March 14, 2025
මලිඳු ඩේරි කෘෂිකර්ම හා පශු සම්පත් අංශයේ දකුණු පළාත් විශිෂ්ටම ව්‍යවසායකයා සම්මානය දිනයි
පුවත්

මලිඳු ඩේරි කෘෂිකර්ම හා පශු සම්පත් අංශයේ දකුණු පළාත් විශිෂ්ටම ව්‍යවසායකයා සම්මානය දිනයි

Jan 7, 2024

දකුණු පළාතේ කිරි ආශ්‍රිත ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන මලිඳු ඩේරි පෞද්ගලික සමාගම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහයෝගයෙන් හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය සංවිධානය කළ 2023 දකුණු පළාත් විශිෂ්ට ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී කෘෂිකාර්මික හා පශු සම්පත් අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ දකුණු පළාත් ජයග්‍රාහකයා ලෙස විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙලේදී මලිඳු ඩේරි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල නිශාන්ත මහතා වෙත සම්මානය පිරිනමන ලදී. පසුගියදා ඔවුන්ට ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී රිදී සම්මානයක්ද හිමි විය.

1993දී සුළු පරිමාණයෙන් යෝගට් නිෂ්පාදනය කරමින් ඇරැඹූ මලිඳු ආයතනය ඉන්පසුව යෝගට් පාන වර්ග නිෂ්පාදනයට පිවිසුණි. වර්තමානයේදී යෝගට් වර්ග සහ මී කිරි නිෂ්පාදන මලිඳු සන්නාමයෙන් වෙළෙඳ පොළට පැමිණේ. නවීන යන්ත්‍ර සුත්‍ර භාවිතයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ 100%ක් නැවුම් ඵලකිරිවලින් සහ මී කිරිවලින් නිපදවන මලිඳු නිෂ්පාදන දිවයින පුරා පිහිටි වෙළෙඳසැල්වලින් මිලට ගත හැකිය. මලිඳු ඩේරි සමාගම ISO:14001, ISO:22000 සහ GMP යන තත්ත්ව සහතිකවලින් සහ සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. නිරන්තරයෙන් සිදු කරන පර්යේෂණ සහ සංවර්ධන කටයුතු ඔස්සේ මලිඳු ඩේරි සමාගම සිය නිෂ්පාදනවල උසස් තත්ත්වය සහ ගුණාත්මකභාවය ඉහළ දැමීමට කටයුතු කරයි. “අභියෝගාත්මක කාලයක සියලු බාධක ජය ගනිමින් ව්‍යාපාරය සාර්ථකව මෙහෙය වන්න අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා. නමුත් ව්‍යවසායකයන් වන අප ඉදිරියේ දැවැන්ත ප්‍රශ්න රැසක් තිබෙනවා. මේ පිළිබඳව බලධාරින්ගේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මෙම ජයග්‍රහණයට සහාය දැක්වූ අපගේ වටිනා පාරිභෝගිකයන්ටත්, කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.” කළමනාකාර අධ්‍යක්ෂ මංජුල නිශාන්ත මහතා පැවසීය.

1 Comment

  • Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close