NDB බැංකුව ඩිජිටල්කරණයේ පෙරමුණගනිමින් SLIM DIGIS 2.4හි දී සම්මාන රැසකින් පිදුම් ලබයි!
NDB බැංකුව ඔවුන්ගේ ඩිජිටල් අලෙවිකරණ විශිෂ්ටත්වය සඳහා වූ කැපවීම වෙනුවෙන් පසුගියදා පැවති SLIM DIGIS 2.4 සම්මාන උලෙළේදී සම්මාන තුනක් සමඟින් ඇගයීමට ලක්විය. ඩිජිටල් අලෙවිකරණ ක්ෂේ්ත්රය පුළුල් කිරීමට පමණක් නොව, ශ්‍රී ලංකාවේ බැංකුකරණ ක්ෂේත්රය තුළ ඩිජිටල් නව්‍යකරණයට නායකත්වය දීමට NDB බැංකුවේ ඇති කැපවීම මෙමඟින් ඉස්මතු කෙරෙයි.
මෙම වසරේ SLIM DIGIS 2.4 සම්මාන උළෙලේදී NDB බැංකුව විසින් ක්‍රියාත්මක කල ‘NDB ලීසිං, නොම්බර එකේ ලීසිං විසඳුම’ ප්‍රචාරණ වැඩසටහන සඳහා බැංකුකරණ / මූල්‍ය අංශයේ හොඳම ඩිජිටල් අලෙවිකරණ ප්‍රචාරණ වැඩසටහන සඳහා වන රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ප්‍රචාරණ වැඩසටහන මඟින් ප්‍රමුඛතම ලීසිං විසඳුම් සපයන්නා ලෙස NDB ලීසිං ස්ථානගත කරන ලදී. මෙම සම්මානය ආයෝජන මත ප්‍රථිලාභ උපරිම කිරීම සඳහා අලෙවිකරණ වියදම් වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ලෙස භාවිතා කිරීම වෙනුවෙන් NDB බැංකුව දරන කැපවීම පිළිබිඹු කරයි.
NDB බැංකුව 2024 වසර වෙනුවෙන් නිර්මාණය කළ දින දර්ශනය වන ‘NDB Talking Calendar’ සඳහා ඩිජිටල් අලෙවිකරණ කාණ්ඩයේ හොඳම ඩිජිටල් භාවිතය සඳහා වන ලෝකඩ පදක්කමින් පිදුම් ලැබීය. මෙම නව්‍යකරණ දින දර්ශනය වෙනුවෙන් සාම්ප්‍රදායික ප්රවේශයන්ගෙන් ඔබ්බට ක්‍රියාත්මක කළ ප්‍රචාරණ වැඩසටහන සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් පාරිභෝගික කේන්ද්‍රීය ඩිජිටල් මුලපිරීම් කෙරෙහි NDB බැංකුවේ ඇති අවධානය ප්‍රදර්ශණය කරන ලදී.
මෙයට අමතරව, NDB බැංකුව එහි ‘‘Banking Buddies’’ ව්‍යාපෘතිය සඳහා Creator/Influencer නිර්මාණ භාවිතය සඳහා කුසලතා සම්මානයක් ලබා ගත්තේය. මෙම නවතම වැඩසටහන ශ්‍රී ලංකාවේ බැංකුකරණ අංශය තුළ ප්‍රථම වතාවට බැංකුවේම කාර්යමණ්ඩල සාමාජිකයන් විසින් මෙහෙය වූ අතර එමඟින් ඔවුන් සමාජ මාධ්‍ය තුළ නිර්මාණකරුවන් ලෙස සම්බන්ධ වීය. එමඟින් ගනුදෙනුකරුවන්ට සහ පාරිභෝගිකයන්ට බැංකුව පිළිබඳව ඇති විශ්වාසය ඉහළ නංවන අතරම ඩිජිටල් අලෙවිකරණ අවකාශය තුළ අර්ථවත් සහ නිර්මාණාත්මක ලෙස, පුළුල් පේ්රක්ෂක පිරිසක් සමඟ සම්බන්ධ වීමට, බැංකුවේ සන්නාම තානාපතිවරුන් බවට පත්වීමට බැංකුවේම සේවකයින් උනන්දු කිරීමේ වටිනාකම මනාව හඳුනාගෙන ඇත.
මෙම සම්මාන මඟින් ඩිජිටල් අලෙවිකරණයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ ක්ෂේත්රය තුළ නව ප්රමිතීන් සැකසීම සඳහා NDB බැංකුවේ ඇති කැපවීම පෙන්නුම් කරයි. මෙම ජයග්‍රහණ NDB බැංකුවේ අලෙවිකරණ කණ්ඩායමේ නිර්මාණශීලී හැකියාවන් මෙන්ම බැංකුවේ අති නවීන ඩිජිටල්කරණ විසඳුම් සිය පාරිභෝගිකයන් වෙත ලබාදීම වෙනුවෙන් ඔවුන්ගේ උපායමාර්ගික මුලපිරීම් පිලිබඳව විදහා දක්වයි. NDB බැංකුව ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්රයේ පෙරමුණ ගැනීම පිළිබඳව ආඩම්බර වන අතර සිය පාරිභෝගිකයන් සඳහා ලබා දෙන සේවාවන් වැඩිදියුණු කිරීම සහ ඩිජිටල් සේවාවන් වල වර්ධනය සඳහා කැපවී සිටී.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහාවූ ෑමරදපදබැහ සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර ්ිස්බ ඊ්බනසබට ්බා ත්‍සබ්බජැ ඵ්ට්‘සබැ (සිංගප්පූරුව* 2024 සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ වසරේ දේශීය ව්‍යාපෘති මූල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම ලැයිස්තුගත පෞද්ගලික වාණිජ බැංකුව වේ. Asian Banking & finance Retail Banking Awards 2023 සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්, Asiamoney මඟින් 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB බැංකුව නම් කරන ලද අතර, LMD ශ්‍රී ලංකා ප්රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ ආයතනය ලෙසත් නම් කරන ලදී. ඇමෙරිකා එක්සත් ජනපදයේ Global Finance සහ Euromoney ආයතන මඟින් සංවිධානය කල වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන්වල දී NDB බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත්රවිය. මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place to Work විසින් NDB බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කරන ලදී. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොළ තුළ අද්විතීය සේවාවන් සපයන NDB සමූහය ප්‍රාග්ධන වෙළඳපොළ ආශ්රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.