
ඩිජිටල්ග ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම සඳහා NDB බැංකුව Mastercard සමඟ එක්ව නවතම ඩෙබිට් කාඞ්පතක් හඳුන්වාදෙයි
ඩිජිටල් ගනුදෙනු වර්ධනය කිරීම සහ මූල්‍ය ගනුදෙනු සඳහා සැමටම ප‍්‍රවේශය ලබාදීම සඳහා බැංකුවේ ගමන් මාර්ගයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, තම ගනුදෙනුකරුවන්ට විශාල වටිනාකමක් එකතු කරමින්, NDB බැංකුව NDB Mastercard ඩෙබිට් කාඞ්පත හඳුන්වා දීම පිළිබඳව ඉතා සතුටින් නිවේදනය කර සිටියි. NDB බැංකු ප‍්‍රධාන කාර්යාලයේ පැවති මෙම අවස්ථාව, NDB බැංකුව සහ ගෝලීය ගෙවීම් තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන Mastercard අතර දිගුකාලීන සහයෝගීතාවයක ආරම්භය ද සනිටුහන් කරයි.
NDB බැංකුවේ විශ්වාසනීයභාවය සහ Mastercard හි නවෝත්පාදන සමඟින් සම්බන්ධවන ගෝලීය ජාලය මඟින් බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ එදිනෙදා බැංකුකරණ ගනුදෙනු තවත් වර්ධනය කිරීම සඳහා මෙම නවතම ඩෙබිට් කාඞ්පත් හඳුන්වා දී ඇත. වැඩිදියුණු කළ ගනුදෙනුවල ආරක්ෂාව සමඟින්, කාඞ්පත් හිමියන්ට දැන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පුළුල් පරාසයක සුවිශේෂී ප‍්‍රතිලාභ භුක්ති විඳීමේ හැකියාවද හිමිවේ.
නව ඩෙබිට් කාඞ්පතේ ප‍්‍රධාන විශේෂත්වය වන්නේ දෘෂ්‍යාබාධික පාරිභෝගිකයින් සඳහා පහසුවෙන් බැංකුකරණ ප‍්‍රවේශය කර ගැනීම සඳහා වන පරිදි නිර්මාණය කිරීමයි.
මෙම සුවිශේෂී හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතා මෙසේ පැවසීය, ‘‘Mastercard සමඟ ගොඩනගාගත් මෙම උපායමාර්ගික සහයෝගීතාවය අපගේ ගනුදෙනුකරුවන්ගේ බැංකු අත්දැකීම් තවත් වැඩිදියුණු කිරීම සඳහා තැබූ ඉතා වැදගත් පියවරකි. කාඞ්පත් නිකුත් කිරීම, ගෙවීම් පිළිගැනීම සහ පාරිභෝගිකයා කේන්ද‍්‍රීය බැංකුකරණ විසඳුම් සංවර්ධනය කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමෙන්, අපගේ ගනුදෙනුකරුවන්ට වඩාත් ආරක්ෂිත, පහසු සහ නව්‍ය ගෙවීම් ක‍්‍රමවලින් ප‍්‍රතිලාභ ලබා දෙන බව සහතික කරමින්, ශ‍්‍රී ලංකාව තුළ ඩිජිටල් ගෙවීම් තව තවත් දිරිමත් කිරීම අපගේ අරමුණයි.’’
මෙම අවස්ථාවට NDB බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ කැලූම් එදිරිසිංහ මහතා, NDB බැංකුවේ නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිලධාරී ණ ඪ විනෝජ් මහතා, NDB බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා මහතා, NDB බැංකුවේ උප සභාපති සියාන් හමීඞ් මහතා, NDB බැංකුවේ සහකාර උප සභාපති/කාඞ්පත් ප‍්‍රධානී අශාන් වික‍්‍රමනායක මහතා, Mastercard හි දකුණු ආසියාවේ අංශ සභාපති ගෞතම් අග‍්‍රවාල් මහතා, Mastercard හි දකුණු ආසියා ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී විකාස් වර්මා මහතා සහ Mastercard හි ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා කළමනාකරු සඳුන් හපුගොඩ මහතා ඇතුළු ආයතන දෙකෙහිම ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහභාගී වූහ.
‘‘ශ‍්‍රී ලංකාව තුළ ඩිජිටල් ගෙවීම් භාවිතය සහ සියලූම දෙනාට මූල්‍ය ගනුදෙනු සඳහා ප‍්‍රවේශය ප‍්‍රවර්ධනය කිරීම සඳහා මෙම ආයතන දෙකෙහිම ඇති කැපවීම මෙම සබඳතාවය මඟින් අවධාරණය කෙරේ. මෙම හවුල්කාරීත්වය මඟින් අනාගතයේදී තවත් බොහෝ නව්‍ය බැංකුකරණ විසඳුම් සඳහා කටයුතු කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට සූදානම්’’ බව Mastercard වෙනුවෙන් අදහස් දක්වමින් සඳුන් හපුගොඩ මහතා පැවසීය.
NDB Mastercard ඩෙබිට් කාඞ්පත දැන් සියලූම සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන්ට ලබා ගත හැකි අතර, වඩාත් ආරක්ෂිත, බුද්ධිමත් සහ වඩාත් ප‍්‍රතිලාභදායක ඩිජිටල් ගෙවීම් විසඳුමක ප‍්‍රතිලාභ අත්විඳීම සඳහා බැංකුව කාඞ්පත් හිමියන්ට ආරාධනා කර සිටියි.
මේ ආකාරයේ සහයෝගීතාවයන් හරහා, NDB බැංකුව සිය ගනුදෙනුකරුවන් සඳහා බැංකුකරණ අත්දැකීම වැඩිදියුණු කිරීමට සහ නව්‍ය මූල්‍ය විසඳුම් සමඟ ශ‍්‍රී ලාංකිකයන් සවිබල ගැන්වීම සඳහා නිබඳවම කැපවී සිටී.