිස්තුගත පෞද්ගලික වාණිජ බැංකුව වේ.  Asian Banking & finance Retail Banking Awards 2023 සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ‍්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්, Asiamoney මඟින් 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB බැංකුව නම් කරන ලද අතර, LMD ශ‍්‍රී ලංකා ප‍්‍රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත‍්‍ර වූ ආයතනය ලෙසත් නම් කරන ලදී.  ඇමෙරිකා එක්සත් ජනපදයේ Global Finance සහ Euromoney ආයතන මඟින් සංවිධානය කල වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන්වල දී NDB බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත‍්‍රවිය. මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place to Work විසින් NDB  බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කරන ලදී. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ තුළ අද්විතීය සේවාවන් සපයන NDB සමූහය ප‍්‍රාග්ධන වෙළඳපොළ ආශ‍්‍රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *