February 17, 2026
Medihelp රෝහල් ජාලයේ 20 වැනි ශාඛාව අම්බලන්ගොඩ දී විවෘත වේ
පුවත්

Medihelp රෝහල් ජාලයේ 20 වැනි ශාඛාව අම්බලන්ගොඩ දී විවෘත වේ

Feb 17, 2026

මෙරට විශාලම මූලික ප්‍රතිකාර සේවා ජාලය සහ ශීඝ්‍රයෙන්ම ව්‍යාප්ත වන සෞඛ්‍ය සේවා සපයන්නා වන Medihelp Hospitals 20 වැනි ශාඛාව ජනවාරි 29 අම්බලන්ගොඩදී විවෘත විය. මේ වන විට ජාතික වශයෙන් සිය මෙහෙයුම් කටයුතු පුළුල් කරමින් සිටින එම රෝහල දකුණු පළාත තුළ සිය සේවාව ආරම්භ කළ පළමු අවස්ථාව මෙය වේ. සංස්කෘතික උරුමයෙන් පොහොසත් ගාල්ල දිස්ත්‍රික්කයට අයත්  ක්‍රියාකාරී වාණිජ මධ්‍යස්ථානයක් වන අම්බලන්ගොඩ නගරයෙහි නවීන සෞඛ්‍ය සේවා සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යන පසුබිමක එම ප්‍රදේශය තුළ සිය සේවාව  ආරම්භ කිරීම Medihelp Hospitals සමාගමේ දිගුකාලීන වර්ධන ඉලක්කයවල වැදගත් ඉදිරි පියවරකි.

අම්බලන්ගොඩ නගර සභාවේ නගරාධිපති අසේල ගොඩහේවා මහතා, Medihelp Hospitals සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකාරිත්වය, කාර්ය මණ්ඩලය සහ මාධ්‍ය නියෝජිතයන් ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූහ. එහි පැමිණෙන පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක විහිදී ඇති සෞඛ්‍ය සේවා රැසක් සැපැයේ. හදිසි ප්‍රතිකාර සහ බාහිර රෝගී ප්‍රතිකාර අංශ, විශේෂඥ වෛද්‍ය සේවාව, ඔසුසල, පූර්ණ ස්වයංක්‍රිය වෛද්‍ය රසායනාගාරය, ඩිජිටල් එක්ස් කිරණ, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන්, Echocardiography, ECG සහ එන්ඩොස්කොපි ඒකක ඒ අතරින් ප්‍රධාන වේ. නුදුරේදීම රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය පහසුකම්ද ස්ථාපනය කිරීමට නියමිතය. උත්සව අවස්ථාව අමතමින් Medihelp Hospitals කළමනාකරණ අධ්‍යක්ෂ චන්දික විජේසිරිවර්ධන මහතා පැවැසුවේ අම්බලන්ගොඩ ශාඛාව සිය 20 වැනි ශාඛාව පමණක් නොව ජාතික වශයෙන් විහිදුණු සෞඛ්‍ය සේවා ජාලයක් ඇති කිරීම සඳහා වන දැක්මේ සුවිශේෂ සන්ධිස්ථානයක් බවයි. අඛණ්ඩව රට පුරා ජනතාවට විශ්වාසනීය සහ උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවා දැරිය හැකි මිලකට සැපැයීම සමාගමේ ප්‍රධාන අරමුණ බව ඔහු පැවැසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close