
මිනැස්රෝ කොලේජ් විදුහල්පතිනිය මැලේසියාවේ විශේෂ පුහුණුවකට එක් වේ
මිනැස්රෝ කොලේජ් විදුහල්පතිනි පුෂ්පා හෙට්ටිආරච්චි මහත්මිය මැලේසියාවේ බයිනරි විශ්ව විද්‍යාලයේ සහ ලින්කන් විශ්ව විද්‍යාලයේ පැවැත්වුණු මනෝ විද්‍යාව සහ උපදේශනය පිළිබඳ පුහුණු සැසියකට සහභාගී වූවාය. එම පුහුණු සැසිවලදී සිසුන්ගේ මානසික සෞඛ්‍යය ඉහළ නැංවීම සහ පාසල් පද්ධතිය තුළ උපදේශන ක්‍රියාවලිය වර්ධනය පිළිබඳව ඇය විශේෂ අධ්‍යනයක යෙදුණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර සංඛ්‍යානය විශේෂ උපාධිය ලබා සිටින ඇය මනෝ විද්‍යාව සහ උපදේශනය පිළිබඳව බයිනරි විශ්ව විද්‍යාලය සමඟ එක් වී ඒල්පෙක් කැම්පස් පිරිනමන ඩිප්ලෝමාවක් ලබමින් සිය විශේෂඥතාව ඉහළ නංවා ගැනීමේ අරමුණෙන් මෙම පුහුණු සැසියට සහභාගී විය. එහිදී ලැබූ දැනුම සහ අත්දැකීම් නිසා දෛනික සහ ප්‍රයෝගික අධ්‍යාපනය සමඟ මානසික යහපත ඒකාබද්ධ කිරීම සඳහා Minasro College දරන ප්‍රයත්නය වඩාත් සාර්ථක වනු ඇත.
මතුගම පැලවත්ත ප්‍රදේශයේ නිසංසල පරිසරයක පිහිටා ඇති Minasro College ආරම්භයේ සිට මේ දක්වා විශාල වර්ධනයක් ලබා ඇත. සිසුන්ට අංග සම්පූර්ණ අධ්‍යාපනයක් සැපැයීමට ඔවුන් හඳුන්වා දී ඇති වැඩසටහන් දෙස් විදෙස් වශයෙන්ද ඇගැයීමට ලක් වී තිබේ. අධ්‍යාපන විශිෂ්ටත්වය, චරිත සංවර්ධනය, ශිෂ්‍ය සුබසාධනය එම පාසලේ ප්‍රමුඛතා අතර වේ. Minasro College දේශීය සහ විදේශීය සම්මාන රැසක් දිනා තිබේ. මැලේසියාවේදී පැවැත්වුණු ලෝක පාසල් සම්මේලනයේදී දිනූ ‘අංග සම්පූර්ණ අධ්‍යාපනයක් සඳහා වන විශිෂ්ටම පාසල් සම්මානය, People’s Excellency 2024 සම්මානය, Global Business Excellence 2025 සම්මාන උළෙලේදී දිනූ ‘විශිෂ්ටම අධ්‍යාපන සේවා සපයන්නා (පෙර පාසැල් සහ ප්‍රාථමික අංශ) සම්මානය ඒ අතරින් ප්‍රධාන වේ. Minasro College පන්ති කාමරයේදී මෙන්ම ඉන් පිටතදීත් සිසුන්ට සහාය වන ආකාරයේ උසස් ප්‍රමිතිවලට අනුකූල සමබර අධ්‍යාපන රටාවක් නිර්මාණය කර ඇත. ඔවුන්ගේ තේමාව ‘Good Start, Grow Smart’ යන්නයි. පුහුණුව, නව්‍යකරණය, ප්‍රායෝගික අත්දැකීම් සමඟ ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට සැපැයීමෙන් ජාත්‍යන්තරය ජය ගත හැකි දේශීය පුරවැසියන් ලොවට දායාද කිරීම Minasro Collegeහි දීර්ඝ කාලීන ඉලක්කය වේ.