June 1, 2025
අනාගත ව්‍යාපාර නායකයින් සවිබලගැන්වීම සඳහා NDB බැංකුව,SLIIT ව්‍යාපාරික පාසල සමඟ හවුල්වේ
පුවත්

අනාගත ව්‍යාපාර නායකයින් සවිබලගැන්වීම සඳහා NDB බැංකුව,SLIIT ව්‍යාපාරික පාසල සමඟ හවුල්වේ

May 30, 2025

NDB බැංකුව, අනාගත පරම්පරාවේ ව්‍යාපාරික වෘත්තිකයන් බිහි කිරීම සඳහා ශාස්ත‍්‍රීය හා කර්මාන්ත එකිනෙකට සම්බන්ධ කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් SLIIT ව්‍යාපාරික පාසල සමඟ අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීම පිළිබඳව ඉතා සතුටින් නිවේදනය කර සිටියි. මෙම උපායමාර්ගික හවුල්කාරීත්වයේ අරමුණ වන්නේ දැනුම බෙදාගැනීම, කර්මාන්තයන්ට අදාල පුහුණු ලබා දීම සහ වේගයෙන් වෙනස් වන තාක්‍ෂණය මත පදනම් වූ ව්‍යාපාරික පරිසරයේ ප‍්‍රායෝගික අත්දැකීම ලබාදෙමින් විශිෂ්ටත්වයට පත්වීමට අවශ්‍ය කුසලතා ඔවුන් තුළ බිහි කිරීමයි.

SLIIT ව්‍යාපාරික පාසලේ ව්‍යාපාර පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුරේන් පීටර්ස් සහ NDB බැංකුවේ උප සභාපති, මානව සම්පත් – ලසන්ත දසනායක මහතා විසින් මෙම අවබෝධතා ගිවිසුමට නිල වශයෙන් අත්සන් තබන ලද අතර, ආයතන දෙකෙහිම ප‍්‍රධාන නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.  මෙම සහයෝගීතාවය හරහා සිසු සිසුවියන්ට සීමාවාසික පුහුණුව, පුහුණු වැඩසටහන් සහ සාමූහික පර්යේෂණ ක‍්‍රියාකාරකම්, නවෝත්පාදනයන් බිහි කිරීම සහ ඔවුන්ගේ කුසලතාවයන් වර්ධනය කිරීම ඇතුළු අවස්ථා රාශියක් හිමිකරදෙනු ඇත.

විශ්ව විද්‍යාල වල ධාරිතාවය ඉහළ නැංවීමේ වැඩසටහන් සඳහා ප‍්‍රමුඛ රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා NDB බැංකුව මෙම ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ වී තිබේ. එවැනි හවුල්කාරිත්වයන්ට එළඹීම මඟින්, NDB බැංකුව සිසුන්ට ක්ෂේත‍්‍රයට අදාළ පුහුණුවක් සහ එහි ව්‍යාපාර මෙහෙයුම් කටයුතු සිදුවන ආකාරය පිළිබඳව දැනුම ලබාදීමත් අරමුණු කරයි. ඒ හරහා ඉහළ කුසලතාවයන් සහිත උපාධිධාරීන්ගේ ජාලයක් නිර්මාණය වේ. මීට අමතරව, මෙම සහයෝගීතාවය අධ්‍යයන ආයතන, සිසුන් සහ අනාගතයේ ශ‍්‍රම බලකායට එකතු වන පිරිස් අතර ප‍්‍රමුඛ සේවා යෝජකයෙකු ලෙස NDB බැංකුවේ කීර්තිය වැඩි දියුණු කරයි.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් ලසන්ත දසනායක මහතා මෙසේ ප‍්‍රකාශ කළේය, ‘‘අනාගතය ගොඩනඟන පදනම අධ්‍යාපනය බව අපි දැඩිව විශ්වාස කරමු. මෙම හවුල්කාරිත්වය ශ‍්‍රී ලංකාවේ තරුණ තරුණියන් සවිබල ගැන්වීමට සහ ඔවුන් වඩ වඩාත් සංකීර්ණ හා තරඟකාරී කර්මාන්තයක නායකත්වය ලබාදීමට සූදානම් බව සහතික කිරීම අපගේ කැපවීමයි’’

මෙම හවුල්කාරිත්වය සිසුන්ට සහ තරුණ වෘත්තිකයන්ට පමණක් නොව බැංකුවට සහ සමස්ථයක් වශයෙන් ප‍්‍රජාව සඳහා ද නිර්මාණය කරන මෙවැනි අවස්ථා පිළිබඳව NDB බැංකුව නිබඳවම දායක වේ. SLIIT ව්‍යාපාරික පාසල සමඟ එක්ව, ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශයට ධනාත්මක වෙනසක් ඇති කිරීමට සහ දීප්තිමත් අනාගතයක් හැඩගැස්වීමට අඛණ්ඩව සම්බන්ධ වීමට බැංකුවේ අපි බලාපොරොත්තු වන්නෙමු.

NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asian Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ‍්‍රී ලංකාවේ  වසරේ දේශීය ව්‍යාපෘති මූල්‍යකරණ බැංකුව  ලෙස ද NDB සම්මානයට පාත‍්‍ර විය. NDB බැංකුව යනු ප‍්‍රාග්ධන  වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close