December 25, 2024
ක‍්‍රමානුකූලව ප‍්‍රකෘතිමත්වන ආර්ථික පරිසරය තුළ NDB බැංකුව ඉහළ ලාභයක් වාර්ථා කරයි
පුවත්

ක‍්‍රමානුකූලව ප‍්‍රකෘතිමත්වන ආර්ථික පරිසරය තුළ NDB බැංකුව ඉහළ ලාභයක් වාර්ථා කරයි

Nov 26, 2024

යළි යථාතත්වයට පත්වෙමින් තිබෙන ආර්ථික තත්වය තුළ විවිධ වූ අභියෝගයන් වලට සාර්ථකව මුහුණ දෙමින් සහ බිහිවන අවස්ථාවන්ගෙන් උපරිම ඵල නෙලාගනිමින්, NDB බැංකුව 2024 සැප්තැම්බර් මස 30 වන දිනෙන් අවසන් වූ මාස නවය පුරාවට ඉතා ප‍්‍රශස්ත කාර්ය සාධනයක් වාර්තා කරන ලදී. 2024 නොවැම්බර් 13 වන දින කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුත් කරනු ලැබූ මූල්‍ය ප‍්‍රතිඵල වාර්ථා පිළිබඳ අදහස් දක්වමින් NDB බැංකුවේ අධ්‍යක්ෂක / ප‍්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතා ප‍්‍රකාශ කර සිටියේ ‘‘ශුද්ධ පොලී ලාභයෙහි (Net Interest Margins) ධනාත්මක වර්ධනය, ශක්තිමත් පිරිවැය පාලන ක‍්‍රියාමාර්ග සහ ප‍්‍රශස්ථ කරන ලද ණය පිරිවැය කළමනාකරණය මඟින් අප විසින් සාධනීය ප‍්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා. නිරන්තරයෙන් වෙනස් වන ආර්ථික පරිසරයක් තුළ වුවද අපගේ කොටස් හිමිකරුවන් වෙත  තිරසාර ආර්ථික ප‍්‍රතිලාභ හිමිකර දීම සහ කොටස් හිමිකරුවන්ගේ වටිනාකම් ඉහළ නැංවීම උදෙසා අපගේ උපාය මාර්ගයන් කෙරෙහි ඇති දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. තිරසාර සංවර්ධනයක් සඳහා බැංකුවේ ඇති කැපවීමට සමගාමීව, සාමාජීය, පාරිසරික සහ පරිපාලන අරමුණු ඉදිරියට ගෙනයමින් සහ පුළුල් ජාතික ආර්ථික වැඩපිළිවෙල සඳහා අපගේ දායකත්වය තව දුරටත් ශක්තිමත්ව ලබා දෙනවා. මේ සඳහා අවශ්‍ය උපාය මාර්ගික වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම සඳහා අපගේ අධ්‍යක්ෂක මණ්ඩලයේ, ජෙෂ්ඨ කළමණාකාරිත්වයේ සහ NDB සමස්ථ සේවක මණ්ඩලයේ උපරිම සහයෝගය ඇතිව මෙම කාර්යසාධන සාක්ශාත් කර ගත හැකි බවට අප දැඩි ලෙස විශ්වාස කරනවා.’’ යනුවෙන් තව දුරටත් ප‍්‍රකාශ කරන ලදී.

මූල්‍ය කාර්යසාධනය පිළිබඳ විශ්ලේශණය

ආදායම සහ ලාභය

NDB බැංකුවේ 2024 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස නවය ආවරණය වන පරිදි සමාලෝචිත කාල සීමාව සඳහා ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 21.5 කි. මෙම ආදායම 2023 වසරට සංසන්දනාත්මකව (YoY) 9% ක ඉහළ යාමකි. හානි පූර්ණ ගාස්තු වල 21% ක කැපී පෙනෙන අඩු වීමක් වාර්ථා වූ අතර ඇතැම් ප‍්‍රධාන ආදායම් මාර්ග වල දක්නට ලැබෙන අඩු වර්ධනයට සාපේක්ෂව ශුද්ධ මෙහෙයුම් ආදායමේ යහපත් වර්ධනයක් පවත්වා ගෙනයාමට සමත්ව තිබේ. සංසන්ධනාත්මක කාලය තුළ ශුද්ධ පොලී ආදායම,  රුපියල් බිලියන 24.4 ක ස්ථාවර මට්ටමක පැවති අතර සමස්ථ ආර්ථික පරිසරයේ පැවති පොලී ප‍්‍රතිශත පහත වැටීම හේතුවෙන් පොලී ආදායම සහ පොලී වියදම්  පහළ යාම සිදුවී තිබේ. බැංකුව තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාත නියමිත කාලසීමාවක් තුළ වෙනස් කිරීම හරහා එහි පිරිවැය වඩාත් සැලකිය යුතු ලෙස අඩු කළ අතර ශුද්ධ පොලී ආන්තිකය (NIM)  මත එහි ලාභය ඉහළ නැංවීමට උපකාරී විය. මෙම ඵලදායි උපාය මාර්ගය නිසා බැංකුව 4.21%ක NIM අගයක් වාර්ථා කරන ලදී. මෙය ප‍්‍රශස්ථ ප‍්‍රතිඵලයක් වන අතර තිරසාර කාර්ය සාධනයක් පෙන්නුම් කරමින් නොකඩවා කාර්තු තුනක් සඳහා 4.00% ට වඩා වැඩි අගයක් වාර්ථා කර තිබේ. බැංකුව විසින් ගාස්තු සහ සේවා ගාස්තු මඟින් රුපියල් බිලියන 5.1ක් වාර්ථා කර තිබේ. 2023 වසරේ වාර්ථා කළ සුවිශේෂී ඉහළ අගයට සාපේක්ෂව වාර්ශිකව 7% ක අඩු වීමක් වාර්ථා කලද එය සෙමෙන් සුපුරුදු අගය දක්වා ඉහළ නැංවීමක් පෙන්නුම් කරයි.

මෙම කාලසීමාව සඳහා ණය හානි පූර්ණ ගාස්තු රු. බිලියන 11.0ක් වූ අතර මෙයට ණය පොතේ සහ ආයෝජන කළඹේ ගාස්තු ද ඇතුළත් වේ. NDB බැංකුවේ මධ්‍ය කාලීන උපාය මාර්ගයේ තවත් ප‍්‍රධාන අංගයක් ලෙස අඛණ්ඩව අදාළ අනුපාත ඉහළ නැංවීම තුළින් ණය පොත්වල ගුණාත්මක භාවය ඉහළ නංවාගෙන ඇත. ණය හානි ආවරණය (අදියර 3) අනුපාතය 213 bps සිට 6.45% දක්වා වැඩි දියුණු වූ අතර, 2023 දී වාර්ථා කළ ණය හානි පූර්ණ ගාස්තු 829 bps කින් (අදියර 3) 49.40% දක්වා වැඩි විය. අඩු පොලී අනුපාත පරිසරයක් තුළ වත්කම් වල ගුණාත්මක භාවය  ඉහළ නැංවුනු අතර බැංකුවේ ශුද්ධ පොලී ලාභයෙහි වර්ධනයක් වාර්ථා වී තිබේ.  ක්ෂේත‍්‍රයේ නියමිත ප‍්‍රමිතීන්ට අනුකූලව ප‍්‍රමාණවත් හානි පූර්ණ ප‍්‍රතිපාදන අඛන්ඩව පවත්වාගෙන යාමට බැංකුව කටයුතු කර ඇත.

කේන්ද‍්‍රගත පාලන යාන්ත‍්‍රනයක් මඟින් ආයතනය පුරා ක‍්‍රියාත්මක කළ දැඩි පිරිවැය පාලන ක‍්‍රියාමාර්ග හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන වියදම් පාලනය කිරීම 8% ක අගයක් වාර්ථා කර ඇත. අත්‍යවශ්‍ය නොවන වියදම්, පුද්ගල වියදම් සක ක්ෂයවීම් ඇතුලත් මුළු මෙහෙයුම් පිරිවැය රුපියල් බිලියන 12.1කි. මෙය පසුගිය වසරට සාපේක්ෂව 19% ක වර්ධනයකි. එහි ප‍්‍රතිඵලය ලෙස ආදායම් අනුපාතය 37.1% කි.

මෙම වර්ෂය සඳහා බැංකු මට්ටමේ බදු පෙර ලාභය රු. බිලියන 9.4ක් වන අතර මෙය ගිය වසරට සාපේක්ෂව 2% ක සුළු පහත වැටීමක් වේ. බදු වලට පසු ලාභය රු. බිලියන 4.5 ක් වන අතර NDB සමූහ මට්ටමින් කොටස් හිමියන්ට ආරෝපණය කළ හැකි ලාභය රු. බිලියන 4.9 කි.

ශේෂපත‍්‍ර කාර්ය සාධනය ද්‍රවශීලතාව සහ ප‍්‍රාග්ධන ප‍්‍රමාණවත්භාවය

බැංකුවේ ශක්තිය සහ එහි ස්ථාවරත්වය විදහා දක්වමින්  2024 සැප්තැම්බර් මාසය අවසන් වන විට රුපියල් බිලියන 763.2 ක ශේෂ පත‍්‍රයක් සටහන් කර ඇත. ගනුදෙනුකරුවන් සඳහා වූ දළ ණය රු. බිලියන 501.1 ක් වූ අතර පාරිභෝගික තැන්පතු රු. බිලියන 611.5 කි. කාල සීමාව අවසන් වන විට, ණය සහ තැන්පතු අනුපාතය 82% දක්වා ඉහළ ගියේය. 2023 වසරට (YTD) වඩා 1% ක සමස්ත ආන්තික අඩුවීමක් තිබියදීත්, තැන්පතු සංයුතිය හිතකර ලෙස වෙනස් වී ඇත. එහිදී ඉතුරුම් ගිණුම් සහ ජංගම ගිණුම් තැන්පතු 10% කින් වර්ධනය වූ අතර ඉතුරුම් ගිණුම් සහ ජංගම ගිණුම් අනුපාතය 244 bps සිට 25.04% දක්වා වැඩි විය. සමස්ථ අරමුදල් පදනම රු. බිලියන 71.7කි.

නියාමන ද‍්‍රවශීලතා ආවරණ අනුපාතය (රුපියල්), ද‍්‍රවශීලතා ආවරණ අනුපාතය (සියලූ මුදල්) සහ ශුද්ධ ස්ථායී අරමුදල් අනුපාතය පිළිවෙලින් 326.87%, 280.39% සහ 143.77% ලෙස නියාමන අවම අවශ්‍යතාවය වන 100% ට වඩා ඉහළින් පැවතුනි. 2024 වසරේ 3 වන කාර්තුව පළමු මට්ටමේ සහ සම්පූර්ණ ප‍්‍රාග්ධන ප‍්‍රමාණාත්මතා අනුපාත 11.07% (සමූහ – 11.61%) සහ 15.70% (සමූහ – 16.10%), නියාමන අවම මට්ටම් වන 8.5% සහ 12.5% ට වඩා ඉහළින් පැවතුනි. 2024 සැප්තැම්බර් 12 වැනි දින බැංකුව විසින්  දෙවන මට්ටමේ ප‍්‍රාග්ධනයේ බේසල් III  ලැයිස්තුගත කළ, අනුපාතමය, සුරක්ශිත රහිත,ආපසු ගෙවියහැකි බැඳුම්කර හරහා කොළඹ කොටස් වෙළෙඳපොළේ රුපියල් බිලියන 5ක ණයකර නිකුතුවක් සිදු කරන ලදී. බැංකුව විසින් එම විශේෂාංග සහිතව නියාමන අනුමැතියට යටත්ව තවත් රුපියල් බිලියන 5.0. ණයකර නිකුතුවක් මෙම වසරේදී  සිදු කරනු ඇත. නිකුතු දෙකෙන්ම රැස් කරන අරමුදල්, බේසල් III මාර්ගෝපදේශයන්ට අනුකූලව ප‍්‍රාග්ධන ප‍්‍රමාණාත්මතා අනුපාතය වැඩිදියුණු කිරීම සහ තවදුරටත් ශක්තිමත් කිරීම සහ බැංකුවේ අනාගත ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණු ඉටු කරයි.

ආයෝජන කාර්ය සාධනය  සහ නියාමන අනුපාත

2024 වසරේ තුන්වන කාර්තුව සඳහා සාමාන්‍ය කොටස් මත ප‍්‍රතිලාභ සහ කොටසකට වාර්ෂික ඉපැයීම් පිළිවෙලින් 8.02% (සමූහ – 8.22%) සහ රු. 13.69 (සමූහ – රු. 14.92) ලෙස වාර්ථා වෙයි. සාමාන්‍ය වත්කම් මත බදු පෙර ප‍්‍රතිලාභය 1.53% (සමූහ – 1.64%) වූ අතර කොටසක ශුද්ධ වත්කම් අගය රු. 172.64 (සමූහ රු. 183.87) විය. 

ඉදිරි දැක්ම

ශ‍්‍රී ලංකාවේ භූ දේශපාලන තත්වය ස්ථාවර වන අතර ජාතික ආර්ථික න්‍යාය පත‍්‍රය වර්ධනයට සහ වැඩිදියුණු වන ජීවන තත්වයන්ට ප‍්‍රමුඛත්වය ලබාදීමේ දී රටේ ආයෝජන හැකියාව පිළිබඳ විශ්වාසය ඉහළ යමින් පවතී. මෙම වර්ධනයන් ආර්ථිකය සඳහා ධනාත්මක බලපෑමක් ඇති  කරන අතර NDB බැංකුව මෙම ගමනට සහාය වීමට සූදානමින් සිටී. අපගේ අනාගත උපායමාර්ගයන්ට අනුකූලව, ප‍්‍රජාවන් සවිබල ගැන්වීමට සහ තිරසාර වර්ධනයක් ඇති කිරීමට කැපවී සිටින  බැංකු ආයතනයක් ලෙස ජාතියේ ප‍්‍රගතියට සහ නැඟීසිටීමට දායක වීමට බැංකුව නිබඳවම කැපවී සිටියි. සියලූම ශ‍්‍රී ලාංකිකයන් සමඟ එක්ව වඩාත් සමෘද්ධිමත් අනාගතයක් ගොඩනැගීමට NDB බැංකුව අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *