
පරිසර හිතකාමී කර්මාන්ත සවිබල ගැන්වීම සඳහා NDB බැංකුව “E-Friends II” ප‍්‍රතිමූල්‍යකරණ ණය යෝජනා ක‍්‍රමය හඳුන්වාදෙයි
ආර්ථික සවිබල ගැන්වීම සහ පරිසර සංරක්ෂණය සඳහා ඇති කැපවීම පෙරදැරි කරගනිමින්, NDB බැංකුව කර්මාන්ත අමාත්‍යාංශය සමඟ එක්ව “E-Friends II” ප‍්‍රතිමූල්‍ය ණය යෝජනා ක‍්‍රමය හඳුන්වා දී ඇත. මෙම යෝජනා ක‍්‍රමය තිරසාර හා පරිසර හිතකාමී ක‍්‍රියාකාරකම් සඳහා මූලිකත්වය දෙමින් සිය ව්‍යාපාර සංවර්ධනය කරගැනීම සඳහා සහය වීමේ අරමුණින් නිර්මාණය කර ඇති මූල්‍ය පහසුකමකි.
ශ‍්‍රී ලංකාව පරිසර හිතකාමී අනාගතයක් වෙත ගමන් කරන විට, වගකිවයුතු නිෂ්පාදන සහ පිරිසිදු කාර්මික පිළිවෙත් සඳහා ඇති ඉල්ලූම කිසිදා නොවූ විරූ තරම් ඉහළ ගොස් තිබේ. ඊට ප‍්‍රතිචාර වශයෙන්, “E-Friends II” ප‍්‍රතිමූල්‍යකරණ ණය යෝජනා ක‍්‍රමය මඟින් 6.5% ක ආකර්ශණීය අවම වාර්ෂික පොලී අනුපාතයකට ව්‍යාපාරිකයන්ට මූල්‍ය සහය ලබා දෙන අතර, එමඟින් ව්‍යවසායකයින්ට පරිසර දුෂණය අවම කරමින්, සම්පත් වල කාර්යක්ෂමතාව වැඩි කරන සහ දිගුකාලීන පරිසර සංරක්ෂණ සඳහා දායක වෙමින් තිරසාර තාක්ෂණයන් සහ භාවිතයන් සඳහා ආයෝජනය කිරීමට හැකියාව ලැබේ.
සුදුසුකම් සපුරන ව්‍යවසායකයන්ට රුපියල් මිලියන 30 ක් දක්වා ණය මුදල් ලබා ගත හැකි අතර, වසර 10 ක් දක්වා දීර්ඝ ආපසු ගෙවීමේ කාලයක් සහිතව, පරිසර හිතකාමී ලෙස තම මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමට ව්‍යාපාරවලට නම්‍යශීලීභාවය සහ කාලය ලබා දෙයි. ඔබ ඔබේ ව්‍යාපාරය පරිසර හිතකාමී ලෙස, නිෂ්පාදන ක‍්‍රම වැඩිදියුණු කිරීමට හෝ බලශක්ති ඉතිරි කිරීමේ යන්ත‍්‍ර උපකරණවල ආයෝජනය වැනි ව්‍යාපාරික කටයුතු සඳහා මෙම යෝජනා ක‍්‍රමය යටතේ ඔබේ ව්‍යාපාර ඉලක්ක ඉදිරියට ගෙන යන අතරම පරිසරය ආරක්ෂා කිරීමට උපකාරී වන වටිනා මූල්‍ය ආධාරයක් ලබා දෙයි.
E-Friends II ප‍්‍රතිමූල්‍යකරණ ණය යෝජනා ක‍්‍රමය පරිසර හිතකාමී ව්‍යාපාර කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කළ පුළුල් පරාසයක මුලපිරීම් සඳහා සහය වෙයි
– කාර්මික දුෂණය සහ හානිකර වායු විමෝචනය අවම කිරීම
– පිරිසිදු නිෂ්පාදන තාක්ෂණයන් සහ ක‍්‍රියාවලීන් හඳුන්වා දීම
– අපද්‍රව්‍ය වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සහ සම්පත් කාර්යක්ෂමතාව ප‍්‍රවර්ධනය කිරීම
– බලශක්තිය ඉතිරි කිරීම සහ පුනර්ජනණීය බලශක්ති විසඳුම් අනුගමනය කිරීම
– චක‍්‍රීය ආර්ථික මූලධර්ම සහ තිරසාර නිෂ්පාදනය දිරිමත් කිරීම
මෙම යෝජනා ක‍්‍රමය දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, මධ්‍යම වෙළෙඳපොළ සහ ව්‍යාපාර බැංකුකරණ උප සභාපති ඉන්දික රණවීර මහතා මෙසේ පැවසීය. ,මෙම පහසුකම හරහා අපි ශ‍්‍රී ලාංකික ව්‍යාපාර වඩාත් තරඟකාරී ව්‍යාපාර බවට පත් කිරීම පමණක් නොව, වඩාත් වගකිවයුතු ව්‍යාපාර ආයතන බවට පත්වීමටද, හැකියාව ලබා දෙයි. E-Friends II ප‍්‍රතිමූල්‍ය ණය යෝජනා ක‍්‍රමය මඟින් කර්මාන්තකරුවන්ට තම මෙහෙයුම් කටයුතු අනාගතයට සරිලන පරිදි ජාතික පාරිසරික ඉලක්කවලට දායක වීමට පහසු මාර්ගයක් සපයයි. NDB බැංකුව ආර්ථික වර්ධනය සහ තිරසාරභාවය යන අංශ දෙකටම ප‍්‍රමුඛත්වය දෙන මූල්‍ය හවුල්කරුවෙකු ලෙස සේවය කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු,
සිය පාරිභෝගිකයින් කේන්ද්‍ර කොටගත් බැංකුකරණ කටයුතුවලට සමගාමීව, NDB බැංකුව මෙම ණය පහසුකම් ඉල්ලිම් කිරීමේ සිට ණය ආපසු ගෙවීම දක්වා ණය ක‍්‍රියාවලිය පුරාවටම විශේෂඥ උපදේශන සේවා සහ සම්පූර්ණ සහය ලබා දෙයි. බැංකුවේ පුළුල් ශාඛා ජාලය සහ කැපවූ නිලධාරීන් මඟින් දිවයින පුරා සිටින ව්‍යාපාර හිමියන්ට ඔවුන්ගේ තිරසාර ව්‍යාපාරික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය සහය ලබාදෙන බවට සහතික කරයි.
E-Friends II ප‍්‍රතිමූල්‍ය ණය යෝජනා ක‍්‍රමය සඳහා අයදුම් කිරීමට කැමති ව්‍යවසායකයින්ට පිරිසිදු, පරිසර හිතකාමී හා වඩාත් ඔරොත්තු දෙන අනාගතයක් කරා ඊළඟ පියවර තබන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ඔවුන්ගේ ළඟම ඇති NDB බැංකු ශාඛාවට පැමිණීමට හෝ ඔවුන්ගේ සම්බන්ධතා කළමනාකරු ඇමතීම සඳහා ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටියි.