
Luvanrich Herbal විශිෂ්ටම ශාකසාර ආහාර අතිරේක නිෂ්පාදන සමාගම ලෙස Pinnacleසම්මාන දිනයි
Luvanrich Herbal පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ශාකසාර ආහාර අතිරේක නිෂ්පාදන සමාගම ලෙස සම්මාන දිනුවේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ කල්ප උදාන්ත මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සම්මානය පිරිනමන ලදී. 2023දී ඇරැඹුණු Luvanrich Herbal සමාගම ඉතා කෙටි කාලයකින් පෝෂණ අතිරේක නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට පත් වී තිබේ. ආරම්භයේ පටන් එම සමාගම උසස් තත්ත්වයේ ගුණාත්මක ආයුර්වේද නිෂ්පාදන රැසක් දේශීය සහ විදේශීය වෙළෙඳපොලට නිකුත් කරයි. සෑම අවස්ථාවකම පාරිභෝගිකයා ගෙවන මිලට සාධාරණයක් ඉටු කරන එම සමාගම සෘජු සහ වක්‍ර රැකියා රැසක් නිර්මාණය කර ඇත.
Luvanrich Herbal සමාගමේ ශරීර සෞඛ්‍යය වර්ධනය කරන නිෂ්පාදන පෙළ සඳහා දේශීයව හා විදේශීයව සුවිශාල ඉල්ලුමක් ඇත. ඔවුන්ගේ නිෂ්පාදන අතර ප්‍රධාන තැනක් ගන්නා ශාකසාර තේ කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම ශරීරයේ බර යහපත් මට්ටමක පවත්වා ගැනීමටත්, දියවැඩියාව හා කොලෙස්ටරෝල් ඇති වීම වළක්වා ගැනීමටත්, චර්ම සෞඛ්‍යය යහපත් මට්ටමක පවත්වා ගැනීමටත් උපකාර වේ. එම සමාගම මීට පෙරද දෙස් විදෙස් සම්මාන සහ ඇගැයීම් රැසක් ලබා ඇත. Pinnacle සම්මානය දිනා ගැනීම පිළිබඳව අදහස් දක්වමින් කල්ප උදාන්ත මහතා පාරිභෝගිකයන්ට, බෙදාහරින්නන්ට සහ කැපවීමෙන් සේවය කරන කාර්ය මණ්ඩලයට කෘතඥතාව පළ කළේය. “සාර්ථකව ආයුර්වේද නිෂ්පාදන ක්ෂේත්‍රයට පිවිසි අපි මේ වන විට දිගු දුරක් ඇවිත් තිබෙනවා. ජනතාවට උසස් තත්ත්වයේ ශාකසාර අතිරේක සඳහා ඇති ප්‍රවේශය වැඩි කරන්නට හැකියාව ලැබීම අපට විශාල සතුටක්. අපනයනය තුළින් ජාතික ආර්ථිකයට දායකත්වයක් දක්වන්නටත් අපට හැකි වුණා. මෙම සම්මානය ලැබීම තුළින් විශිෂ්ටත්වය සඳහා අප සතු කැපවීම සහ පාරිභෝගිකයන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබිඹු වෙනවා.” ඒ මහතා වැඩි දුරටත් පැවැසීය.
2 Comments
Magnificent site. Lots of helpful info here. I’m sending it to some buddies ans also sharing in delicious. And certainly, thanks for your sweat!
My spouse and i got really satisfied that Edward could carry out his studies because of the precious recommendations he was given in your web site. It is now and again perplexing to simply always be offering methods which usually a number of people have been making money from. So we acknowledge we have got the website owner to give thanks to for that. Most of the illustrations you have made, the easy web site menu, the relationships your site give support to instill – it’s got mostly extraordinary, and it’s leading our son in addition to the family understand the article is pleasurable, and that’s tremendously vital. Thanks for all!