
NDB ලීසිං සමඟිින් රු. 69,999/- ක මාසික ලීසිං වාරිකයකට Perodua Axia G මෝටර් රථයක හිමිකරුවකු වන්න.
NDB ලීසිං වෙතින්, ශ‍්‍රී ලාංකිකයින්ට නවතම Perodua Axia G මෝටර් රථයක හිමිකරුවකු වීම සඳහා පහසුකම් සලසන අතර, දැරිය හැකි මිලකට වාහන හිමිකාරිත්වය ළඟා කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති විශේෂ ලීසිං දීමනාවක් ද සපයයි. ශ‍්‍රී ලංකාවේ Perodua Axia G මෝටර් රථයේ බලයලත් බෙදාහරින්නා වන යුනයිටඞ් මෝටර්ස් ලංකා පී.එල්.සී. සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන යුනිමෝ එන්ටර්ප‍්‍රයිසස් ලිමිටඞ් සමඟ ඇති කරගත් හවුල්කාරිත්වය හරහා සීමිත කාලයක් සඳහා මෙම සුවිශේෂී දීමනාව ලබා දෙයි. පාරිභෝගිකයින් හට රු. 69,999/- ක අවම මාසික වාරිකයකට මෙම මෝටර් රථය මිලදී ගත හැකි අතර, මෙම නවීන සහ විශ්වාසනීය මෝටර් රථය එදිනෙදා ජීවිතයට ගැලපෙන කදිම තේරීමකි.
මෙම විශේෂ දීමනාව පාසල් ගුරුවරුන් සහ උපකාරක සේවා සපයන්නන්ගේ සිට රාජ්‍ය අංශයේ සේවකයින්, පෞද්ගලික අංශයේ වෘත්තිකයන් සහ කුඩා ව්‍යාපාර හිමියන් දක්වා පුළුල් පරාසයක පාරිභෝගිකයන් සඳහා සකස් කර ඇත. NDB ලීසිං සේවාව එම වෘත්තිකයන් සිදුකරන කැපවීම හොඳින් හඳුනාගෙන ඇති අතර ප‍්‍රායෝගික සහ ලාභදායී මූල්‍ය විසඳුම් සමඟ ඔවුන්ගේ විවිධාකාරී අවශ්‍යතා සඳහා සහය වීමට ලැබීම පිළිබඳව ආඩම්බර වේ.
ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාව, භාවිතයේ පහසුව සහ ආකර්ෂණීය නිමැවුම සඳහා Perodua Axia G රථයේ කීර්ති නාමය එය පුද්ගලික හෝ වෘත්තීය භාවිතය සඳහා ස්මාර්ට් විකල්පයක් බවට පත්ව ඇත. NDB බැංකුවේ ඉක්මන් අනුමැතියන්, නම්‍යශීලී ගෙවීම් සැලසුම් සහ වඩාත් සරල ලියකියවිලි ක‍්‍රියාවලිය සමඟින්, විශ්වාසනීය ආනයනය සහ අලෙවියෙන් පසු සේවා, ගනුදෙනුකරුවන්ට ඉල්ලූම් කිරීමේ සිට මෝටර් රථය ලබාගැනීම දක්වා සහ එක් දිනක් තුළ නිවසට රිය රැගෙන යාම දක්වා සුමට ක‍්‍රියාවලියක් සහතික කර ඇත.
මෙම සුවිශේෂී දීමනාව ශ‍්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ වාහන සිහිනය සැබෑකර ගැනීමට උපකාර කිරීම සඳහා NDB ලීසිං හි අඛණ්ඩ කැපවීම පිළිබඳ තවත් එක් උදාහරණයකි. ඔබේ වාහනය අළුත් කිරීමේදී හෝ ඔබේ ව්‍යාපාරයට ආයෝජනයක් ලෙස නව වාහනයක් මිලදී ගැනීමේදී, විශ්වාසදායක මූල්‍ය මඟ පෙන්වීම සහ ගැලපෙන ලීසිං විකල්ප සමඟ ඔබේ ගමනට සහය වීමට NDB බැංකුව සෑම මොහොතකම සූදනමින් සිටියි.
මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබාගැනීමට හෝ අයදුම් කිරීම සඳහා ඔබට ලඟම ඇති NDB බැංකු ශාඛාවකට හෝ https://www.ndbbank.com/leasing වෙත පිවිසෙන්න.