September 12, 2025
විදේශීය අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා NDB බැංකුව Eduko Pathways ආයතනයේ සහාය සමඟ හවුල් වේ
පුවත්

විදේශීය අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා NDB බැංකුව Eduko Pathways ආයතනයේ සහාය සමඟ හවුල් වේ

Aug 20, 2025

විදේශීය අධ්‍යාපන අවස්ථා සඳහා බාධාවකින් තොරව ප‍්‍රවේශය ලබා දෙමින් ශ‍්‍රී ලාංකීය සිසුන් සවිබල ගැන්වීමේ සිය අඛණ්ඩ ප‍්‍රයත්නය තුළ, NDB බැංකුව Eduko Pathways ආයතනය සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ ඇත. දේශීය සිසුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට විදේශීය අධ්‍යාපනය වඩාත් පහසුවෙන් සිදු කිරීම අරමුණු කරගත් අර්ථවත් සහයෝගීතාවයකට අවස්ථාව සකසමින්, 2025 ජූලි 20 වන දින NDB බැංකු ප‍්‍රධාන කාර්යාලයේදී අවබෝධතා ගිවිසුමට (MOU) නිල වශයෙන් අත්සන් තබන ලදී.

මෙම අවබෝධතා ගිවිසුමට NDB බැංකුව වෙනුවෙන්, පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික අත්දැකීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා මහතා සහ පුද්ගලික බැංකුකරණය පිළිබඳ උප සභාපති සෙයාන් හමීඞ් මහතා අත්සන් තබන ලදී. Eduko Pathways නියෝජනය කරමින් ප‍්‍රධාන විධායක නිලධාරී නිෂානි ද සිල්වා මහත්මිය සහභාගී විය.

Eduko Pathways යනු ශ‍්‍රී ලංකාව තුළ ශක්තිමත් පදනමක් සහිත ගෝලීය වශයෙන් සම්බන්ධිත අධ්‍යාපන උපදේශන ආයතනයක් වන අතර එය ඕස්ට‍්‍රේලියාව, එක්සත් රාජධානිය, කැනඩාව සහ ඉන් ඔබ්බට එම රට වල ඉහළ පෙළේ අධ්‍යාපන ආයතන සඳහා ඇතුළත් වීමට දහස් ගණනක් සිසුන් හට උපකාර කරනු ලැබේ. අධ්‍යයන උපදේශනයේ සිට වීසා සහාය දක්වා ඔවුන්ගේ පරිපූර්ණ ප‍්‍රවේශය සඳහා ප‍්‍රසිද්ධ Eduko Pathways ආයතනය, විදේශ අධ්‍යාපනයේ සංකීර්ණ ගමන් මෙඟ් යෙදෙන සිසුන් සඳහා විශ්වාසදායක මාර්ගෝපදේශයක් බවට පත්ව ඇත.

මෙම හවුල්කාරිත්වය හරහා, NDB බැංකුව, Student File පහසුකම්, අධ්‍යාපන ණය සහ විදේශ පේ‍්‍රෂණ සේවා ඇතුළු, Eduko Pathways හි සේවාවන්ට අනුපූරක වන මූල්‍ය විසඳුම් රාශියක් ඉදිරිපත් කරනු ලබයි. මෙම විසඳුම් සැලසුම් කර ඇත්තේ විදේශීය අධ්‍යාපනයේ මූල්‍ය අවශ්‍යතාවයන් සරල කිරීම සඳහා වන අතර, එමඟින් සිසුන්ට ගෝලීය වශයෙන් ඔවුන්ගේ අධ්‍යයන අභිලාෂයන් හඹා යාමට විශ්වාසය සහ මාර්ග සපයා දේ.

 ර්‍”අධ්‍යාපනය යනු තරුණ තරුණියන්ගේ ජීවිතයේ වැදගත්ම ආයෝජනයක් බව අපි පිළිගනිමු. Eduko Pathways සමඟ අපගේ සහයෝගීතාවය මඟින් ශ‍්‍රී ලාංකික සිසුන්ගේ විදේශීය සිහින සැබෑ කර ගැනීමට මූල්‍යමය අභියෝග බාධාවක් නොවන බව සහතික කරනු ඇත” යනුවෙන් මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් NDB හි සංජය පෙරේරා මහතා පැවසීය.

මෙම හවුල්කාරිත්වය, වැදගත් වන සියලූම අවස්ථාවන් සඳහා බැංකුවක් වීමේ NDB හි පුළුල් අරමුණ සමඟ සමපාත වන අතර ජීවිතයේ සෑම අදියරකටම ස්පර්ශ වන උපායමාර්ගික මූල්‍ය විසඳුම් හරහා ජාතිය සවිබල ගන්වයි. ගෝලීය අධ්‍යාපනය සඳහා ප‍්‍රවේශය සක‍්‍රීය කිරීමෙන්, NDB බැංකුව අනාගත පරම්පරාවන්ගේ අධ්‍යයන හා පුද්ගලික වර්ධන චාරිකා වල විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව ස්ථානගත වේ.

NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asian Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ‍්‍රී ලංකාවේ  වසරේ දේශීය ව්‍යාපෘති මූල්‍යකරණ බැංකුව  ලෙස ද NDB සම්මානයට පාත‍්‍ර විය. NDB බැංකුව යනු ප‍්‍රාග්ධන  වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close