NDB ෂරීක් ඉස්ලාමීය බැංකුව දස වසරක විශිෂ්ඨත්වය සමරයි
NDB බැංකුව සිය ඉස්ලාමීය බැංකු අංශය වන NDB ෂරීක් හරහා ශ්‍රී ලාංකිකයින් වෙත ෂරියා-අනුකූල බැංකුකරණය සහ මූල්‍ය විසඳුම් ලබා දෙමින් විශිෂ්ටත්වයෙන් යුතු දස වසරක සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ඉස්ලාමීය බැංකු ක්ෂේත්රයේ මෙම සුවිශේෂී සන්ධිස්ථානයට ළඟා වූ ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන කිහිපය අතරට NDB බැංකුවට ඇතුළත් වීමට ලැබීම නිසාවෙන් මෙම ජයග්‍රහණය සුවිශේෂී වේ.
දශකයකට පෙර ආරම්භ කරන ලද NDB ෂරීක් ඉස්ලාමීය බැංකුකරණය, ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසි සහ ෂරියා මූලධර්මවලට අනුකූලව විකල්ප බැංකු ක්‍රමයක් පිරිනැමීමේ සිය මෙහෙවර මනා ලෙස සිදු කරන ලදී. පුළුල් වූ නිෂ්පාදන සහ සේවා පරාසයක සහය ඇතිව, NDB ෂරීක් බැංකුව, පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා විශ්වාසදායක හවුල්කරුවෙකු බවට පත්ව ඇත.
ෂරියා-අනුකූල දීමනාවල පරාසය
NDB ෂරීක් ඉස්ලාමීය බැංකුකරණය, විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති පුළුල් මූල්‍ය විසඳුම් සමඟින් ගනුදෙනුකරුවන් සවිබල ගන්වයි. තරඟකාරී මාසික සහ කල්පිරීමේ ලාභ ගෙවීම් ලබා දෙන Mudarabah ඉතුරුම් සහ කාලීන ආයෝජන වල සිට Wakala කාලීන ආයෝජනයන් දක්වා NDB ෂරීක් විසින් නව්‍ය හා පාරිභෝගික කේන්ද්‍රීය සේවාවන් නිරතුරුව ලබා දේ.
කාරක ප්රාග්ධනය සඳහා Mudarabah මූල්‍යකරණය, ආයෝජන කළමනාකරණය සඳහා Wakala මූල්‍යකරණය, නිවාස මූල්‍යකරණය සඳහා Diminishing Musharakah සහ වාහන සහ යන්ත්‍ර සූත්‍ර සඳහා Ijarah ලීසිං යන විසඳුම්, එහි අද්විතීය නිෂ්පාදන කට්ටලයට ඇතුළත් වේ.
මෙම පිරිනැමීම්, විද්‍යුත් ප්‍රකාශ, ජංගම සහ අන්තර්ජාල බැංකුකරණය, හර කාඞ්පත් සහ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් සඳහා දොරකඩ බැංකුකරණය වැනි විශේෂාංගවලින් සමන්විත වේ. සෑම නිෂ්පාදනයක්ම ෂරියා මාර්ගෝපදේශ පිළිපදින අතරම, සැමට සදාචාරාත්මක සහ විනිවිද වූ බැංකුකරණයක් සහතික කරන අතරම මූල්‍ය වර්ධනයට අනුගත වන පරිදි සකස් කර ඇත.
කැපී පෙනෙන ජයග්‍රහණයන්ගෙන් සපිරි වසරක්
NDB ෂරීක් බැංකුව, තම සේවා කාලයේ දශකයක් සමරන විට, 2024 වසර ඔවුන්ට තවත් සුවිශේෂී වසරක් ලෙස සැලකිය හැකියි. මෑතකදී අවසන් වූ SLBFI සම්මාන 2024 (ශ්‍රී ලාංකේය ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය කර්මාන්ත සම්මාන) හිදී NDB ඉස්ලාමීය බැංකුවල ක්ෂේත්රයේ ප්‍රමුඛයා ලෙස එහි ස්ථානය තහවුරු කරමින් ආකර්ෂණීය සම්මාන හයක් දිනා ගත්තේය.
මීට අමතරව, NDB ෂරීක් බැංකුව වසරේ ගනුදෙනුකරණය සඳහා වූ රන් සම්මානය අඛණ්ඩව දෙවන වසර සඳහාත් සහ වසරේ ඉස්ලාමීය බැංකු ඒකකය සඳහා වන රන් සම්මානයද ඇතුළුව, දකුණු ආසියාවේ ඉස්ලාමීය මූල්‍ය සංසදය වන IFFSA සම්මාන මඟින් පිරිනමන තවත් සම්මාන තුනක් හිමි කරගන්නා ලදී.
ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකුකරණයේ පුරෝගාමීයා ලෙස,
මෙම සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් NDB හි ඉස්ලාමීය බැංකු ප්‍රධානී බහාර් නයාන් කියා සිටියේ, NDB ෂරීක් හි සාර්ථකත්වයට දායක වූ ගනුදෙනුකරුවන්, පාර්ශවකරුවන් සහ ෂරියා අධීක්ෂණ මණ්ඩලය වෙත සිය කෘතඥතාව පළ කරන බවත්, ”මෙම සන්ධිස්ථානය ප්‍රජාවට සේවය කිරීම සඳහා අපගේ නොසැලෙන කැපවීම පිළිබිඹු කරන බවත්ය. ෂරියා-අනුකූල නව්‍ය විකල්ප මූල්‍ය විසඳුම් සමඟ, අපි මෙම ගමන අඛණ්ඩව කරගෙන යාමට බලාපොරොත්තු වන අතර, අපගේ ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීමට සහ ඉස්ලාමීය බැංකු කර්මාන්තයේ නව ජයග්රහණයන් හා ඉලක්කයන් පිහිටුවීමට කැපවන බවත් ඒ පිළිබඳ සාක්ෂියක් ලෙස අපගේ සන්නාම පාඨය වන Together We grow වැලඳ ගැනීමට ලැබීම ගැන අපි ආඩම්බර වන බවත් වැඩිදුර පවසා සිටියේය.
NDB ෂරීක් ඉස්ලාමීය බැංකුකරණය තුළින් අනාගත ශ්‍රී ලංකා අර්ථිකයට දැක්මක්
NDB ෂරීක් ඉස්ලාමීය බැංකුකරණය, අනාගත දැක්ම ලෙස, සදාචාරාත්මක මූල්‍ය ක්‍රියාවලීන් හා පරිචයන් තුළින් ශ්‍රී ලාංකිකයන් සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කරයි. ස්ථාන 113 කින් සමන්විත පුළුල් ශාඛා ජාලය සහ ශක්තිමත් ඩිජිටල් යටිතල පහසුකම් සමඟින්, NDB ෂරීක්, ඉදිරි වසර සඳහා ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකු ක්ෂේත්රයේ මූල්‍ය ඇතුළත් කිරීම් සහ වර්ධනයක් ඇති කිරීමට සූදානමින් සිටී.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asia Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ වසරේ දේශීය ව්‍යාපෘති මුල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මුල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.
1 Comment
BWER sets the standard for weighbridge excellence in Iraq, offering innovative, reliable systems and dedicated support to ensure optimal performance and client satisfaction.