February 5, 2025
NDB බැංකුව 2024 තුන්වන කාර්තුවේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳව ආයෝජකයන් සහ විශ්ලේෂකයන් වෙනුවෙන් සැසියක් පවත්වයි
පුවත්

NDB බැංකුව 2024 තුන්වන කාර්තුවේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳව ආයෝජකයන් සහ විශ්ලේෂකයන් වෙනුවෙන් සැසියක් පවත්වයි

Dec 4, 2024

නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී, 2024 සැප්තැම්බර් 30 වෙනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂයේ තෙවන කාර්තුව (Q3) සඳහා සිය මූල්‍ය කාර්ය සාධන ප‍්‍රතිඵලය නිකුත් කිරීමෙන් අනතුරුව සිය ආයෝජකයින් සහ විශ්ලේෂකයින් සමඟ විශේෂ හමුවක් 2024 නොවැම්බර් මස 19 වන දින පවත්වන ලදී.

NDB බැංකුවේ අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ බැංකුවේ ඉහළ කළමනාකාරීත්ව කණ්ඩායමේ සහභාගීත්වයෙන් පැවති මෙම හමුව Zoom තාක්ෂණය ඔස්සේ පවත්වන ලදී. ප‍්‍රධාන විධායක නිලධාරීතුමන් විසින් බැංකුවේ 2024 තුන් වන කාර්තුවෙහි මූල්‍ය කාර්ය සාධනය සහ උපාය මාර්ගික මඟ පෙන්වීම පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමකින් අනතුරුව සහභාගීවූවන්ගේ ප‍්‍රශ්ණ සහ පිළිතුරු සැසියක් සහ බැංකුවේ මෙහෙයුම් සහ අනාගත සැලසුම් පිළිබඳ පැහැදිලි කිරීමක්ද ලබාදෙන ලදී.

මෙම සැසිය පර්යේෂණ විශ්ලේෂකයින්, කොටස් තැරැව්කරුවන්, අරමුදල් කළමණාකරුවන් සහ ආයෝජකයින් ඇතුළු විවිධ පාර්ශවකරුවන් පිරිසකගෙන් සමන්විත විය. මූල්‍ය ප‍්‍රජාව තුළ විශ්වාසනීයත්වය, වගවීම සහ විනිවිදභාවය වර්ධනය කිරීමෙහිලා බැංකුවේ ඇති කැපවීම අවධාරණය කරමින් NDB බැංකුවේ ආයෝජක සම්බඳතා කණ්ඩායම (Investor Relations Team) විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. විවෘතභාවය සහ වගවීම සඳහා වූ දිගු කාලීන කැපවීම ඉස්මතු කරමින් NDB බැංකුව 2014 වසරේ සිට මෙම කාර්තුමය විශ්ලේශණ හමුව පවත්වන ලදී. මෙම හමුවේ ඡායාරූපය සහ පටිගත කිරීම් NDB බැංකුවේ නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

ඉපැයීම් හමුව අතරතුර ප‍්‍රධාන විධායක නිලධාරීතුමන් විසින් උපායමාර්ගික ප‍්‍රමුඛතාවන් ඉස්මතු කරමින් 2024 තුන්වන කාර්තුවේ බැංකුවේ මූල්‍ය කාර්යසාධනය පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදී. එහිදී ප‍්‍රධාන අවධානය යොමුකළ ක්ෂේත‍්‍ර ලෙස අරමුදල් පිරිවැය ප‍්‍රශස්ත කිරීම, ගනුදෙනු සහ ගාස්තු මත පදනම් වූ අදායම මෙහෙයවීම, අරමුදල් කළඹේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ශුද්ධ පොලී ආන්තිකයන් හැසිරවීම ද ඇතුළත් විය. ආර්ථික අභියෝගයන් තුළින් ගමන් කිරීම, ඩිජිටල් නවෝත්පාදනයන් ශක්තිමත් කිරීම සහ ශ‍්‍රී ලංකාව තුළ නැවත පිබිදෙන ආර්ථිකය තුළ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා ප‍්‍රධාන මූල්‍ය හවුල්කරුවෙකු ලෙස සිය කාර්යභාරය පවත්වාගෙන යෑම සඳහා NDB බැංකුව දරණ ප‍්‍රයත්නය පිළිබඳවද පුළුල් අවබෝධයක්ද ප‍්‍රධාන විධායක නිලධාරීතුමන් විසින් ලබාදෙන ලදී.

මෙම ආයෝජක සහ විශ්ලේෂක හමුව, පාර්ශවකරුවන් සම්බන්ධ කරගැනීම, අයෝජකයින්ගේ විශ්වාසය ඉහළ නැංවීම සහ දීර්ඝ කාලීන වටිනාකම් නිර්මාණය කිරීම සඳහා සිය උපායමාර්ගික අවධානය පිළිඹිබු කරමින් NDB බැංකුවෙහි වැදගත් සංධිස්ථානයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යයි. බැංකුවෙහි ඉදිරි ගමන දෙස බලන කල නවෝත්පාදන මූල්‍ය සහ ඩිජිටල් විසඳුම් හරහා ජාතියේ මූල්‍ය ප‍්‍රගමනයට සහායවීම සහ ප‍්‍රජාවන් සවිබල ගැන්වීමේ සිය මෙහෙයුම කෙරෙහි ස්ථාවරත්වය තහවුරු කර සිටියි.

NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asian Banking and Finance Awards 2024 සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ‍්‍රී ලංකාවේ  වසරේ දේශීය ව්‍යාපෘති මූල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත‍්‍ර විය. NDB බැංකුව යනු ප‍්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close