August 17, 2025
සංජීවනී ආයුර්වේද සමාගමේ Luxyana Wellness සුවතාව හා සුව කිරීම සඳහා විශිෂ්ටම ආයුර්වේද සන්නාමය ලෙස Pinnacleසම්මාන දිනයි
පුවත්

සංජීවනී ආයුර්වේද සමාගමේ Luxyana Wellness සුවතාව හා සුව කිරීම සඳහා විශිෂ්ටම ආයුර්වේද සන්නාමය ලෙස Pinnacleසම්මාන දිනයි

Mar 3, 2025

සංජීවනී ආයුර්වේද සමාගමට අයත් Luxyana Wellness, Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී සුවතාව සහ සුව කිරීම සඳහා වන වසරේ විශිෂ්ටම ආයුර්වේද සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර විය. කොළඹ 03, Crescat Boulevardහි පිහිටා ඇති Luxyana Wellness සංජීවනී ආයුර්වේද සමාගමේ නවතම ව්‍යාපෘතිය වේ. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට උපකාර වන ආයුර්වේද ප්‍රතිකාර සපයන එම මධ්‍යස්ථානය විවිධ රෝග සුව කිරීමටද ප්‍රතිකාර සපයයි.

Luxyana Wellness වෙතින් ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යය තත්ත්වය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර රැසක් ලැබිය හැකිය. සම්පූර්ණ ශරීර සම්බාහනය, ශිරෝධාර, හුමාල ස්නානය, පව්ඩර් සම්බාහනය සහ ශාකසාර නිය අලංකරණය වැනි සේවා ඒ අතර වේ. ආතරයිටිස්, සයිනසයිටිස්, ඉරුවාරදය, නහර ගැට ගැසීම, තරබාරු බව, කුරුලෑ, කොන්දේ වේදනාව, ස්පොන්ඩිලෝසිස් වැනි රෝග රැසක් සඳහා ප්‍රතිකාරද එහිදී ලැබිය හැකිය. කායික සහ මානසික ඒකාග්‍රතාව තහවුරු කරන  යෝගා වැඩසටහන්ද හඳුන්වා දී තිබේ. එච්. එම්. ඩී. එස්. සඳකැලුම් මහතාගේ නව්‍ය දැක්මේ ප්‍රතිපලයක් ලෙස මෙම සුවතා මධ්‍යස්ථානය ආරම්භ විය. Luxyana Wellness වෙතින් ඉහළම ගුණාත්මක ප්‍රමිතිවලට අනුකූලව සකසා ඇති ලිංගිකත්වය උද්දීපනය කරන ආයුර්වේද ඖෂධ වර්ග රාශියක් සහ අදාළ උපදේශන සේවාද ලැබිය හැකිය. සමබර ජීවන රටාවකට උපකාර වන සංජීවනී ශ්‍රීමත් මදන මෝදකය, පූර්ණ සුවතාව ඇති කිරීමට සහ වැඩි වේලාවක් පවතින වින්දනයක් සහතික කරන සංජීවනී කාමේෂ්වරී රසායනය, ලිංගික සෞඛ්‍යය වර්ධනය කරන අශ්වගන්ධ තෛලය වැනි එම සමාගමේ නිෂ්පාදන සියල්ලට ඇත්තේ විශාල ඉල්ලුමකි. ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය සහ GMP සහතිකය ලබා ඇති මෙම නිෂ්පාදනවල ඵලදායිතාව දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද තහවුරු කර ඇත. මෙම ජයග්‍රහණය ශ්‍රී ලාංකික ආයුර්වේද උරුමය සුරැකීම සඳහා සංජීවනී ආයුර්වේද සමාගම සතු කැපවීම යළි තහවුරු කරයි.

2 Comments

  • I believe other website owners should take this site as an example , very clean and wonderful user genial pattern.

  • Some really nice and utilitarian info on this website , as well I think the design and style contains good features.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close