October 18, 2024
ආර්ථික සංවර්ධනය උදෙසා 37 වන වාර්ෂික සමුළුව සඳහා NDB බැංකුව OPA සමඟ හවුල්වේ
පුවත්

ආර්ථික සංවර්ධනය උදෙසා 37 වන වාර්ෂික සමුළුව සඳහා NDB බැංකුව OPA සමඟ හවුල්වේ

Oct 17, 2024

NDB බැංකුව, රටේ ආර්ථික වර්ධනය පිළිබඳ වැදගත් සංවාද මෙහෙය වීමට ඇති සිය කැපවීම පෙන්නුම් කරමින්, ශ‍්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ (OPA) 37 වන වාර්ෂික මහා සමුළුවේ ප‍්‍රධාන හවුල්කරුවෙකු ලෙස එම සංවිධානය සමඟ ඇති කරගත් සහයෝගීතාවය පිළිබඳව නිවේදනය කර ඇත. පසුගිය අගෝස්තු මස 26 සහ 27 යන දෙදින තුළ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී මෙම සමුළුව පැවැත්විණි. ‘‘ශ‍්‍රී ලංකාව තිරසාර ආර්ථික වර්ධනයක් කරා’’ යන තේමාවෙන් යුත් මෙවර සමුළුව රටේ ආර්ථික අභිලාෂයන් සහ ආර්ථික සංවර්ධනය ප‍්‍රවර්ධනය කිරීම සඳහා බැංකුවේ ඇති දැක්ම සමඟ එකිනෙකට සමානුපාතික වන බව NDB බැංකුව ප‍්‍රකාශ කර සිටියි.

1975 දී ආරම්භ කරන ලද, OPA සංවිධානය ශ‍්‍රී ලංකාව පුරා විවිධ කර්මාන්තවල වෘත්තිකයන් 60,000 ක පමණ නියෝජනයකින් යුක්ත වන අතර එය රටේ වඩාත්ම ශක්තිමත් ජාලයක් බවට පත් වී තිබේ. මෙම උත්සවය සඳහා OPA සංවිධානය සමඟ හවුල් වීමෙන්, NDB බැංකුව විවිධ ආයතන ප‍්‍රධානීන්, විවිධ ක්ෂේත‍්‍රවල වෘත්තිකයන් සමඟ සෘජුව සම්බන්ධ වීමට අගනා අවස්ථාවක් සලසමින්, විද්වත් සංවාද සහ එකිනෙකා අතර සබඳතා ගොඩනගා ගත හැකි වේදිකාවක් ලෙස මෙම අවස්ථාවට සම්බන්ධ වීය.

OPA සංවිධානය සමඟ NDB බැංකුව විසින් ඇති කරගත් මෙම සහයෝගීතාවය හරහා, රටේ ප‍්‍රජාවට සහ පාර්ශවකරුවන්ට වඩා හොඳින් සේවය කිරීම සඳහා රටේ ඉහළම වෘත්තිකයන්ගේ තීක්ෂණ බුද්ධිය උපයෝගී කරගනිමින්, ශ‍්‍රී ලංකාවේ අනාගත ආර්ථික පරිසරය හැඩගස්වන සාකච්ඡාවල මූලිකත්වය ගැනීමට NDB බැංකුව අපේක්ෂා කරයි.

මෙම සමුළුව පිළිබඳ පරිවර්ථනීය ක‍්‍රියාකාරී වෙනසක් අඛණ්ඩව ඇති කිරීමට පෙළඹවීමත් සමඟම වෘත්තීය ප‍්‍රජාවට සහාය දැක්වීමට ශ‍්‍රී ලංකාවේ තිරසාර ආර්ථික ප‍්‍රගතිය ක‍්‍රියාත්මක කරන මුලපිරීම් වෙනුවෙන් පෙනී සිටීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *