NDB ෂරීක් 9 වන IFFSA 2024 සම්මාන උළෙලේ දී සම්මාන රැසකින් පිදුම් ලබයි
NDB බැංකුවේ ඉස්ලාමීය බැංකු අංශය වන NDB ෂරීක්, පසුගියදා කොළඹදී පැවති ගෞරවනීය 9 වැනි දකුණු ආසියානු ඉස්ලාමීය මූල්‍ය සංසදයේ (IFFSA) සම්මාන උළෙලේදී සම්මාන රැසක් දිනා ගනිමින් ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය අංශයේ ප්‍රමුඛයා බවට යළිත් තහවුරු කර ඇත.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ආහාර නිෂ්පාදකයෙකු සමඟ කළ සේවය වෙනුවෙන් NDB බැංකුව ‘වසරේ ඉස්ලාමික බැංකු ඒකකය’ (Islamic Banking Window/Unit of the Year) සඳහා රන් සම්මානය සහ ‘ඞීල් ඔෆ් ද ඉයර්’ (Deal of the Year) කාණ්ඩය යටතේ තවත් රන් සම්මානයක් දිනා ගත්තේය. මෙම ආයතනික සම්මානවලට අමතරව, ෆාමී රහීම් ‘වසරේ නැගී එන තරුව’ සඳහා වන රිදී සම්මානය සමඟින් පිළිගැනීමට ලක්විය.
දකුණු ආසියානු කලාපයේ ඉස්ලාමීය බැංකුකරණය සහ මූල්‍ය කටයුතු සඳහා වඩාත් කීර්තිමත් වේදිකාවක් ලෙස පිළිගැනෙන IFFSA සම්මාන උළෙල, දකුණු ආසියාව පුරා කර්මාන්ත ක්ෂේත්රයේ නියුතු පුද්ගලයන්ගේ සහ සංවිධානවල දායකත්වය ඇඟයීම සිදු කරයි. මෙම වසරේ සම්මාන ප්‍රදානෝත්සවයේ සුවිශේෂී කාර්යය සාධනය, නවෝත්පාදනයන්, තාක්ෂණික ඒකාබද්ධතාවය සහ සමාජ වගකීම් තම මෙහෙයුම් කටයුතු හරහා විදහා දක්වන ආයතන ඉස්මතු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී.
මෑතකදී සිය 10 වැනි සංවත්සරය සැමරූ NDB ෂරීක් සඳහා මෙම පිළිගැනීම සිදු වන්නේ ඉතා වැදගත් වසරක් තුළදීය. පසුගිය දශකය පුරාවට NDB ෂරීක් විසින් විවිධ වූ ෂාරියා මූලධර්මවලට අනුකූල මූල්‍ය විසඳුම් සහ සේවාවන් අඛණ්ඩව ලබා දී ඇති අතර එමඟින් පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට සමත්ව තිබේ.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ ඉස්ලාමීය බැංකු අංශයේ ප්‍රධානී බහාර් නයන් ප්‍රකාශ කළේ, ‘‘මෙම සම්මාන මඟින් ෂාරියා මූලධර්මවලට අනුකූල වන සදාචාරාත්මක සහ නව්‍ය මූල්‍ය විසඳුම් සැපයීම සඳහා NDB ෂරීක් හි නොසැලෙන කැපවීම පිළිබිඹු කරනවා. අපි දශකයක සේවා කාලයක් සමරන මේ මොහොතේ, අනාගතය සඳහා විකල්ප බැංකු විසඳුම් සඳහා අපගේ ගනුදෙනුකරුවන් යොමු කරමින් කර්මාන්තයේ ධනාත්මක වෙනසක් ඇති කිරීමට අපි උනන්දු වෙමු’‘ යනුවෙනි.
IFFSA සම්මාන උළෙලේදී NDB ෂරීක් හි සාර්ථකත්වය ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපයේ ඉස්ලාමීය බැංකු ක්ෂේත්රය තුළ එහි ප්රමුඛ කාර්යභාරය ඉස්මතු කරයි. NDB බැංකුව අඛණ්ඩව නව්‍යකරණයන් සහ වර්ධනය වෙමින් පවතින බැවින්, එමඟින් සේවය සැලසෙන ප්රජාවන්ගේ ආර්ථික හා සමාජීය යහපැවැත්මට දායක වන අතරම, අති නවීන, ෂාරියා-අනුකූල මූල්‍ය විසඳුම් ලබා දීමේ මෙහෙවරෙහි නොසැලී සිටියි.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asian Banking and Finance 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ වසරේ දේශීය ව්‍යාපෘති මූල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.