July 23, 2025
NDB බැංකුව, 2024 සිය සේවක මණ්ඩලයේ කැපවීම සහ විශිෂ්ටත්වය ඇඟයීමට ලක් කරයි
පුවත්

NDB බැංකුව, 2024 සිය සේවක මණ්ඩලයේ කැපවීම සහ විශිෂ්ටත්වය ඇඟයීමට ලක් කරයි

Jul 4, 2025

දිවයින පුරා විසිරී සිටින සිය සේවක මණ්ඩලයේ සුවිශේෂී ජයග‍්‍රහණ සහ නොසැලෙන කැපවීම අගය කරමින් NDB බැංකුව පසුගියදා ඔවුන්ගේ කීර්තිමත් පුද්ගලික බැංකුකරණ සම්මාන 2024 සම්මාන උළෙල පැවැත්වීය. මෙම වාර්ෂික සම්මාන උළෙල, බැංකුවේ අභිමානවත් සම්ප‍්‍රදායක් ලෙස පැවත එන අතර, සීමාවන් අභිබවා යමින් NDB බැංකුව ඉදිරියට ගෙන යන එහි කාර්ය මණ්ඩලයේ කාර්ය සාධනය සහ කැපවීම එහිදී උත්කර්ශවත් ලෙස සම්මානයට පාත‍්‍ර කරණු ලබයි.

මෙම වසරේ සම්මාන උළෙල ‘ක්වොන්ටම් 2024, බැංකුකරණ විශිෂ්ටත්වයේ පිම්මක්’ යන තේමාව යටතේ පවත්වන ලද අතර එය පරිවර්තනය, වර්ධනය සහ අරමුණු මත පදනම් වූ නායකත්වය සඳහා බැංකුවේ ඇති කැපවීම පිළිබිඹු කරයි. NDB බැංකුවේ පුද්ගලික බැංකුකරණ ජාලය හරහා ළඟා කරගත් සන්ධිස්ථාන සහ නව සීමා මායිම් සළකුණු කිරීම සැමරීම සඳහා රට පුරා සිටින සේවක මණ්ඩලය එක්රැස් විය. බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සිට සහය කාර්ය මණ්ඩලය දක්වා හිමි වූ, සෑම සම්මානයක්ම ශ‍්‍රී ලාංකිකයින්ට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි, පාරිභෝගිකයා කේන්ද‍්‍රීය වූ මූල්‍ය විසඳුම් ලබා දීමේ බැංකුවේ මෙහෙවර පිටුපස ඇති සාමූහිකත්වය විදහා දැක්වීය.

මෙම සම්මාන රාත‍්‍රියේ බෙහෙවින් අපේක්ෂා සහගතව තිබූ සම්මාන අතර හොඳම ජාතික ශාඛාව සඳහා සම්මානය ද වූ අතර, එහිදී මොරටුව ශාඛාව 2024 වසර සඳහා ශූරතාව දිනා ගත් අතර, පිළිවෙලින් දඹුල්ල ශාඛාව ද අම්බලන්තොට ශාඛාව දෙවන සහ තෙවන ස්ථාන දිනා ගනු ලැබීය. මෙම ජයග‍්‍රහණ මගින් ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ දිනෙන් දින වෙනස් වන අවශ්‍යතා සපුරාලීම සඳහා ලබාදෙන ශක්තිමත් නායකත්වය, ස්ථාවර කාර්ය සාධනය සහ කැපී පෙනෙන කණ්ඩායම් ක‍්‍රියාකාරිත්වය පිළිබිඹු විය.

මෙම සුවිශේෂී රාත‍්‍රිය ඉතුරුම් ගිණුම්, ජංගම සහ ස්ථාවර තැන්පතු, නිවාස ණය, ලීසිං සේවා, උකස් සේවා, ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකුකරණය, ඩිජිටල් බැංකුකරණය, කාඞ්පත්, බැංකු රක්ෂණය, වෙළඳ මූල්‍යකරණය සහ සමස්ථ සේවා විශිෂ්ටත්වය ඇතුළු පුළුල් පරාසයක ව්‍යාපාර අංශයන්හි ඉහළ කාර්ය සාධන පෙන්නුම් කළේය. මෙහෙයුම් විශිෂ්ටත්වය, Bank2U, සුවිශේෂී වරප‍්‍රසාද බැංකුකරණ (PVR) විකුණුම් නිලධාරීන්, නැවත අයකර ගැනීම් ඇතුළුව විකුණුම් අංශ සඳහා ද, විශේෂ සම්මාන පිරිනමන ලැබූ අතර, සේවා ඒකකයන්ද ඇඟයීමට ලක් කරන ලදී.

සම්මාන රාත‍්‍රිය තවත් වර්ණවත් කරමින්, 2024 වසරේ හොඳම කලාපයට හිමි සම්මානයෙන් මධ්‍යම කලාපය පිදුම් ලැබුවේ, එහි කැපී පෙනෙන දායකත්වය සහ වසර පුරා පෙන්නුම් කරන ලද ඉහළ කාර්ය සාධනය අගයමිනි.

මෙම උත්සවයේදී NDB බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතා අදහස් දක්වමින් “විශිෂ්ටත්වය යනු ගමනාන්තය නොවේ, එය අපගේ විනයයි. අද රාත‍්‍රියේ අප මෙහි අගයනු ලබන්නේ නොපසුබට උත්සාහය, දැක්ම, වගවීම සහ අරමුණ තුළ මුල් බැසගත් ආයතන පරිසරයක ප‍්‍රතිඵලයකි. අපි බැංකුකරණයේ නව යුගයකට ඉදිරියට යන විට, අපගේ ජනතාව එම පරිවර්තනය මෙහෙයවන බලවත්ම බලවේගය වෙයි. මේ සියලූ ඇගයීම් අප සැමට ඉතා ආඩම්බර විය හැකි කරුණක් වගේම අපගේ ගනුදෙනුකරුවන් සඳහා අප ලබාදෙන සේවාවන් හි සීමා මායිම් බිඳ හෙලා නව සීමාවන් සළකුණු කරන අවස්ථාවක් වේවායි මා ප‍්‍රර්ථනා කරනවා’’ යනුවෙන් කියා සිටියේය.

සම්මාන උළෙල අමතමින්, පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික සේවා පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා මෙසේ අදහස් දක්වමින් “අප ලඟා කරගත් සෑම ජයග‍්‍රහණයක්ම පිටුපස අදාළ මොහොතට අනුවර්තනය වීමට සහ ඉල්ලක්ක හඹා යාම තෝරාගත් පුද්ගලයෙකු සහ කණ්ඩායමක් සිටීයා. මෙම සම්මාන උළෙල කාර්ය සාධනය ඇගයීමක් පමණක් නොව පෞර්ශත්වය, ඉලක්ක හඹායාම සඳහා ඇති කැපවීම සැමරීමකි. අපි ගොඩනඟා ඇති ආයතන සංස්කෘතිය ගැන මම ආඩම්බර වන අතර හුදු ප‍්‍රතිඵල කරා පමණක් නොව පැහැදිලි අරමුණක් සහිතව එම අරමුණු ලඟාකර ගැනීම සඳහා නායකත්වය ලබාදෙන පුද්ගලයින් ද අපි සිහිපත් කළයුතු වේ’’යැයි කියා සිටියේය.

2024 වසරේ පුද්ගලික බැංකුකරණ සම්මාන උළෙලේ සෑම ජයග‍්‍රහණයක් පසුපසම බැංකුකරණ විශිෂ්ටත්වයේ අනාගතය වෙනුවෙන් කැපවීමෙන් යුතුව ක‍්‍රියා කරන සේවක කණ්ඩායමක් සතු බව ආඩම්බරයෙන් යුතුව සිහිපත් කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close