February 14, 2026
Mahindra Ideal Finance, 2026 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය සඳහා 204%ක කැපී පෙනෙන බදු පෙර ලාභයේ වර්ධනයක් වාර්තා කරයි
පුවත්

Mahindra Ideal Finance, 2026 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය සඳහා 204%ක කැපී පෙනෙන බදු පෙර ලාභයේ වර්ධනයක් වාර්තා කරයි

Nov 14, 2025

Mahindra Ideal Finance Limited (MIFL), 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වන මාස හය සඳහා (H1 FY26) ශක්තිමත් ආදායම් සහ ලාභයේ වර්ධනයක් වාර්තා කර ඇත. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ එහි විවිධ වාහන සන්නාම මූල්‍යකරණ ව්‍යාපාරයේ වේගවත් වර්ධනයයි.

අදාල කාල පරිච්ඡේදයේදී MIFL හි මුළු ආදායම පසුගිය වසරට සාපේක්ෂව 47%කින් රු. බිලියන 1.85ක් දක්වා වර්ධනය වී ඇත- මේ අතර සමාගමේ බදු පෙර ලාභය (PBT) 204%කින් ඉහළ ගොස් රු. මිලියන 477 ක් වී ඇති අතර බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 374%කින් වර්ධනය වී රු. මිලියන 209ක් වී ඇත.

මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් Mahindra Ideal Finance හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා මහතා පැවසුවේ ‘’වාහන ආනයනය නැවත ආරම්භ කිරීම සහ රටේ ආර්ථිකය ස්ථාවර වීමට පටන් ගත් පසුව, ශ්‍රී ලංකාව පුරා විවිධ වාහන සන්නාම මූල්‍යකරණය සඳහා ඉල්ලුමේ ස්ථාවර වර්ධනයක් අපට දැකගත හැකි වුනා. අපගේ වාහන ආනයනකරුවන්ට, අලෙවිකරුවන්ට සහ ගනුදෙනුකරුවන්ට ගැලපෙන සේවාවන් අඛණ්ඩව ලබා දීමෙන් සහ ණය දීමේ ගුණාත්මකභාවය මෙන්ම විචක්ෂණශීලිව පිරිවැය කළමනාකරණය කිරීමෙන් මෙම මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී අපට ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වුනා.’’ යනුවෙනි.

“ඉදිරියේදී අපි මෙම වර්ධනය අඛණ්ඩව පවත්වා ගෙන යාමට අරමුණු කරන අතර අපගේ විශාල පරිමාණයෙන් මුදල් ණයට ලබා ගන්නා ව්‍යාපාරිකයින් සහ තනි පුද්ගල ව්‍යාපාරිකයින්ට ඔවුන්ගේ සිහින කරා ළඟා වීමට උපකාරී වන වගකිවයුතු හා වටිනාකම් මත පදනම් වූ ණය විසඳුම් ලබා දීමට අප කැපවී සිටිනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සමාලෝචනයට ලක් කරන ලද කාල පරිච්ඡේදයේදී MIFL හි මුළු වත්කම්වල වටිනාකම පසුගිය වසරට සාපේක්ෂව 54% කින් රු. බිලියන 22.1 ක් දක්වා කැපී පෙනෙන ලෙස වර්ධනය විය. මෙම වර්ධනය මධ්‍යම ප්‍රමාණයේ මූල්‍ය සමාගමක් ලෙස සමාගමේ තත්ත්වය ශක්තිමත් කළේය. තවද සමාගමේ මුළු ණය ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව 84% කින් රු. බිලියන 20.4 ක් දක්වා වර්ධනය වූ අතර මෙම වර්ධනයට හේතු වුයේ තනි පුද්ගල ණය සඳහා ඇති දැඩි ඉල්ලුම සහ MIFL ප්‍රධාන පාරිභෝගික කණ්ඩායම්වල විශ්වාසය දිනා ගනිමින් උපායමාර්ගිකව වර්ධනය වීමයි. මේ අතර ඉහළ මෙහෙයුම් කාර්යක්ෂමතාවය හේතුවෙන් සමාගමේ ආදායම් පිරිවැය අනුපාතය පසුගිය වසරට සාපේක්ෂව 54%කින් වැඩිදියුණු විය.

2026 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී සමාගමේ වත්කම්වල ගුණාත්මකභාවය තවදුරටත් වැඩිදියුණු විය. Gross Stage 3 (අක්‍රිය ණය) අනුපාතය, 2025 මාර්තු මස අවසානයේ පැවති 1.86% හා සැසඳීමේදී 2025 සැප්තැම්බර් 30 වන දින වන විට 1.66% දක්වා අඩු විය. තවද 12.5%ක අදාල නියාමන අවශ්‍යතාවන් හා සැසඳීමේදී සමාගම 18.1% ක ශක්තිමත් සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතයක් පවත්වා ගෙන යාමට සමත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close