
MSME සවංවර්ධනයේ විශිෂ්ටත්වය සැමරීම සඳහා NDB බැංකුව CMA ශ‍්‍රි ලංකා සමඟ අත්වැල් බැඳගනී
එක්සත් ජාතීන්ගේ ක්ශුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) දිනය 2025 සැමරීම සඳහා, ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA Sri Lanka) විසින් පවත්වන ලද MSME ව්‍යාපාර සංවර්ධන සමුළුව සහ ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙල සඳහා NDB බැංකුව ආඩම්බරයෙන් යුතුව සහභාගී විය. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) පැවති මෙම උත්සවය, ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) විසින් දක්වන ලද දායකත්වයට ගෞරව කිරීම සහ ඔවුන්ව ඉදිරියට ගෙනයාම සඳහා කර්මාන්තයන්හි ඉදිරිපෙල නායකයින්, ප‍්‍රතිපත්ති සම්පාදකයින්, මූල්‍ය ආයතන සහ ව්‍යවසායකයින් රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විනි.
සම්මානලාභීන් අතර NDB බැංකුවේ කොට්ටාව ශාඛාවේ වටිනා ගනුදෙනුකරුවකු වන සොබාකෝ (පුද්ගලික) සමාගම ද වූ අතර, ඔවුන් බැංකුව විසින් නාමයෝජනා කර ව්‍යාපාර විශිෂ්ටත්වයේ ඉහළම 10 දෙනාගෙන් කෙනෙකු ලෙස තේරී පත් විය. මෙලෙස සම්මානයට පාත‍්‍රවීම තුළින් එම ව්‍යාපාරිකයින්ගේ ව්‍යවසායක ශක්තිය පිළිබිඹු කරන අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත‍්‍රය තුළ විශිෂ්ට ව්‍යවසායකයින් හඳුනාගෙන, ඔවුන්ගේ වර්ධනය සඳහා සහාය වීම සහ ඔවුන්ව ඇගයීම සඳහා NDB බැංකුවේ ඇති කැපවීම අවධාරනය කරයි.
මෙම ජාතික තලයේ සම්මාන උළෙල සඳහා NDB බැංකුව නියෝජනය කරමින් කලාප ප‍්‍රධානී / ව්‍යාපාර බැංකුකරණ ප‍්‍රධාන කළමනාකරු නිලේන්ද්‍ර විතානගේ මහතා සහභාගී වූ අතර, ඔහු සමුළුවේ 2 වන තාක්ෂණික සැසියේදී ඉහළ මට්ටමේ මණ්ඩල සාකච්ඡුාවකට ද සහභාගී විය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මූල්‍යකරණය හා ව්‍යාපාර බැංකුකරණය පිළිබඳ ඔහුගේ විශේෂඥතාව උපයෝගී කරගනිමින්, ඉලක්කගත මූල්‍ය පහසුකම් ලබාදීම, මූල්‍යකරණය යථා තත්වයට පත්කරගැනීම, අපනයන මූල්‍යකරණයට ප‍්‍රවේශ වීම සහ ව්‍යවසායක සංවර්ධනය තුළින් MSME හි වර්ධනය සඳහා මාර්ගය සැකසීම පිළිබඳව මෙම සාක ච්චා මණ්ඩපය පැවැත්විනි.
ක්ශුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි සංවර්ධනය පිළිබඳව බැංකුවේ කාර්යභාරය පිළිබඳව අදහස් දක්වමින්, NDB බැංකුවේ නිලේන්ද්‍ර විතානගේ මහතා මෙසේ පැවසීය. ‘‘ NDB බැංකුව, ක්ශුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ කොඳු නාරටිය වන බව අපි හඳුනාගෙන ඇත්තෙමු. සුවිශේෂී මූල්‍ය විසඳුම්, ධාරිතාවයන් ඉහළ නැංවීමේ වැඩසටහන් සහ මෙවැනි හවුල්කාරිත්වයන් හරහා, දිනෙන් දින වෙනස් වන වෙළඳපොළ තුළ ව්‍යාපාර වර්ධනය සඳහා අවශ්‍ය දැනුම, මූල්‍ය ප‍්‍රවේශය සහ ඩිජිටල් මෙවලම් සමඟ කුඩා ව්‍යාපාර හිමියන්ව අප අඛණ්ඩව බලගන්වන්නෙමු.’’
‘MSME සඳහා ව්‍යාපාර – ව්‍යවසායකයින් සම්බන්ධ කිරීම’ යන තේමාව යටතේ පැවති මෙම සමුළුව ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන ලද අතර ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) දේශීය අධ්‍යක්ෂ තකෆුමි කඩෝනෝ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සම්මාන ප‍්‍රධානෝත්සවයකින් මෙම සම්මාන උළෙල අවසන් විය. මෙම සම්මාන උළෙලේ ප‍්‍රධාන අංගයක් වූයේ MSME සඳහා ඉහළම ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන 10ක් ප‍්‍රදානය කිරීම වන අතර, ජයග‍්‍රාහකයින්ට සහාය වන අදාළ මූල්‍ය ආයතන සඳහාද විශේෂ ඇගයීමක් ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට NDB බැංකුවේ සහභාගීත්වය මඟින් ක්ශුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි සංවර්ධනය සහ එම ව්‍යාපාරිකයින්ගේ දියුණුව සඳහා කරනු ලබන අඛණ්ඩ දායකත්වය පිළිබිඹු කරන ලදී. ව්‍යාපාරික බැංකුකරණය සඳහාම වෙන්වූ සුළු හා මධ්‍ය පරිමාණ බැංකුකරණ අංශය මෙන්ම NEOSBIZ මොබටිල් බෑන්කින් වේදිකාව, විශේෂිත ණය යෝජනා ක‍්‍රම සහ ඉලක්කගත උපදේශන වැඩසටහන් වැනි සුවිශේෂී පහසුකම් එම ව්‍යවසායකයින් වෙත ළඟා කර දී ඇත. රටේ වඩාත්ම වැදගත් ආර්ථික අංශයකට පරිපූර්ණ බැංකුකරණ විසඳුම් ලබා දීම සඳහා බැංකුව ජාතික සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරයි.
ශ‍්‍රී ලංකා ආර්ථිකය තිරසාර ප‍්‍රතිසාධනයක් සහ සියලූ දෙනාම ඇතුළත් වර්ධනයක් කරා යොමු වන විට, නවෝත්පාදන, රැකියා සහ ඔරොත්තු දීමේ හැකියාව සහිත ක්ශුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා සහාය වීමට NDB බැංකුව නිරතුරුව කැපවී සිටී.