November 21, 2024
ව්‍යවසායිකාවන්ගේ හැකියාවන් ඔප් නැංවීම සඳහා NDB වෙතින් දීප ව්‍යාප්ත සම්මන්ත‍්‍රණ මාලාවක්
පුවත්

ව්‍යවසායිකාවන්ගේ හැකියාවන් ඔප් නැංවීම සඳහා NDB වෙතින් දීප ව්‍යාප්ත සම්මන්ත‍්‍රණ මාලාවක්

Nov 7, 2024

දේශීය ව්‍යවසායිකාවන් ඔප් නැංවීමෙහිලා සිය කැපවීම ඉදිරියට ගෙන යමින්, NDB අරලිය වෙතින් මධ්‍යම පළාත ආවරණය කරමින් ව්‍යවසායිකාවන් සඳහා ඩිජිටල්කරණය සහ අපනයන තුළින් සිය ව්‍යාපාරය ඉදිරියට ගෙනයාම පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණය පසුගියදා KCC හිදි සාර්ථකව පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා ව්‍යවසායිකාවන් 40 ක් පමණ සහභාගී වූ අතර ඒ සඳහා මධ්‍යම පළාත තෝරාගනු ලැබුවේ එහි සිඝ‍්‍රයෙන් ව්‍යාපාර වන නිසාය.

වර්තමාන ආර්ථික වාතාවරණය තුළ ව්‍යවසායකයින්ගේ දිගුකාලීන සාර්ථකත්වය සහතික කිරීම සඳහා ව්‍යාපාරයක් සැලසුම් කිරීම, අපනයන කෙරෙහි වන නැඹුරුව සහ ඩිජිටල් ව්‍යාපාරික උපාය මාර්ග පිළිබඳ ගැඹුරු පැහැදිලි කිරීම් මෙම වැඩසටහනෙහි අන්තර්ගත විය.

මෙම සම්මන්ත‍්‍රණ මාලාව දිවයින පුරා විසිරී සිටින ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම සඳහා NDB බැංකුවල එහි NDB අරලිය සංකල්පය යටතේ සැලසුම් කළ මූල්‍ය සහ මූල්‍ය නොවන සේවාවන් සැපයීම අරමුණු කරගත් ප‍්‍රයත්නයක ආරම්භයයි. මෙවන් වැඩසටහන් හරහා NDB බැංකුව මූල්‍ය විසඳුම් ලබා දෙනවා පමණක් නොව, ව්‍යවසායිකාවන් හට දියුණු වීමට, නව්‍යකරණයන් ඉදිරිපත් කිරීමට සහ ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමෙහිලා ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.

NDB බැංකුව, දේශයේ ව්‍යවසායිකාවන් නඟා සිටුවීමේ සිය මෙහෙවර අඛණ්ඩව ඉටු කරන අතර, අභියෝගවලට විශ්වාසයෙන් යුතුව මුහුණ දීමට සහ දිනෙන් දින වෙනස් වන ආර්ථික පරිසරය තුළ සාර්ථක වීමට ඔවුන්ට අවශ්‍ය මූල්‍ය හා මූල්‍ය නොවන සම්පත් සහ ඊට සරිලන දැනුම පිරිනමයි.

NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම ලැයිස්තුගත පෞද්ගලික වාණිජ බැංකුවයි. NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. විශිෂ්ටත්වය සඳහා වූ Euromoney Award 2024 සම්මාන උළෙලේදී NDB ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර, Asian Banking and Finance Magazine 2024 මගින් ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික බැංකුකරණයේ වසරේ දේශීය  බැංකුව ලෙසත්, ශ‍්‍රී ලංකවේ දේශීය මූල්‍ය ව්‍යාපෘති සඳහා වන වසරේ බැංකුව ලෙසත් NDB බැංකුව සම්මානයට පාත‍්‍ර විය. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, ප‍්‍රාග්ධන වෙළඳපල ආශ‍්‍රිත අනුබද්ධිත ආයතන රැසක් හා එක්ව අද්විතීය බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයක් පිහිටුවා ඇත. තවද, ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බලගැන්වෙන අර්ථවත් මූල්‍ය හා උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා ණ්ඪ්ඹ් බැංකුව නිබඳවම කැපවී සිටී.

29 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *