September 14, 2025
Maxim Impressions Lanka කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන දිනයි
පුවත්

Maxim Impressions Lanka කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන දිනයි

Feb 11, 2024

උසස් තත්ත්වයේ නිමි ඇඳුම් ලේබල්, ඇසුරුම් සහ වෙනත් ආශ්‍රිත සේවා සපයන Maxim Smart Manufacturing සමාගමට අනුබද්ධිත Maxim Impressions Lanka පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩයේ උසස් නිෂ්පාදන සහ ඩිජිටල් තාක්ෂණ අංශයේ රන් සම්මානය දිනා ගත්තේය.Maxim Impressions Lanka ප්‍රධාන පෙළේ සන්නාම රැසකට සන්නාම හැඳුනුම් ආරක්ෂණ සහ තොරතුරු තාක්ෂණ සේවා සපයයි. නිර්මාණාත්මක ක්‍රමවේද සහ නවීන තාක්ෂණය භාවිතයෙන් උසස් තත්ත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයන්ට පිරිනමන එම සමාගම සතුව පුහුණුවෙන් සහ අත්දැකීම්වලින් පරිපූර්ණ කාර්ය මණ්ඩලයක් සිටී. අවසන් අදියර දක්වා වන නිෂ්පාදන ක්‍රියාවලියට පාරිභෝගික සංකල්ප ඒකාබද්ධ කිරීමටද සමාගම කටයුතු කරයි.

සමාගමේ ඇසුරුම් නිෂ්පාදන අතර RFID Stickers & Tags, Price Ticket, Heat Transfer Label, Hang Tag, Woven Label, Care label, Adhesive Stickers ආදිය ප්‍රධාන වේ. ඔවුන්ගේ අනෙකුත් නිෂ්පාදන අතර Patches, Specialty Trim, Faux Leather, Suede, Silicone, PVC, Vinyl, Zipper Pull, Grommet, Pin, String  Seal, නූල් සහ රිබන් ආදිය වේ. එමෙන්ම නිෂ්පාදන හා ගබඩා (Production & Warehouse) අංශ කාර්යක්ෂමතාව වැඩි කිරීමට RFID Tracking Solution සේවාව කර්මාන්ත සදහා හදුන්වා දෙනු ලැබේ. Maxim Smart Manufacturing සිය නිෂ්පාදන ක්‍රියාවලිය පුරා Ginetex, International Organization for Standardization, Federal Trade Commission, UK Fashion and Textile Association, HIGG Index සහ UKFT and International Conference on Live Coding Standards වැනි ආයතන හඳුන්වා දී ඇති ප්‍රමිතිවලට අනුගත වේ. “ඉහළම ප්‍රමිතියෙන් යුතුව දීර්ඝ කාලයක් පුරා අප සිදු කරන නිෂ්පාදන සහ ජාත්‍යන්තර පාරිභෝගිකයන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය මෙම ජයග්‍රහණයට හේතු වුණා.” Maxim Impressions Lanka නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (විකිණුම් සහ අලෙවි) සුරජි දිසානායක පැවසීය.Maxim ප්‍රධාන කාර්යාලය තායිවානයේත්, ශාඛා ශ්‍රී ලංකාව, චීනය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ඩොමිනිකන් ජනරජය, ග්වාතමාලා, ස්පාඤ්ඤය, ජර්මනිය, තුර්කිය, නෝර්වේ, ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය, වියට්නාමය, පකිස්ථානය, කාම්බෝජය සහ දකුණු අප්‍රිකාව වැනි රටවලත් පිහිටා ඇත.

1 Comment

  • Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close