December 20, 2024
NDB කොටහේන ශාඛාව CEO’s Clubහි වාර්තාගත ජයග්‍රහණයක් වාර්ථා කරයි
පුවත්

NDB කොටහේන ශාඛාව CEO’s Clubහි වාර්තාගත ජයග්‍රහණයක් වාර්ථා කරයි

Dec 18, 2024

NDB බැංකුව සිය කොටහේන ශාඛාවේ සුවිශේෂී කාර්ය සාධන ප්‍රගතිය පිළිබඳව නිවේදනය කර සිටින අතරම එය NDB ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් කොට තිබේ. NDB බැංකු ශාඛා ජාලයම අභිබවමින් 2024 වසර ආරම්භයේ සිට මේ දක්වා රුපියල් මිලියන 37 ක කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කරමින්  ඉතිහාසයේ ප්‍රථම වතාවට ශාඛා කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනාම  CEO’S Club සඳහා සුදුසුකම් ලැබූ ප්‍රථම ශාඛාව බවට NDB කොටහේන ශාඛාව පත්ව ඇත.

මෙම ඓතිහාසික ජයග්‍රහණය කොටහේන NDB ශාඛා කණ්ඩායමේ නොපසුබස්නා කැපවීම, සුවිශේෂී කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් ලබා දීමට ඇති කැපවීම පිළිබඳ කදිම සාක්ෂියකි. කොටහේන NDB ශාඛාවේ මෙම ජයග්‍රහණය මඟින් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ප්‍රමුඛ කොට ගනිමින්, බැංකුකරණ සේවා සැපයීම පිළිබඳව NDB බැංකුවේ ඇති විශිෂ්ටත්වය නැවතත් තහවුරු කරයි.

බෑන්ක් ඇශුවරන්ස් හි විශිෂ්ටත්වය විදහාපාන NDB බැංකුවේ CEO’S Club හි වර්ධනය  2006 වසරේ දී AIA Insurance හවුල්කාරීත්වයත් සමඟ සීඝ්‍ර ලෙස වර්ධනය වී ඇත. බැංකුකරණ සහ රක්ෂණ සේවා ඒකාබද්ධ කිරීමේ පුරෝගාමියෙකු ලෙස, NDB බැංකුව සිය පාරිභෝගිකයන් සඳහා පූර්ණ මුල්‍ය ආරක්ෂාව සලසමින් තම බැංකු රක්ෂණ විසඳුම් මාලාව අඛණ්ඩව වැඩිදියුණු කර ඇත.  2023 වසරේ දී, NDB බැංකුවේ CEO’S Club හි සමාජිකයින් 210ක් සමඟින් සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කළ අතර, NDB බැංකුවේ පාරිභෝගික කේන්ද්‍රීය හඳුන්වාදීම් වල බැංකු රක්ෂණයේ ඇති වැදගත්කම පෙන්නුම් කරයි.

මෙම විශිෂ්ට ජයග්‍රහණය සඳහා දායක වූ විශිෂ්ට කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනා වූයේ බාලසුබ්‍රමනියම් අයිංගරන් – ශාඛා කළමනාකරු,  ශිවන්තන් ජයරංජිත් – ප්‍රිවිලේජ් සම්බන්ධතා කළමනාකරු, ජෙයසේකරම් කුගන්දන් – සහකාර කළමනාකරු, ගගන් හිනිදුම – ක්‍රෙඩිට් ඔෆිසර්, නවෝද්‍යා නාගොඩවිතාන – ක්‍රෙඩිට් ඔෆිසර්, චාමර උදයංග – මුදල් නිලධාරි, අමිර්තලිංගම් කිරුෂිකන් – හිටපු මුදල් නිලධාරි , මොහොමඞ් නෆීල් – කනිෂ්ඨ විධායක, නිශාන් මධුශංක ලෙනාඞ් – ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර සංවර්ධන සහකාර, නිධුර්ෂ යෝගරාජ් – බැංකු සහකාර සහ සේසාදි ජෙයසේකර – බැංකු සහකාර.

තවද, කොටහේන ශාඛාවේ ප්‍රිවිලෙජ් බැංකුකරණ සම්බන්ධතා කළමනාකරු ශිවන්තන් ජෙයරංජිත්, මිලියන 20 ක ANP  වාර්තා කරමින්, ශාඛා ජාලය තුළ CEO’S Club හි එමරල්ඞ් කාණ්ඩයේ ඉහළම ජයග්‍රාහකයා බවට පත්ව ඇත.

කොටහේන ශාඛාවේ සාර්ථකත්වය මඟින් පිළිබිඹු වන්නේ, බැංකුකරණය සහ රක්ෂණය ඒකාබද්ධ කරමින්, ගනුදෙනුකරුවන්ගේ වෙනස් වෙනස් අවශ්‍යතා සමඟ සමපාත වන මුල්‍ය ආරක්ෂාව සහිත ගැලපෙන බැංකුකරණ විසඳුම් සමඟ ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීම සඳහා NDB බැංකුව දරන උත්සාහයයි. මෙම ජයග්‍රහණය මඟින් වර්ධනය සහ සාර්ථකත්වය සඳහා අත්‍යාවශ්‍ය සහයෝගීත්වය, නව්‍යකරණ චින්තනය සහ පාරිභෝගිකයන්ගේ විශ්වාසයේ වැදගත්කම අවධාරනය කරයි.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුව සිය ශාඛා හරහා විශිෂ්ට සේවාව සපුරාලීම සඳහා ඇති කැපවීම යලිත් තහවුරු කරමින් සෑම පාරිභෝගිකයෙකුටම තම මුල්‍ය යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති එකිනෙකාට සුදුසු විසඳුම් ලැබෙන බව සහතික කළේය. බෑන්ක් ඇශුවරන්ස් යනු පාරිභෝගිකයින්ට අනාගතය සඳහා අවශ්‍ය විශ්වාසය සහ ආරක්ෂාව සමඟින් සවිබල ගන්වමින් පරිපූර්ණ මුල්‍ය සේවා සැපයීමේ NDB බැංකුවේ උපායමාර්ගික දැක්මයි.

NDB බැංකුව මෙම විශිෂ්ට ජයග්‍රහණය සමරන අතර, බැංකුවේ කොටහේන ශාඛා කණ්ඩායමට සිය හෘදයාංගම කෘතඥතාව පළ කරයි. ඔවුන්ගේ නොසැලෙන කැපවීම, නොපසුබස්නා උත්සාහය සහ සුවිශේෂී කණ්ඩායම් ක්‍රියාකාරකම් මඟින් සමස්ත NDB පවුලම ප්‍රබෝධමත් කරමින් සාර්ථකත්වය සඳහා සීමා මායිම් පුළුල් කර තිබේ. විශිෂ්ටත්වය සඳහා ඔබේ කැපවීම මෙම සන්ධිස්ථානය පිටුපස ඇති ගාමක බලවේගය වන අතර, ඔබේ ජයග්‍රහණ හඳුනාගෙන ඒවා සැමරීමට හැකි වීම පිළිබඳව අපි ආඩම්බර වෙමු.

NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asian Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ‍්‍රී ලංකාවේ  වසරේ දේශීය ව්‍යාපෘති මුල්‍යකරණ බැංකුව  ලෙස ද NDB සම්මානයට පාත‍්‍ර විය. NDB බැංකුව යනු ප‍්‍රාග්ධන  වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මුල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *