September 12, 2025
NDB බැංකුව පළමු මාස හය සඳහා රුපියල් බිලියන 4.2ක ඉතිහාසයේ ඉහළම බදු පසු ලාභයක් වාර්තා කරයි
පුවත්

NDB බැංකුව පළමු මාස හය සඳහා රුපියල් බිලියන 4.2ක ඉතිහාසයේ ඉහළම බදු පසු ලාභයක් වාර්තා කරයි

Aug 21, 2025

මූල්‍ය කාර්ය සාධනය

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සපයන මූල්‍ය ආයතනයක් වන NDB  බැංකුව, 2025 වසරේ ජුනි මස 30 වන දිනෙන් අවසන් වූ මාස හයක කාලය සඳහා ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කළේය. සමස්ත මෙහෙයුම් ආදායම සහ බදු ගෙවීමට පෙර ලාභය පිළිවෙලින් රුපියල් බිලියන 22.3 ක් සහ රුපියල් බිලියන 8.6 ක් (2024 පළමු කාර්තුව රුපියල් බිලියන 22.9ක් සහ රුපියල් බිලියන 6.5ක්) වාර්තා කළේය.

අරමුදල් පදනම් කරගත් ආදායම

බැංකුවේ මුළු මෙහෙයුම් ආදායමෙන් 75% කට වඩා වැඩි වූ ශුද්ධ පොලී ආදායම අර්ධ වාර්ෂික කාලය සඳහා රුපියල් බිලියන 16.9 ක් වූ අතර එය 2024 වසරේ පළමු කාර්තුවේදී වාර්ථා කළ රුපියල් බිලියන 16.5 ට වඩා 2.7% කින් ඉහළ ගොස් ඇත. මෙහිදී ඉතා වැදගත්ම කරුණක් වන්නේ පොලී අනුපාත වල තියුණු පහත වැටීමක් තිබියදී වුවත්, වසරක රජයේ භාණ්ඩාගාර බිල්පත්  2024 ජුනි මස අවසානයේ 10.3% කට ආසන්නව පැවති අතර එය 2025 ජුනි මාසය අවසානයේදී 7.9% දක්වා පහත වැටුණු වාතාවරණයක් වීමයි. NDB බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකය සමස්ථයක් ලෙස 4.0% මට්ටමේ (2024 4.3%) පවත්වා ගැනීමට හැකි වූ අතර, තාවකාලික ලාභඅලාභ නොසලකා හැරි විට, සමාන පදනමක් මත 4.2% ක් විය (2024 4.4%). 2025 ජුනි මාසය අවසන් වන විට, බැංකුව සතුව සිය ගනුදෙනුකරුවන් සමඟ විශේෂ විධිවිධානයක් යටතේ ණය සහ තැන්පතු රුපියල් බිලියන 50.3 කට ආසන්න ප‍්‍රමාණයක් තිබූ අතර, එය 2024 වර්ශය අවසානයේ රුපියල් බිලියන 19.6 කි.

අරමුදල් පදනම් නොවූ ආදායම

ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම 8.4% කින් වර්ධනය වී රුපියල් බිලියන 3.6 ක් වූ අතර, දෙවන කාර්තුව පමණක් සලකා බැලූ විට, එය කාර්තුවෙන් කාර්තුවට සාපේක්ෂව 20.8% ක ආකර්ෂණීය වර්ධනයකි. අරමුදල් මත පදනම් නොවූ ප‍්‍රභවයන්ගෙන් ලැබෙන ආදායමට එහි සමස්ත දායකත්වය වැඩිදියුණු කිරීම සඳහා දරන ලද සවිඥානික හා කඩිසර උත්සාහයන් හි ප‍්‍රථිඵල අවධාරනය කරයි. ශුද්ධ ගාස්තු වල වර්ධනය එහි ප‍්‍රධාන ව්‍යාපාරික මෙහෙයුම් වල සෑම අංශයකින්ම පාහේ සටහන් වී තිබිණි.

ණය සහ මෙහෙයුම් පිරිවැය

මෙම කාල පරිච්ඡේදය සඳහා රුපියල් බිලියන 4.5 ක හානිපූරණ ගාස්තු 2024 වසරේ එම කාල පරිච්ඡේදය තුළදීම රුපියල් බිලිය 8.4 සිට වාර්ෂිකව 46.7% කින් අඩු වී ඇති අතර, ණය ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම කෙරෙහි බැංකුවේ වැඩි අවධානයක් යොමු කිරීම මෙයට හේතු විය. මෙය විශේෂ ස්වභාවයේ අයිතම හැර බැංකුවේ මුළු ණය හානිපූරණ ගාස්තු ආවරණ අනුපාතය 8.7% දක්වා (2024 අවසානයේ  9.6%ක් විය ) ගෙන ආවේය. එය එම කාලපරිච්ඡේදය අවසානයේ ක්ෂේත‍්‍රයේ සාමාන්‍යයට සාපේක්ෂව හොඳින් සමපාත වේ. මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 9.2 ක් වූ අතර, එය 2024 වසරේ පළමු අර්ධ වර්ෂයට වඩා 14.8% ක වැඩි වීමක් වූ අතර, ප‍්‍රධාන වශයෙන් කාර්ය මණ්ඩලයට අදාළ වර්ධක සහ ක්ෂේත‍්‍රයට අනුව නැවත සැසකසීම් සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සහ සෘජු ව්‍යාපාර සංවර්ධන ආදී ඉහළ ආයෝජන හේතුවෙන් පැන නැගුනි.     

ආයෝජකයින් සඳහා කාර්ය සාධන දර්ශකයන්

2024 වසරේදී 12.2% ක් වූ සාමාන්‍ය කොටස් මත ප‍්‍රතිලාභය 10.6% දක්වා අඩු වූ අතර, වාර්ෂික කොටසකට ඉපැයීම් 2024 වසර සඳහා රුපියල් 21.25 සිට රුපියල් 19.65 දක්වා අඩු විය. සමූහ මට්ටමින් පිළිවෙලින් අනුපාත 10.8% (2024 වසරේ 12.5%) සහ රුපියල් 21.23 (2024 වසරේ රුපියල් 23.05) විය. බැංකුවේ සාමාන්‍ය වත්කම් මත බදු ගෙවීමට පෙර ප‍්‍රතිලාභය 2.0% (2024 වසරේ 3.1%) විය. කොටසක ශුද්ධ වත්කම් වටිනාකම රුපියල් 186.81 (2024 වසරේ රුපියල් 186.91) වූ අතර එය 2024 වසර අවසන් වීමේ කොටස් මිල හා සසඳන විට 6.2% ක වැඩිවීමක් වාර්තා කළ අවසන් කොටස් මිල රුපියල් 120.25 කි. සමූහයේ කොටසකට ශුද්ධ වත්කම් වටිනාකම රුපියල් 199.37 (2024 වසරේ රුපියල් 199.13) කි.

මූල්‍ය තත්ත්වය

2025 ජුනි මස 30 වන දින වන විට බැංකුවේ මුළු තැන්පතු ප‍්‍රමාණය රුපියල් බිලියන 696.1 ක් විය (2024 අවසානයේදී රුපියල් බිලියන 631.7ක සිට 10.2% වර්ධනයක්) ඒ අතර ශුද්ධ ණය රුපියල් බිලියන 557.0 දක්වා ප‍්‍රසාරණය විය (2024 අවසානයේදී රුපියල් බිලියන 460.7 සිට 20.9% වර්ධනයක්). තාවකාලික සහ විශේෂ ස්වභාවයේ ගනුදෙනු හැරුණු විට, මෙය 2024 වසර අවසානයට සාපේක්ෂව පිළිවෙලින් 5.5% සහ 14.9% ක සාමාන්‍යකරණය කළ ශුද්ධ වර්ධනයක් වේ. සාමාන්‍යකරණය කළ පදනමක් මත බැංකුවේ ජංගම සහ ඉතුරුම් ගිණුම් අනුපාතය 2024 වසර අවසානයේ 22.5% සිට  25.0% ක් දක්වා වර්ධනය වී තිබුණේ බැංකුවේ අඩු වියදම් අරමුදල් වැඩිදියුණු කිරීමට දරන සවිඥානික උත්සාහයන් හි ප‍්‍රතිඵලයක් ලෙසයි.

බැංකුවේ ණය හානිපූරණ ගාස්තුවල (අදියර 3) මුළු ණය අනුපාතය 5.1% (2024 වසර  අවසානයේ 5.2% කී) ක් වූ අතර එය ක්ෂේත‍්‍රයේ සාමාන්‍යයට වඩා හොඳ මට්ටමකි. එහි අදියර 3 ණය හානිපූරණ ගාස්තුවල ආවරණය 53.4% (2024 වසර අවසානයේ 54.5%කී) ක් වූ අතර එය ක්ෂේත‍්‍රයේ සම්මත සීමාවට සමපාත වේ.

ද‍්‍රවශීලතාවය සහ ප‍්‍රාග්ධන ප‍්‍රමාණවත්භාවය

2025 ජුනි මස 30 වන දින වන විට රුපියල් සහ සියලූ මුදල් ඒකක සඳහා බැංකුවේ ද‍්‍රවශීලතා ආවරණ අනුපාත පිළිවෙලින් 330.9% සහ 253.8% ක් වූ අතර (2024 වසර අවසානයේදී 358.1% සහ 308.3%ක් විය) එහි ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය 124.5% ක් (2024 වසර අවසානයේ දී 152.4%කී) විය. මේ සියලූ අනුපාත අවම නියාමන අවශ්‍යතාවය වන 100.0% ට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පැවතිණි. CET1/ Tier I සහ සමස්ථ CAR මඟින් මනිනු ලබන බැංකුවේ ද‍්‍රවශීලතා මට්ටම් පිළිවෙලින් 12.3% සහ 16.6% ක් වූ අතර, එය CET1 අනුව එහි නියාමන අවමයන්ට වඩා 5.0% කට වඩා ශක්තිමත් අතිරික්තයක් සහ සමස්ථ CAR අගය 4.0% කට වඩා වැඩි අතිරික්තයක් වාර්ථා කරයි (2024 අවසානයේ 13.7% සහ 19.1%කී)

අනෙකුත් මූල්‍ය නොවන දර්ශක

ශාඛා ජාලය ශාඛා 113 ක් වූ අතර, දිවයින පුරා විහිදී ඇති ATM යන්ත‍්‍ර 60ක  සහ මුදල් ප‍්‍රතිචක‍්‍රීකරණ යන්ත‍්‍ර (CRM) 160ක ජාලයකින් සමන්විත විය. සමාලෝචනයට භාජනය වන කාලපරිච්ඡේදය අවසන් වන විට සමස්ථ කාර්ය මණ්ඩලය 2,882 ක් (2024 වසරේදී  2,920) විය.

පළමු මාස හය සඳහා මූල්‍ය කාර්ය සාධන ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතා මෙසේ පැවසීය, ‘අපගේ සමස්ත අවදානම් කළමනාකරණය අඛණ්ඩව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා අතරම, අපගේ ව්‍යාපාරයේ සෑම අංශයක්ම වැඩිදියුණු කිරීමට අපගේ කඩිසර, සවිඥානික සහ සාමූහික උත්සාහයට අපගේ ප‍්‍රතිඵල සාක්ෂි දරයි. ගෝලීය ආර්ථික අංශයන්හි පැන නැඟ ඇති සාර්ව මට්ටමේ බාධක මධ්‍යයේ වුවද, ශ‍්‍රී ලංකා ආර්ථිකයේ අඛණ්ඩ ධනාත්මක ප‍්‍රගතියේ සහායද සහිතව පුද්ගලික බැංකුකරණ අංශය සහ සියලූම ව්‍යාපාරික අංශ හරහා අපගේ බොහෝ ගනුදෙනුකරුවන්ගේ නැවත නැඟී සිටීම දැකීමට ලැබීම ගැන අපි ඉතා සතුටු වෙමු. පාරිභෝගික කේන්ද‍්‍රීයත්වය මූලික කරගනිමින් අප දරන සෑම උත්සාහයක්ම, මෙම නැගී එන පරිසරය තුළ ඉදිරියට යාමට හැකි වන පරිදි අපගේ සියලූම සේවාදායක අංශ හරහා ධනාත්මක බලපෑමක් සහිතව සහයෝගයක් ලබා දීම කෙරෙහි අපි අවධානය යොමු කර ඇත්තෙමු.’

‘NDB බැංකුවේ අප හට, මේ වසරේ මුල් මාස හය බොහෝ සන්ධිස්ථාන සනිටුහන් කරයි. ඒ සියල්ල අතර, කැපී පෙනෙන අංගයක් වන්නේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා අපගේ අඛණ්ඩ දායකත්වය වන අතර එය අපගේ ණය පොත රුපියල් බිලියන 100.0 සීමාව ඉක්මවා යාම සහ අපගේ මුළු ණයවලින් 20% කට ආසන්න ප‍්‍රමාණයක් සඳහා දායක වීම තුළින් වඩාත් හොඳින් පිළිබිඹු වීමයි. මෙය අපි ඉතා ආඩම්බර වන ජයග‍්‍රහණයකි! 2025 වසර සඳහා Euromoney සම්මාන උළෙලේදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව මෑතකදී ඇගයීමට ලක්වීම අපගේ ආර්ථිකයේ මෙම තීරණාත්මක සහ වැදගත් අංශයට සේවය කිරීමට අවධානය යොමු කළ අපගේ උත්සාහයට තවදුරටත් සාක්ෂි සපයයි.’

ඉදිරිය දෙස බලන විට, අපගේ අවධානය ඉතා පැහැදිළිය. ගනුදෙනුකරුවන්ගේ ප‍්‍රවේශය වැඩි කිරීම සඳහා අපගේ ඩිජිටල් හැකියාවන් භාවිතා කරමින් ඔවුන්ගේ හැසිරීම වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා අපගේ දැනුම සහ අත්දැකීම් උපයෝගී කර ගනිමින් සහ අපගේ මණ්ඩලයේ ඉදිරිපෙළ සේවකයින් සහ කාර්යාල සේවක මණ්ඩලයේ විවිධ කුසලතා සහ හැකියාවන් භාවිතා කරමින්, දිගු කාලයක් පුරා තිරසාර කොටස් හිමියන්ගේ වටිනාකමක් නිර්මාණය කිරීමට වඩා හොඳින් හැකි වන පරිදි, නිරන්තරයෙන් විකාශනය වන ව්‍යාපාරික පරිසරයට අවශ්‍ය ලෙස හැඩගැසී අනුවර්තනය වීමට අපි කටයුතු කරන්නෙමු. ඉදිරියේ ඇති විය හැකි අභියෝග පිළිබඳව ද දැනුවත්ව, බැංකුවේ මූලික බැංකු මෙහෙයුම් වල අඛණ්ඩ වර්ධන ගමන් පථය සහ අනාගතය සඳහා එහි දැක්ම ඉක්මනින් සාක්ෂාත් කර ගැනීම පිළිබඳව අපි විශ්වාසයෙන් සිටිමු.’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close