
අනාගත පරපුරට පරිසර සංරක්ෂණයේ වටිනාකම් කියාදෙමින්, NDB බැංකුව සහ WNPS තරුණ අංශය එක්ව ‘සංරක්ෂණය සඳහා අධ්‍යාපනය’ යනුවෙන් පුරවැසි විද්‍යා වැඩමුළුවක් සංවිධානය කරයි
වසර ගණනාවක මුලපිරීමක සුවිශේෂී සන්ධිස්ථානයක් සමරමින්, NDB බැංකුව, ශ්‍රී ලංකා වනසත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ (WNPS) තරුණ අංශය සමඟ එක්ව, ‘සංරක්ෂණය සඳහා අධ්‍යාපනය’ ව්‍යාපෘතියේ අවසාන පරිච්ෙඡ්දය සාර්ථකව අවසන් කළේය 2025 අපේ‍්‍රල් 1 සිට 3 දක්වා රූනකන්ද වැසි වනාන්තර මධ්‍යයේ දී පැවත්වුණුු මෙම වටිනා පුරවැසි විද්‍යා ක්ෂේත‍්‍ර වැඩමුළුව, පරිසර හිතකාමී තරුණ පරම්පරාවක් පෝෂණය කිරීමේ අරමුණින් සංවිධානය කර තිබිණි.
බදුරලිය මහා විද්‍යාලය, දික්හේන කනිෂ්ඨ විද්‍යාලය, කඹුරාවල මහා විද්‍යාලය, ඉඟුරුදළුව කනිෂ්ඨ විද්‍යාලය සහ හැඩිගල්ල ශ‍්‍රී විපුලසිරි කනිෂ්ඨ විද්‍යාලය ඇතුළු බදුරලිය ප‍්‍රදේශයේ පාසැල් 05ක සිසුන් සහ ගුරුවරුන් 150 කට අධික පිරිසක් මෙම සුවිශේෂී අත්දැකීම බෙදා හදා ගැනීමට එක්විය. මෙම වැඩමුළුව හුදු අධ්‍යාපනික විනෝද චාරිකාවක් ලෙස පමණක් නොව, ක්ෂේත‍්‍ර දැනුම පාදක කරගත් විද්‍යාත්මක නිරීක්ෂණ හරහා පරිසර සංරක්ෂණය සඳහා ක‍්‍රියාකාරී පුරවැසියන් බවට පත්වීමට සහභාගිවූ පිරිසට අවස්ථාව හිමිකර දුන් ආකර්ශණීය ගවේෂණයක් විය.
ජෛව විවිධත්වය, පරිසර පද්ධති පිළිබඳ දැනුවත්භාවය සහ විද්‍යාත්මක ලියකියවිලි පිළිබඳ මූලික මූලධර්ම පිළිබඳව වැඩසටහන සඳහා සහභාගී වූ සිසුන්ට මනා දැනුමක් ලබාදුන් අතර, වැසි වනාන්තරවල ඇති ශාක හා සත්ව විශේෂ නිරීක්ෂණය කිරීමේ සහ ඒවා වාර්තා කිරීමේ අත්දැකීමද ලබාදෙන ලදී. මෙම අත්දැකීම් සහිත අධ්‍යාපනයක් ලබාගන්නා අතරතුර එම සිසුන් ඔවුන්ගේ ප‍්‍රජාවන් තුළ සොබාදහම සුරැකීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන පුරවැසියන් පිරිසක් බවට ද පරිවර්තනය කළේය.
මෙම වැඩසටහන අතරතුර සුවිශේෂී අවස්ථාවක් ලෙස WNPS තරුණ අංශය විසින් වන සංරක්ෂණ අධ්‍යාපනයේ ජාතික වටිනාකමක් සහිත ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පුරවැසි විද්‍යා මෙවලම් කට්ටලය නිල වශයෙන් දියත් කිරීම සිදුවිය. මෙම මෙවලම් කට්ටලය සමස්ථ ප‍්‍රජාවට සහ පාසල් වලට විද්‍යාත්මක දත්ත රැස් කිරීම සඳහා සහභාගී වීමට හැකියාව ලබා දෙන අතර, සංරක්ෂණය අධ්‍යයන පන්තිකාමරයේ අධ්‍යාපනයෙන් ඔබ්බට යන වගකීමක් බවට පත් කරයි.
‘‘NDB බැංකුවේ අපි සෑමවිටම විශ්වාස කරන්නේ අධ්‍යාපනය තිරසාර වෙනසක් සඳහා බලගතු උත්පේරකයක් බවයි. ‘සංරක්ෂණය සඳහා අධ්‍යාපනය’ යන වැදගත් මුලපිරීම සඳහා අපගේ අඛණ්ඩ සහයෝගය ලබාදීම තුළින්, අපගේ ස්වභාවික උරුමයේ ඇති වටිනාකම තේරුම් ගෙන එය ආරක්ෂා කිරීම වෙනුවෙන් පාරිසරික වශයෙන් වගකිවයුතු පුරවැසියන් හැඩගැස්වීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට ලැබීම ගැන අපි ඉතාම ආඩම්බර වෙමු’’ යනුවෙන් ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ නියෝජිතයෙකු පැවසීය.
මෙම ක්ෂේත‍්‍ර වැඩමුළුව NDB බැංකුව විසින් අරමුදල් සපයනු ලබන සංරක්ෂණය සඳහා අධ්‍යාපනය’ වැඩසටහන් මාලාවේ කූටප‍්‍රාප්තිය සනිටුහන් කරන අතර තිරසාර සංවර්ධනය සහ තරුණයන් සවිබල ගැන්වීම සඳහා බැංකුවේ ඇති පුළුල් කැපවීම පිළිබඳව පණිවිඩයක් ලබාදෙයි. නිරීක්ෂණය හරහා තේරුම් ගැනීම සහ ආරක්ෂා කිරීමට අවශ්‍ය මෙවලම් වලින් තරුණ මනස දැනුවත් කිරීමෙන්, NDB බැංකුව සහ WNPS එක්ව දැනුවත් සහ උද්‍යෝගිමත් පුරවැසියන් විසින් සංරක්ෂණය මෙහෙයවනු ලබන අනාගතයක් පෝෂණය කිරීම වෙනුවෙන් සෑමවිටම කැපවී සිටියි.
NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ ලැයිස්තුගත කර ඇති සිව්වන විශාලතම වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ඨත්වය වෙනුවෙන් යුරෝමනී සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2024 ආසියානු බැංකුකරණ සහ මූල්‍ය සඟරාව (සිංගප්පූරුව) සම්මාන උළෙලේදී වසරේ ශ‍්‍රී ලංකාවේ දේශීය පුද්ගලික බැංකුකරණය සඳහා හොඳම බැංකුව සහ වසරේ ශ‍්‍රී ලංකාවේ දේශීය ව්‍යාපෘති මූල්‍ය බැංකුව ලෙස සම්මානයට පාත‍්‍ර විය. ප‍්‍රාග්ධන වෙළඳපොළ අනුබද්ධ සමාගම් රැසකින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, අද්විතීය බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් සපයයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව කැපවී සිටී.