January 22, 2026
MEGAKEM සිය නවතම නිෂ්පාදනය වන MEGAPROOF HI-BUILD එළි දක්වයි
පුවත්

MEGAKEM සිය නවතම නිෂ්පාදනය වන MEGAPROOF HI-BUILD එළි දක්වයි

Jan 22, 2026

Wardena Venture Holdings සමාගමට අනුබද්ධ MEGAKEM Engineering පෞද්ගලික සමාගම හඳුන්වා දෙන MEGAPROOF HI-BUILD ඉලාස්ටෝමරික් Waterproofing ආලේපනය පසු ගිය දා BMICHහිදී වෙළෙඳපොළට නිකුත් කරන ලදී. ඉදි කිරීම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් වන එය මෙරට නිෂ්පාදනය කළ HI-BUILD කාණ්ඩයට අයත් පළමු Waterproofing ආලේපනය වේ. බ්‍රිතාන්‍ය තාක්ෂණය අනුව මෙරටදී නිෂ්පාදනය කරන MEGAPROOF HI-BUILD වර්තමාන වෙළෙඳපොළ තුළ පවතින ඉහළම ක්‍රියාකාරිත්වයක් සහිත Waterproofing ආලේපනය වේ. එය කල් පැවැත්මට, නම්‍යශීලීත්වයට සහ දිගු කාලීන ආරක්ෂාවට මුල් තැන දෙමින් සහ නිරන්තරයෙන් වෙනස් වන මෙරට කාලගුණ තත්ත්වවලට ඔරොත්තු දෙන ලෙස නිෂ්පාදනය කර තිබේ.

MEGAPROOF HI-BUILD නිවාස සහ මහල් ගොඩනැගිලිවල පිටත බිත්ති, වහල සහ කොන්ක්‍රීට් මතුපිට සඳහා යොදා ගත හැකි නිෂ්පාදනයකි. මෙරට කාලගුණ වෙනස්කම් සහ කල් පැවැත්ම පිළිබඳ ගැටලු වැනි අභියෝග රැසකට ගැළැපෙන විශිෂ්ට නිෂ්පාදනයක් ලෙස එය හැඳින්විය හැකිය. MEGAPROOF HI-BUILD එළි දැක්වීමේ අවස්ථාවට වෘත්තිකයන්, උපදේශකයන්, කොන්ත්‍රාත්කරුවන්, ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ අතර එහිදී ඔවුහු නව නිෂ්පාදනය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළහ. සාම්ප්‍රදායික සහ සංස්කෘතික අංගවලට මුල් තැන දෙමින් පැවැත්වුණු එම උත්සවයේදී  MEGAPROOF HI-BUILDහි උසස් ක්‍රියාකාරිත්වය පිළිබඳව තාක්ෂණ කරුණු ඇතුළත් දීර්ඝ ඉදිරිපත් කිරීමක්ද සිදු කරන ලදී. Megakem Engineering සභාපති අශෝක සිරිවර්ධන මහතා එහිදී සඳහන් කළේ ඉදි කිරීම් විසඳුම් හඳුන්වා දීමේදී දේශීය තත්ත්ව පිළිබඳව මනා අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත් බවයි. MEGAPROOF HI-BUILD හඳුන්වා දීම තුළින් නවෝත්පාදනය, තාක්ෂණික ඥානය සහ දේශීය නිෂ්පාදන විශිෂ්ටත්වය සඳහා MEGAKEM සතු කැපවීම පිළිබිඹු වන බව ඔහු පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close