February 24, 2025
John Keells Properties සමාගම, ජා -ඇළ ‘විමන්’ හි නිවාස සඳහා කොමර්ෂල් බැංකුව හා එක්වෙමින් සුවිශේෂී නිවාස ණය මූල්‍ය පහසුකම් ලබාදෙයි
පුවත්

John Keells Properties සමාගම, ජා -ඇළ ‘විමන්’ හි නිවාස සඳහා කොමර්ෂල් බැංකුව හා එක්වෙමින් සුවිශේෂී නිවාස ණය මූල්‍ය පහසුකම් ලබාදෙයි

Mar 20, 2024

අනාගත නිවාස හිමියන්ට සහ ආයෝජකයින්ට සිය නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ජා -ඇළ පිහිටි ‘විමන්’ නිවාස ව්‍යාපෘතියේ නිවසක් හිමිකර ගැනීම සඳහා අසමසම වූ අවස්ථාවක් සලසා දෙමින් John Keells Properties සමාගම, ආකර්ෂණීය වූ නිවාස ණය මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව සමග උපායමාර්ගික සහයෝගීතාවකට එළඹ ඇත.

මෙම සහයෝගීතාවය ඇතිව John Keells Properties සමාගම, කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකාර භවතුන් සඳහා විශේෂ උත්සවයක් කොළඹ 2, වොක්ෂෝල් වීදියේ පිහිටි John Keells Properties හි ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පසුගිය පෙබරවාරි මස 15 වැනි දින පැවැත්විණි. එහිදී එම පරිශ්‍රයේ ඉදිකර ඇති ජා -ඇළ ‘විමන්’ මහල් නිවාස ව්‍යාපෘතියේ  ආදර්ශ නිවාසය නැරඹීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබිණි.

පාරිභෝගිකභවතුන්ට ආදර්ශ මහල් නිවාසය නැරඹීමට, අලෙවි අංශය සමග සම්බන්ධ වීමට සහ ක්‍රියාත්මක කරන ලද නිවාස මූල්‍ය විසඳුම් යෝජනා පිළිබඳව එකින් එක සාකච්ඡා කිරීමට ද මෙහිදී අවස්ථාව හිමි විය. මේ හරහා  පාරිභෝගිකයින්ට ජා -ඇළ ‘විමන්’ මහල් නිවාස ව්‍යාපෘතිය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීමට අවකාශය සැලසිනි. කොමර්ෂල් බැංකුව විසින් පිරිනමනු ලබන සුවිශේෂී ණය යෝජනා පැකේජ හරහා අනාගත නිවාස හිමියන්ට ඔවුන්ගේම සිහින නිවහනක ජීවත්වීමේ බලාපොරොත්තුව ඉටු කර ගැනීම සඳහා බාධාවකින් තොරව කැමති නිවාස මූල්‍ය විසඳුම් වෙත ප්‍රවේශ වීමට ඒ තුළින් අවස්ථාව ලැබෙනු ඇත.  

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් John Keells Properties හි විකුණුම් හා අලෙවි ප්‍රධානී සහ John Keells Group හි උප සභාපති නදීම් ශම්ස් මහතා මෙසේ පැවසීය.”ජා -ඇළ නගර මධ්‍යයේ අක්කර 6ක භූමි ප්‍රමාණයක විහිදෙන විමන් ව්‍යාපෘතිය නිවාස 418කින් සමන්විතවනවා. මෙම මහල් නිවාස ව්‍යාපෘතිය සඳහා අති නවීන පහසුකම් එක් කර ඇති අතර, කොළඹ නගරයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි සුරක්ෂිත හා පදිංචි කරුවන් සඳහා හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා. හරිත උද්‍යානයකින් වට වී ඇති විමන්, පදිංචිකරුවන්ට සාමකාමී පරිසරයක් නිර්මාණය කරමින්, පවුල්වලට සමෘද්ධිමත් වීමට හා ඔවුන්ට හිතකාමී අවකාශයක් සපයන පහසුකම් රාශියකින් සැදුම්ලත් නිවාස ව්‍යාපෘතියකි. විශේෂයෙන්ම විමන් හි නවීනත්වය මුසු වූ සුවපහසුව සහ තිරසර ජීවන රටාව යන කාරණා දෙකටම ප්‍රමුඛත්වය ලබා දෙමින් John Keells Properties ප්‍රශස්ත ප්‍රජාවක් බිහිකිරීමට කැපවී ක්‍රියාකර ඇති බවට ‘විමන්’ ව්‍යාපෘතියෙහි බලශක්ති කාර්යක්ෂමතාවය සහිතව ක්‍රියාත්මකවන සූර්ය බලශක්තියෙන් බල ගැන්වූ නිවාස නිදසුන් සපයයි.

කොමර්ෂල් බැංකුවේ විකුණුම් සහ අලෙවි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හස්රත් මුණසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.”විමන් හා එක්ව තම දේපළ කොටස් විවිධාංගීකරණය කිරීමට බලාපොරොත්තු වන ගැනුම්කරුවන් සඳහා නම්‍යශීලී මූල්‍ය සේවා පැකේජ ලබා දීමට John Keells Properties සමාගම සමග සහයෝගයෙන් කටයුතු කිරීමට කොමර්ෂල් බැංකුවට හැකිවීම පිළිබඳව අප අතිශයින් සතුටු වෙනවා. මෙම පැකේජයන් පහසු ණය යෝජනා සඳහා ආකර්ශනීය වූ පොලී අනුපාත සහිත පුද්ගල මූල්‍ය ඉලක්ක සහ ආපසු ගෙවීමේ හැකියාව සලසා දෙනවා. මෙම සහයෝගීතාවය තුළින් අනාගත ගැනුම්කරුවන්ට සහ ආයෝජකයින්ට වටිනා අවස්ථාවක් හිමිවන අතර, වර්තමාන ආර්ථික පරිසරය තුළ ආයෝජනය සඳහා මෙය ඉතාමත් වටිනා තේරීමක් වනු ඇත.” 

කුඩා නගරයක ජීවත්වීමේ ප්‍රබෝධය රඳවා ගනිමින් කොළඹට ඉතාමත් ඉක්මන් ප්‍රවේශයක් සමගින් ඇති එහි උපායමාර්ගික පිහිටීම සුපිරි වෙළඳසැල්, අවන්හල්, පාසල් සහ රෝහල්වලට ඇති ආසන්නතාවය යන සාධක විමන් වටිනා ආයෝජනයක් බවට පත් කරනු ඇත. මෙම උපායමාර්ගික ස්ථානය පදිංචි කරුවන්ගේ පහසුව වැඩි දියුණු කරනවා පමණක් නොව, ඔවුන්ට සිය ව්‍යාපාර කටයුතු සඳහා ද වේගවත් මගක් සහතික කරනු ලබයි. විවෘත හරිත අවකාශයන්, සූර්ය බලශක්තිය ඇතුළු පහසුකම් රාශියකින් සමන්විත මෙම ව්‍යාපෘතිය පදිංචිකරුවන්ට නාගරික සුව පහසුව හා  සෞන්දර්යාත්මක පරිසරයක් නිර්මාණය කර දෙයි. John Keells Properties සමාගම තිරසර වූ ප්‍රජා කේන්ද්‍රීය නිවාස සංවර්ධනයන්හි මිණුම් ලකුණු ඉහළ නැංවීමේ අරමුණ ඇතිව අඛණ්ඩව කැපවීමෙන් ක්‍රියාකරනු ලබයි.

3 Comments

  • I don’t think the title of your article matches the content lol. Just kidding, mainly because I had some doubts after reading the article.

  • Thanks for sharing. I read many of your blog posts, cool, your blog is very good.

  • Can you be more specific about the content of your article? After reading it, I still have some doubts. Hope you can help me.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close