MEGHA NADHA සජීවී ප්‍රසංග සංකල්පය එළි දක්වයි
ශ්‍රී ලංකාවේ සජීවී සංගීත ක්ෂේත්‍රයට නව මානයක් එක් කරමින් සුවිශේෂ සජීවී ප්‍රසංග අත්දැකීමක් වන MEGHA NADHA උත්කර්ෂවත් ලෙස Waters Edgeහිදී නිල වශයෙන් එළි දැක්වීය. පූර්ණ සජීවී ප්‍රසංග අත්දැකීමක් ලෙස සංකල්පගත කර ඇති Megha Nadha සාම්ප්‍රදායික සංගීත උරුමය හා නවීන සංගීත ශක්තිය එකට මිශ්‍ර කරමින් රසිකයන්ට ගැඹුරු හා සංවේදී සංගීත අත්දැකීමක් සපයයි. Waters Edgeහි පැවති ආරම්භක උත්සවයේදී උසස් නිෂ්පාදන ප්‍රමිතිය, වේදිකා සැළැසුම් හා කලාත්මක දැක්ම පිළිබඳව විශේෂ පෙර දසුනක් ආරාධිත අමුත්තන්ට ඉදිරිපත් කරන ලදී.
Megha Nadhaහි මූලික ශක්තිය වන්නේ සම්පූර්ණයෙන් සජීවී සංගීත කණ්ඩායම් දෙකකි. ඔවුන් නිරවද්‍යව සකස් කළ ශක්තිමත් හා ගුණාත්මක සංගීත රටා රසිකයන් වෙත ඉදිරිපත් කරනු ඇත. සම්ප්‍රදාය හා නවීනත්වය එකට බැඳෙමින් පරම්පරා අතර සම්බන්ධයක් ගොඩනැගීම මෙහි විශේෂත්වයකි. මෙම ප්‍රසංගය තුළ දිගුකාලීන සංගීත උත්කර්ෂය සඳහා ප්‍රසිද්ධ ලෙජන්ඩ් ගායකයන් දෙදෙනෙකු, 1990 දශකයේ සංගීතයේ ස්වර්ණමය යුගය නිර්මාණය කළ කලාකරුවන් දෙදෙනෙකු සහ වර්තමාන තරුණ ප්‍රවණතා නියෝජනය කරන කලාකරුවන් දෙදෙනෙකු එකට ගෙන එයි. එමඟින් Megha Nadha තුළින් උරුමය හා නවීන සංගීත ප්‍රකාශනය අතර සම්බන්ධයක් සෑදෙන වේදිකාවක් සැකැසේ. Megha Nadhaහි සංකල්පය හා නිර්මාණාත්මක දැක්ම ගොඩ නඟා ඇත්තේ සම්මානලාභී ඉසව් කළමනාකරුවකු වන කසුන් ගුණවර්ධන මහතාය. ඔහු Global Icon Awards 2025 සම්මාන උළෙලේදී “Global Icon of the Year – Event Manager (Sri Lanka)” සම්මානයෙන් පිදුම් ලබා ඇත. CCC Events (Pvt) Ltd නිෂ්පාදනය කර හිමිකාරිත්වය දරන Megha Nadha වෘත්තීයමය ලෙස සැළැසුම් කළ සජීවී විනෝදාස්වාද වෙළඳ නාමයකි.

