September 12, 2025
විදේශීය අධ්‍යාපනය හදාරන ශ‍්‍රී ලාංකීය සිසුන් සවිබල ගැන්වීම සඳහා NDB බැංකුව VXL  අධ්‍යාපන ආයතනය සමඟ හවුල් වේ
පුවත්

විදේශීය අධ්‍යාපනය හදාරන ශ‍්‍රී ලාංකීය සිසුන් සවිබල ගැන්වීම සඳහා NDB බැංකුව VXL  අධ්‍යාපන ආයතනය සමඟ හවුල් වේ

Jul 17, 2025

ජාත්‍යන්තර අධ්‍යාපන මාර්ග සරළ කිරීම සහ ශ‍්‍රී ලාංකික සිසුන් ගෝලීය අවස්ථාවන් සමඟ සවිබල ගැන්වීමේ  හවුල් දැක්ම තුළ, ක්ෂේත‍්‍රයේ වසර 15 කට වැඩි පළපුරුද්දක් ඇති ප‍්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර අධ්‍යාපන උපදේශන සමාගමක් වන VXL Education සමඟ සිය උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳ NDB බැංකුව සතුටින් නිවේදනය කර සිටියි.

විදේශීය අධ්‍යාපනය හැදෑරීමට බලපොරොත්තු වන සිසුන් සඳහා බාධාවකින් තොරව සහ ඒ සඳහා අවශ්‍ය මූල්‍ය අවශ්‍යතා සපුරගැනීමට අපේක්ෂා කරන මාර්ගය විවර කරමින් සිසුන්ගෙ බලපොරොත්තු සඵල කර ගැනීමේ සහයෝගීතාවයක ආරම්භය සනිටුහන් කරමින් NDB බැංකුව සහ VXL අධ්‍යාපන ආයතනය අවබෝධතා ගිවිසුමකට (MOU) නිල වශයෙන් අත්සන් තැබීමේ අවස්ථාව පසුගියදා NDB බැංකු ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේදී සිදු විය. 

NDB බැංකුව වෙනුවෙන් පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික අත්දැකීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා මහතා සහ පුද්ගලික බැංකුකරණය පිළිබඳ උප සභාපති සෙයාන් හමීඞ් මහතා අත්සන් කළ අතර, VXL අධ්‍යාපන ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අයෝධ්‍ය කෝදාගොඩ මහතා සහ අධ්‍යක්ෂ/ප‍්‍රධාන මූල්‍ය නිලධාරී නිහාල් කෝදාගොඩ මහතා ද මෙම අවස්ථාවේ VXL අධ්‍යාපන උපදේශන අංශය නියෝජනය කළහ.

පුළුල් ගෝලීය පැවැත්මක් සහ 97% වීසා සාර්ථකත්ව අනුපාතයක් සහිතව, VXL අධ්‍යාපන ආයතනය සිසුන් 2,000 කට අධික සංඛ්‍යාවකට ඔවුන්ගේ ජාත්‍යන්තර අධ්‍යාපන ගමන සඳහා උපකාර කර ඇති අතර, විශ්ව විද්‍යාල තේරීමේ සහ වීසා සැකසීමේ සිට දේශීය වශයෙන් ලබා දෙන සහාය සහ නවාතැන් සොය දීම වන තෙක් ආරම්භයේ සිට අවසානය දක්වා අවශ්‍ය සේවාවන් සපයයි. ඔවුන්ගේ හවුල්කාරිත්වයන්  ඕස්ටෙ‍්‍රලියාව, එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන් ඔබ්බට ද ලොව පුරා ඇති අනෙකුත් රටවල් දක්වා විහිදේ.

මෙම හවුල්කාරිත්වය හරහා, NDB බැංකුව VXL අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍යවන්ගේ සහායට ගැළපෙන පරිදි සකස් කරන ලද මූල්‍ය විසඳුම් රාශියක් පිරිනමන අතර, එම පවුල් වලට විදේශ අධ්‍යාපනය සඳහා සූදානම් වීමේදී ඊට අවශ්‍ය සම්පත් වෙත ප‍්‍රවේශය ලබා දීම සහතික කරමින් අධ්‍යාපන ණය පිරිනැමීම්, ශිෂ්‍ය ලිපිගොනු පහසුකම් සහ විදේශ පේ‍්‍රෂණ සහාය ද ඇතුළු පහසුකම් රාශියක් මේ සඳහා ඇතුළත් කර ඇත.

 NDB හිදී, අපගේ තරුණ පරම්පරාවේ අභිලාෂයන් සවිබල ගැන්වීම සඳහා අපි කැපවී සිටිමු. VXL අධ්‍යාපන ආයතනය වැනි ගෝලීය වශයෙන් ගෞරවයට පාත‍්‍ර වූ ආයතනයක් සමඟ හවුල් වීමට ලබීමෙන්, තම ජීවිතය වෙනස් කිරීමට මූලික වශයෙන් අදාළ වන සිය අධ්‍යපන චාරිකාව ආරම්භ කිරීමට බලපොරොත්තු වන සිසුන්ට සහ එම පවුල් වලට අපගේ සහයෝගය ලබා දී ඔවුන් ශක්තිමත් කිරීමට මෙම හවුල්කාරිත්වය මඟින් අපට හැකියාව ලැබේ. එම සිසුන්ගේ සාර්ථක අනාගතයේ කොටසක් වීමට හැකිවීම පිළිබඳ අපි ආඩම්බර වෙමු ” යනුවෙන් සංජය පෙරේරා මහතා මෙම හවුල්කාරිත්වය පිළිබඳ අදහස් දක්වමින් පැවසීය.

මෙම සහයෝගීතාවය මූල්‍ය සැලසුම්කරණය, අධ්‍යාපනය, ව්‍යවසායකත්වය හෝ ගෝලීය සංචලතාව වැනි වැදගත් වන සෑම මොහොතකම විශ්වාසනීය හවුල්කරුවෙකු වීමේ NDB හි පුළුල් අරමුණ සමඟ පෙළගැසේ. වගකිම් සහගත සහ නම්‍යශීලී මූල්‍යකරණය හරහා විදේශීය අධ්‍යාපනයට සහාය වීම මඟින්, NDB බැංකුව පුද්ගලික වර්ධනය සහ ජාතික සංවර්ධනය සඳහා උත්පේ‍්‍රරකයක් ලෙස අඛණ්ඩව ස්ථානගත වේ.

NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asian Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ‍්‍රී ලංකාවේ  වසරේ දේශීය ව්‍යාපෘති මූල්‍යකරණ බැංකුව  ලෙස ද NDB සම්මානයට පාත‍්‍ර විය. NDB බැංකුව යනු ප‍්‍රාග්ධන  වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close