
ශ‍්‍රී ලංකාවේ අපනයන ප‍්‍රජාව ශක්තිමත් කිරීම සහ ඔවුන් සවිබලගැන්වීම සඳහා NDB බැංකුව වැඩමුළුවක් සංවිධානය කරයි
ශ‍්‍රී ලංකාවේ අපනයන ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමණය වෙනුවෙන් ක‍්‍රියාත්මක කලයුතු උපාය මාර්ග සහ ඒ සඳහා ඇති අවස්ථාවන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර වෙළඳාමෙහි ප‍්‍රධාන පාර්ශවකරුවන් වන අපනයනකරුවන් සහ එම ක්ෂේත‍්‍රයේ ප‍්‍රධානීන් එකතු කරමින් NDB බැංකුව විසින් අපනයනකරුවන් වෙනුවෙන් සංවිධානය කළ වැඩමුළුවක් ජනවාරි මස 24 වන දින ජා-ඇල රම්රිච් හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී. වයඹ කලාපය නියෝජනය කරන ප‍්‍රධාන පෙලේ අපනයනකරුවන් රැසක් සහභාගී වූ මෙම වැඩසටහන” අපනයන ප‍්‍රජාව තුළ ව්‍යාපාර වර්ධනය සහ නවෝත්පාදනයන් පෝෂණය කිරීම සඳහා NDB බැංකුවේ ඇති කැපවීම පිළිබඳ අවධාරණය කරයි.
අපනයන සංවර්ධන මණ්ඩලයේ ^Export Development Board – EDB& සභාපති$ප‍්‍රධාන විධායක නිලධාරී මංගල විජෙසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුනු මෙම වැඩසටහනේදී ඒ මහතා විසින් ආරාධිත දේශනය පැවැත්වීය. අපනයන පිළිබඳ රජය විසින් දක්වන අවධානය සහ ප‍්‍රතිපත්ති” ක්ෂේත‍්‍රය පිළිබඳ දැක්ම” අනාගත ඉලක්ක සහ ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළඳාමේ තරඟකාරී ක‍්‍රියාකරුවකු ලෙස ස්ථානගත කිරීම අරමුණු කරගත් මුලපිරීම් ඉස්මතු කරමින්” රටේ ආර්ථිකය මෙහෙයවීමේදී අපනයනකරුවන්ගේ ප‍්‍රධාන කාර්යභාරය අවධාරණය කළේය.
NDB බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ” මධ්‍ය වෙළඳපොළ සහ ව්‍යාපාරික බැංකුකරණ අංශයේ උප සභාපති ඉන්දික රණවීර මහතා විසින් අපනයනකරුවන් සඳහා සහාය දැක්වීමට සහ ඔවුන් සවිබල ගැන්වීමට NDB බැංකුවේ අඛණ්ඩ උත්සාහයන් පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදී. අභියෝගාත්මක ගෝලීය පරිසරය තුළ අපනයනකරුවන්ට දියුණු වීමට අවශ්‍ය උපකාර කිරීම සඳහා සකස් කරන ලද මූල්‍ය විසඳුම්” උපදේශන සේවා සහ ව්‍යාපාරික ධාරිතාවන් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් ඇතුළුව බැංකුව විසින් පසුගිය වසර කිහිපය පුරා ක‍්‍රියාත්මක කල වැඩසටහන් පිළිබඳවද අදහස් පල කරන ලදී. ඒ සමඟම ඉදිරි වසර සඳහා බැංකුවේ සැලසුම් පිළිබඳ දළ විශ්ලේෂණයක් ද ලබා දුන් අතර” කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සාර්ථක අපනයනකරුවන් බවට පරිවර්ථනය කිරීම සඳහා එහිදී අවධානය යොමු කළේය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සිට අපනයනකරු දක්වා වූ ගමන් මඟ තුළ ඉදිරියට යාම පිළිබඳ ඔහු විසින් ඉදිරිපත් කල උපදෙස් පැමිණි ව්‍යාපාරික ප‍්‍රජාවට වඩා වැඩි වටිනාකමක් එක් කරන ලදී.
උත්සවයේ ප‍්‍රධාන විශේෂත්වය වූයේ අපනයනකරුවන්ට අත්‍යාවශ්‍ය වන” තීරණාත්මක මාතෘකා රාශියක් ආවරණය කළ ආකර්ෂණීය සාකච්ඡා මණ්ඩපයයි. NDB බැංකුවේ ව්‍යාපාර බැංකුකරණ අංශයේ ප‍්‍රධාන කළමනාකරු නිලේන්ද‍්‍ර විතානගේ විසින් මෙම සාකච්ඡාව මෙහෙයවන ලදී. මෙම සාකච්ඡාවේදී ජාත්‍යන්තරය ජයගැනීමට අපේක්ෂා කරන ව්‍යාපාර සඳහා අවශ්‍ය කරන දැනුම සහ විවිධ විසඳුම් පිළිබඳ සාකච්ඡා කරමින් වෙළඳ මූල්‍ය පහසුකම්” ව්‍යාපාරික බැංකුකරණය” ඩිජිටල් බැංකුකරණය සහ විනිමය හුවමාරු සේවා වැනි මාතෘකා රැසක් ආවරණය කරන ලදී. මෙම සාකච්ඡාවට ඉන්දික රණවීර” NDB බැංකුවේ භාණ්ඩාගාර$මූල්‍ය උප සභාපති දමිත සමරනායක සහ NDB බැංකුවේ ගනුදෙනු බැංකුකරණ අංශයේ සහකාර උප සභාපති තිලංක එස්. වීරසිංහ ඇතුළු බැංකුකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන්ගෙන් යුත් මඩුල්ලකින් සමන්විත විය.
මෙම අවස්ථාව අපනයනකරුවන් හට ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඔවුන්ගේ තරඟකාරීත්වය වැඩි දියුණු කිරීමට අවශ්‍ය මෙවලම් සහ සම්පත් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට සහ ජාත්‍යන්තර වෙළඳපොළ සම්බන්ධ අදහස් හුවමාරු කරගැනීමට මහඟු තෝතැන්නක් විය. ශ‍්‍රී ලාංකීය අපනයනකරුවන්ට මූල්‍යමය සේවාවන් ලබාදීම පමණක් නොව තිරසාර වර්ධනයක් උදෙසා අවැසි දැනුම හුවමාරු කරගැනීම සහ අවස්ථාවන් නිර්මාණය කිරීම සඳහා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asia Banking and Finance 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ වසරේ දේශීය ව්‍යාපෘති මුල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මුල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.
22 Comments
биржа для продажи аккаунтов – купить пзрд аккаунт facebook, биржа аккаунтов телеграмм
фильмы в хорошем качестве – смотреть сериалы, онлайн сериалы бесплатно
автошкола красноярск цена – сколько стоит обучение в автошколе красноярск, Обучение категория Б Красноярск
заказать научную статью ринц – где можно заказать контрольную, где заказать контрольную
кра ссылка – кракен сайт, Kra28.cc
кракен войти – кракен открыть, kra31
онлайн сериалы бесплатно – смотреть аниме бесплатно онлайн, аниме онлайн
сериалы в хорошем качестве – сериалы в хорошем качестве, смотреть аниме бесплатно онлайн
web https://abacusmarket.me/
blog here https://jaxx-liberty.com
visit the site https://jaxx-liberty.com/
his explanation https://web-freewallet.com
click for more https://jaxx-liberty.com
I’ve been waiting to feel your touch… ready? – https://rb.gy/es66fc?nittarve
her comment is here
Unemployed
Our site TLO search
скачать читы на cs go – читы в апекс легенд, apex legends читы
приватный чит кс го – купить чит на кс го приват, приватный чит GTA 5 ONLINE
Бонусы за регистрацию с промокодом казино Irwin – banda casino промокод при регистрации, Риобет промокод бонусы на депозит
find more information
galaxy swapper
этот контент https://nsk.benevobis.su/price/
проверить сайт https://nn.benevobis.su/method/