June 23, 2025
මැලිබන් බිස්කට් විසින් කොරියන් රාමෙන් රස සම්ප්‍රදායට නව හැඩයක් එක් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම Korean Ramen Savory බිස්කට් නිෂ්පාදනය හඳුන්වාදෙයි
පුවත්

මැලිබන් බිස්කට් විසින් කොරියන් රාමෙන් රස සම්ප්‍රදායට නව හැඩයක් එක් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම Korean Ramen Savory බිස්කට් නිෂ්පාදනය හඳුන්වාදෙයි

Jun 19, 2025

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් අතර ජනප්‍රිය කොරියානු ආහාර සම්ප්‍රදාය වැළඳගැනීමේ ප්‍රවණතාවය සැලකිල්ලට ගනිමින්, පාරිභෝගිකයින් අතර ප්‍රචලිත Maliban Snackers Savory බිස්කට් පෙළ යටතේ සිය නවතම බිස්කට් රස පෙරැළිය හඳුන්වා දීමට මැලිබන් බිස්කට් (පුද්ගලික) සමාගම, පසුගියදා නිල වශයෙන් කටයුතු කළේ ය. ඒ ශ්‍රී ලංකාවේ බිස්කට් වෙළඳපොළ තුළ ප්‍රථම වතාවට කොරියන් රාමෙන් රසැති Savory බිස්කට් නිෂ්පාදනයක රස අත්දැකීම පාරිභෝගිකයින් වෙත ළඟා කරමිනි.

මෙම නවතම නිෂ්පාදනය හදුන්වා දීමත් සමඟ පසුගියදා Colombo City Centre හි Dolby Atmos Theatre හිදී ATEEZ World Tour: Towards the Light – Will to Power චිත්‍රපට ප්‍රසංගයේ මෙරට මංගල දර්ශනය නැරඹීමේ අවස්ථාව, වාසනාවන්ත රසවතුන් 100 දෙනෙකුට හිමිකර දීමට ද මැලිබන් බිස්කට්ස් සමාගම කටයුතු කළේය. සිය රසවතුන්ට ආකර්ෂණීය අත්දැකීමක් ලබා දීමේ අරමුණින් පැවති මෙම වින්දනීය ප්‍රසංගයේ දී ලොව ජනප්‍රිය කොරියානු රාමෙන් රසය, K-pop සංගීතයට මුසු කරමින් පැමිණ සිටි පිරිසට අමතක නොවන අත්දැකීමක් සමීප කරනු ලැබීය. K-pop ලෝලීන්ගෙන් සමන්විත යෞවන යෞවනියන් හට මෙහිදී නවතම Maliban Snackers Korean Ramen රස බැලීමට ද අවස්ථාව හිමි වූහ.

මැලිබන් බිස්කට් සමාගම, දිනෙන් දින වෙනස්වන පාරිභෝගික රුචි අරුචිකම් මත සාර්ථකව අනුවර්තනය වන ආකාරය මැනවින් ඔප්පු කළ මෙම නවතම හඳුන්වා දීම ඔස්සේ ශ්‍රී ලාංකේය බිස්කට් රස සම්ප්‍රදාය තුළ නව පෙරැළිකාර යුගයක් සනිටුහන් කිරීමට සමත් වූයේ ය.

පෙර අත්නොවිඳි රසයක් සොයන බිස්කට් පාරිභෝගිකයින්ට, මෙම Maliban Snackers Korean Ramen Savory බිස්කට් නවතම රස අත්දැකීමක් ගෙන දෙනු නිසැකය. රුපියල් 50 ක මිලකට හඳුන්වා දී ඇති Maliban Snackers Korean Ramen නිෂ්පාදනය, දැනට බිස්කට් වෙළඳපොළෙහි ඇති Maliban Snackers Cheese & Chilli, Masala, Sweet Chilli, Tomato සහ Spicy යන ජනප්‍රියතම Snackers පෙළ අතරට එකතු වනු ඇත.

ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන කර්මාන්තය තුළ ගුණාත්මකභාවයෙන් සහ විශිෂ්ට රසයෙන් යුත් නිෂ්පාදන පාරිභෝගිකයින් වෙත පිරිනමන සමාගමක් වශයෙන් වසර 70කට අධික ඉතිහාසයක් ඇති මැලිබන් ආයතනය විශ්වාසනීය නාමයක් දිනාගෙන තිබේ. ආහාර සුරක්ෂිතතා කළමනාකරණය සඳහා ISO 22000, FSSC 22000 වැනි අන්තර්ජාතික තත්ත්ව සහතික හිමි කරගෙන ඇති නිෂ්පාදකයින් කිහිපදෙනා අතරින් එක් සමාගමක් වන මැලිබන් බිස්කට් සමාගම, තිරසාර සංවර්ධනය වෙනුවෙන් ISO 14064-1 සහතිකයට අනුකූලව ආයතනයේ කාබන් පියසටහන් (Carbon Foot Print) තහවුරු කරන ලද ශ්‍රී ලංකාවේ එකම බිස්කට් නිෂ්පාදන ආයතනය ලෙස ද කැපි පෙනේ. ජාතික තත්ත්ව සම්මාන කිහිපයක් සහ අනෙකුත් ගෝලීය සම්මාන රැසක් හිමි කරගෙන ඇති මැලිබන් නිෂ්පාදනයන්, මේ වනවිට ඕස්ට්‍රේලියාව, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි ඉහළ නියාමනයන් සිදු කරන ලද වෙළඳපොළවල් සහිත රටවල් 50කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබේ.

ගුණාත්මකභාවය, තිරසාරභාවය සහ විශිෂ්ටත්වය යන මූලික වටිනාකම් මත පදනම් වූ මැලිබන් සමාගම, ලොවපුරා සිටින පාරිභෝගිකයින් අතර සිය නිෂ්පාදන හා වෙළඳනාමය කෙරෙහි විශ්වාසය දිනා ගනිමින් යහගුණයෙන් ඉදිරියට ගමන් කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close