
මිනැස්රෝ කොලේජ් 2024 සාමාන්‍ය පෙළ විභාගයේ දී සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි
මතුගම පැලවත්ත මිනැස්රෝ කොලේජ් 2024 සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුල් වරට මුහුණ දෙමින් විද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායමේ සෑම අයැදුම්කරුවකුම විශිෂ්ට ප්‍රතිඵල සහිතව සමත් කර තිබේ. සියලුම ශිෂ්‍යයෝ එම විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් මුහුණ දුන්හ. පෙසන්දි දුලන්සා කන්නන්ගර පාසලේ විශිෂ්ටම ප්‍රතිඵලය ලබමින් විෂය 9ට A සාමාර්ථ 8ක් සහ B සාමාර්ථයක් ලබමින් පළමු තැනට පත් වී තිබේ. 2024 වසරේ විශිෂ්ටම ශිෂ්‍යයා සම්මානය (බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයකදී), All-Round Academic Performer Award 2024 (මැලේසියාවේ HELP විශ්ව විද්‍යාලයේදී පැවැත්වුණු World School Summit උත්සවයේදී) යන සම්මාන ද්විත්වය දිනා ගැනීමටද ඇයට හැකි විය.
ආචාර්ය මේජර් අනුර කන්නන්ගර මහතාගේ දැක්ම අනුව ආරම්භ කළ මිනැස්රෝ විද්‍යාලය ග්‍රාමීය දරුවන්ට ගෝලීය මට්ටමේ අධ්‍යාපනයක් සැපැයීමේ අරමුණ සහ කැපවීම සහිත පෞද්ගලික පාසලකි. මෙම පළමු සාමාන්‍ය පෙළ කණ්ඩායමට අයත් සියලුම ශිෂ්‍යයන් උසස් පෙළ අධ්‍යාපනයට සුදුසුකම් ලබා ඇති අතර එය පාසලේ ඉදිරි අධ්‍යාපන කාර්යය සඳහා ශක්තිමත් පදනමක් වේ. මෙය මිනැස්රෝ විද්‍යාලයේ අධ්‍යාපන විප්ලවයෙහි තවත් සුවිශේෂ සන්ධිස්ථානයක් වන අතර ගුරු ශිෂ්‍ය දෙපිරිසටම උද්යෝගයෙන් ඉදිරියට යාමට ආශිර්වාදයක් වේ.