May 9, 2025
NDB බැංකුව නෙතිල ගමගේ සඳහා NDBPixel ගිණුමක් පිරිනමමින් අනාගත නායකයන් සවිබලගන්වයි
පුවත්

NDB බැංකුව නෙතිල ගමගේ සඳහා NDBPixel ගිණුමක් පිරිනමමින් අනාගත නායකයන් සවිබලගන්වයි

Nov 8, 2024

අනාගත පරපුර මුල්‍ය වශයෙන් සවිබල ගැන්වීම, උදෙසා NDB දරන කැපවීමට සමගාමීව, රටේ යෞවන යෞවනියන් අතර මූල්‍ය සාක්ෂරතාව සහ ස්වාධීනත්වය පෝෂණය කිරීමට බැංකුවේ කැපවීම පිළිබිඹු කරමින්, NDB Pixel ගිණුමක් සමඟින් නව යොවුන් වියේ පසුවන ව්‍යවසායකයෙකු සහ සමාජීය බලපෑම් කරන්නෙකු වන නෙතිල ගමගේ වෙත පිරිනැමීය.

සමාජයට හා ප‍්‍රජාවට සැලකිය යුතු බලපෑමක් කල හැකි තරුණ ව්‍යවසායකයෙකු ලෙස, නෙතිලගේ ගමන් මග,  මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වූ පරම්පරාවක් ගොඩනැගීමේ NDB හි දැක්ම සමඟ සමපාත වේ. නව යොවුන් වියේ පසුවන්නන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති NDB Pixel ගිණුම පිරිනැමීම හරහා, NDB බැංකුවෙහි අරමුණ වන්නේ, තරුණ දරුවන් සාර්ථකත්වය කරා යන මාවතට යොමු කරන අත්‍යවශ්‍ය මූල්‍ය මෙවලම් සැපයීමයි.

NDB Pixel ගිණුම යනු ශ‍්‍රී ලංකාවේ තරුණ පරම්පරාව අතර මූල්‍ය ස්වාධීනත්වය සහ වගකීම් සහගත ඉතුරුම් පුරුදු ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් වයස අවුරුදු 13 සිට 18 දක්වා යෞවන යෞවනියන් සඳහා නිර්මාණය කර ඇති අද්විතීය ඩිජිටල් ඉතුරුම් ගිණුමකි. මේ හරහා ගිණුම් හිමියන්ට ඩෙබිට් කාඞ් පහසුකම් සහ භෑධී  හරහා ජංගම බැංකුකරණ කටයුතු සිදි කිරීමට ප‍්‍රවේශය ලැබේ. NDB Pixel ගිණුමට සුවිශේෂී ප‍්‍රවර්ධන දීමනා ද ඇතුළත් වන අතර, විවිධ බැංකු සේවා රාශියකට ප‍්‍රවේශ වෙමින් නව යොවුන් වියේ දරුවන් අතර ඉතිරි කිරීම පහසු කරයි.

සෞභාග්‍යමත් හෙටක් සඳහා වර්තමාන බල ඇණිය ඔවුන් බව හඳුනා ගනිමින්, NDB බැංකුව නෙතිල වැනි යෞවන යෞවනියන්ල ඔවුන්ගේ මුදල් අරපරිස්සමින් කළමනාකරණය කිරීමට අවශ්‍ය මූල්‍ය මෙවලම්වලින් සන්නද්ධ කරමින් සාර්ථක අනාගතයක්  සඳහා ඔවුන් සවිබල ගැන්වීමට කටයුතු කරයි. ප‍්‍රවේශවීමේ පහසුව, නවීන තාක්ෂණය සහ අත්‍යවශ්‍ය මූල්‍ය සේවා ඒකාබද්ධ කරමින්, NDB Pixelල යෞවන යෞවනියන් සඳහා මූල්‍ය වගකීම් පිළිබඳ මූලික ආරම්භයක් ලබා දෙයි.

1 Comment

  • I’m extremely inspired together with your writing abilities and also with the structure for
    your weblog. Is that this a paid subject matter or did you modify it yourself?
    Either way keep up the excellent high quality writing, it is rare
    to peer a nice weblog like this one today. Instagram Auto follow!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close