MSTI Maritime Academy ශ්‍රී ලංකාවේ වඩාත් දියුණු හා පරිපූර්ණ නාවුක මෙහෙයුම් සිමියුලේටරය දියත් කරයි
1986 වසරේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික නාවුක පුහුණු පාසල වන MSTI Maritime Academy අද වන විට ගෝලීය වශයෙන් දක්ෂ නාවුකයින් බිහි කිරීමේ දශක 3කට අධික කීර්තිමත් උරුමයකට හිමිකම් කියයි. දෙහිවල, කටුකුරුන්ද සහ කලුතර ප්‍රදේශයන්හි පිහිටා ඇති අති නවීන පුහුණු පහසුකම් සහ ප්‍රවීන නාවුකයින්ගෙන් හා ප්‍රධාන ඉංජිනේරුවරුන්ගෙන් සැදුම්ලත් පීඨයක් සමඟින් නාවුක කර්මාන්තය සඳහා වන ඉහළම තත්වයේ නාවුක අධ්‍යාපනයේ නව මානයන් විවර කිරීමට MSTI Maritime Academy සමත්ව සිටියි.
සිය දශක 3කට එහා ගිය විශිෂ්ටත්වය තුළ තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කිරීමට MSTI Maritime Academy පසුගියදා කටයුතු කරනු ලැබුවේ අති නවීන හා පරිපූර්ණ නාවුක මෙහෙයුම් සිමියුලේටරය (Full Mission Bridge Simulator) විවෘත කරමිනි. ශ්‍රී ලංකාවේ දැනට ලබා ගත හැකි වඩාත්ම දියුණු නාවුක මෙහෙයුම් සිමියුලේටරය ලෙසද එය සඳහන් කළ හැකිය.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ගරු ජනිත රුවන් කොඩිතුවක්කු මහතා එක් වූ අතර MSTIහි සභාපති කපිතාන් අජිත් පීරිස්, සමුද්‍රීය හා වරාය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කර්මාන්ත හවුල්කරුවන්, නාවුක වෘත්තිකයින්, අධ්‍යාපනඥයින් සහ මාධ්‍ය නියෝජිතයින්ද එම අවස්ථාවට එක්ව සිටියහ.
නාවුක අනුකරණ තාක්ෂණයේ ගෝලීය ප්‍රමුඛයකු වන Wärtsilä-NTPro විසින් නිෂ්පාදනය කරන ලද මෙම නව සිමියුලේටරය සඳහා අංශක 360ක පාලක මැදිරිය, නැව් හැසිරවීමේ පද්ධති සහ සන්නිවේදන කොන්සෝල ඇතුළත් වේ. එමෙන්ම tug-handling සහ ආශ්‍රිත මෙහෙයුම් සඳහා විශේෂිත ආදේශයන්ද ඊට ඇතුළත් වේ.
ශ්‍රී ලාංකික නාවුක ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරලමින් තරඟකාරී ගෝලීය නාවූක ක්ෂේත්‍රයට වඩාත් අධ්‍යාපනික, තාක්ෂණික හා ශිල්පීය දැනුමෙන් සන්නද්ධ නවකයන් බිහිකිරීමට මේ තුලින් MSTI Maritime Academy වෙත හැකියාව උදා වන අතරම ශ්‍රී ලාංකේය තරුණ තරුණ තරුණියන්ට ජාත්‍යන්තර පිළිගත් සුවිශේෂී වෘත්තීය අධ්‍යාපන අවස්ථාවක් තම රට තුලදීම සපුරා ගැනීමට හැකි වනු ඇත. එසේම නාවුක ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වය ලොවට ගෙන යාමටද මෙය සුවිසල් අවස්ථාවක් නිර්මාණය කරනු ඇත.

