සුලු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවෝ වැට් බදු ආශ්‍රිත නියාමන රීති නිරවුල් කරමින් සමාන සැලකුම් ලබා දෙන්නැයි ඉල්ලා සිටී
මෙරට ඇඟලුම් අපනයන ක්ෂේත්‍රය විදෙස් ආයෝජන, ආචාර ධර්මීය නිෂ්පාදන පිළිවෙත් සහ බාධක හමුවේ නොසැලෙමින් අපනයනය පවත්වාගෙන යෑම පිළිබඳව ප්‍රශස්තම සාර් ථකත්වයේ කථාවය. ඒහෙත් දිස්නය විහිදෙන මේ කථාවට පිටිපසින් මීට වඩා හාත්පසින් වෙනස්ම කථාවක් ඇත. ඒනම් අතිශය තරගකාරී වෙළෙඳපොළ තත්ත්වය, ඉහළ නැගෙමින් පවතින පිරිවැය, දැඩි නියාමන රිතී, සහ මූල්‍ය ප්‍රවාහයට පිවිසීම සඳහා වන බාධක හමුවේ තවදුරටත් ඇඟලුම් ක්ෂේත්‍රයේ නිරතව සිටින සුළු හා මධ්‍යම පරිමාණයේ නිෂ්පාදකයෝ දැඩි පීඩනයකට ලක් ව සිටී. ඇඟලුම් ක්ෂේත්‍රයේ අදිසි කොඳුනාරටිය වන මෙරට සුලු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන ක්ෂේත්‍රය මහා පරිමාණයේ නිෂ්පාදකයින් සඳහා සාහයක සේවා, ලබා දෙමින් මෙම ක්ෂේත්‍රයේ වටිනාකම් දාමය පෝෂණය කිරීම සඳහා සුවිශේෂි දායකත්වයක් ලබා දෙයි.
ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැලි සිටින සුලු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින් මේ වන විට මුහුණ දී සිටින විහාලතම පීඩාව වන්නේ අලුතින් හඳුන්වා දුන් වැටි බදු අවශ්‍යතාවන්ය. මෑතක් වන තුරුම අපනයන පරමාර්ථයෙන් ආනයනය කරනු ලබන රෙදිපිලි ඇතුලු අනෙකුත් උපාංග සඳහා තීරුබදු අය කලේ නැත. ඒහෙත් අපනයනකරුවන් සඳහා 18%ක වැට් බද්ද අදාල වීම නිසා වැට් බදු ගෙවීමත් සමග නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන මුදල් ප්‍රවාහය බදු ගෙවීමට භාවිතා කිරීමට සිදුවන අතර රජය පවසන පරිදි වැට් ප්‍රතිපූර් ණය දින 45ක් තුල සුලු හා මධ්‍ය අපනයනකරුවන්ට නොලැබෙන තත්වයක් තුල ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යෑම සඳහා පවතින ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා මෙම ගැටලුව දැඩි ව බලපා ඇත.
මීට ඉහතදී අපනයන පරමා ර්ථයෙන් ආනයනය කරන ද්‍රව්‍ය සඳහා තීරුබදු නිදහසක් තිබුණා. නමුත් වර් තමානයේදී අවසන් නිෂ්පාදනය අදාල ගැණුම්කරු අතට පත්වන්නට පෙරාතුවම අපි මේ සඳහා 18%ක වැට් බද්දක් ගෙවනවා. ආයෝජන මණ්ඩල පහසුකම් සහිත නිෂ්පාදකයින් ඇතුලු 1300ක් පමණ වන අපනයනකරුවන් පොදුවේ මෙම ක්‍රමවේදයට ඒක් කර ඇති බැවින් සාධාරණ වෙළෙඳ පසුබිමක් මෙම ක්‍රමවේදය තුල සුලු හා මධ්‍ය පරිමාණයේ නිෂ්පාදකයින්ට හිමි වන්නේ නැහැ. ” යනුවෙන් කටුනායක ප්‍රදේශයේ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යන සුලු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් නිෂපාදකයකු ඒලෙස පැවසීය.
වැට් උභතෝටිකය
මෙම වෙනස්කම තුල එකිනෙකට ඇඳුනු බලපෑම් ගණනාවක් ඇති විය. ඒනම් ද්‍රවශීලතා ගැටලු, ඇනවුම් යැවීමට ප්‍රමාද වීම, සිදුකල යුතුව පවතින යන්ත්‍රෝපකරණ සහ තාක්ෂණික යාවත්කාලීන කටයුතු සිදු කිරීමට නොහැකි වීම යන කරුණු පෙන්වා දිය හැක. විශාල ප්‍රාග්ධන හැකියාවක් සහිත මහා පරිමාණයේ ඇඟලුම් නිෂ්පාදන සමාගම් මෙන් නොව සුලු හා මධ්‍ය පරිමාණයේ ඇඟලුම් නිෂ්පාදකයින් දැඩි සීමාකම් මත ක්‍රියාත්මක වන බැවින් ඉතා සුලු ප්‍රතිපත්තිමය වෙනස්කමක් පවා මෙම ක්ෂේත්‍රයේ වෙළෙඳ සමබර බව දැඩි අභියෝගයකට ලක් කරනු ඇත.
මූල්‍ය අවශ්‍යතා සඳහා පවතින බාධක
සුලු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් නිෂ්පාදකයින් මුහුණ දෙන තවත් ඒක් ප්‍රධාන ගැටලුවක් වන්නේ මූල්‍ය අවශ්‍යතා සඳහා පවතින ප්‍රවේශය බාධා සහිත වීමය. “ බැංකු හැම විටම ණය දීමේදී සුරැකුම් ඉල්ලා සිටිනවා. නමුත් අපට අවශ්‍ය වන්නේ ව්‍යාපාරික පුරෝකථන මත ලබා දෙන ණය පහසුකම් මිස සුරැකුම් මත ලබා දෙන මූල්‍ය පහසුකම් නොවේ”යනුවෙන් සුලු හා මධ්‍ය පරිමාණයේ ඇඟලුම් නිෂ්පාදකයකු පැවසීය. අනෙක් රටවල බැංකු ක්‍රමය තම අවදානම ව්‍යවසායකයින් සමග බෙදා ගන්නා නමුදු අපගේ බැංකු පද්ධතියට ඒලෙස කල නොහැක්කේ ඇයි?
මෙරට ක්‍රියාත්මක වෙන බොහෝ සුලු පරිමාණයේ ඇඟලුම් නිෂ්පාදකයින්ට විදෙස් ව්‍යාපාරික මෙහයුම් සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීමේ ගැටලු පවතී. විශේෂයෙන්ම අති නවීන යන්ත්‍රෝපකරණ, හෝ යාන්ත්‍රීකරණය වු කර්මාන්තශාලා තුලින් පිරිවැය පාලනය සහ සේවක ඵලදායීතා වර්ධනය සිදු කිරීමේ හැකියාව අවම තත්වයක පවතී. දැරිය හැකි පිරිවැයකට මේ සඳහා අවශ්‍ය ප්‍රාග්ධන සම්පාදනය සිදු කර ගැනීමට සුළු කර්මාන්තකරුවන්ට නොහැකි බැවින් පිරිවැය පාලනය ඔවුන්ට වඩාත් අසිරු කරැණක් වී ඇත.
තාක්ෂණය සහ වෙළෙඳපොලට පිවිසීම
ඩිජිටල් තාක්ෂණය වෙත යෑම තුල මෙම ක්ෂේත්‍රයේ සුලු හාමධ්‍ය පරිමාණයේ නිස්පාදකයින්ට යම් අස්වැසිල්ලක් පවතී. මේ අනුව අන්තර්ජාලය තුළින් තම ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ වීම, වඩා විනිවිද පෙනෙන සැපයුම් හඳුනාගැනීමේ ක්‍රමවේදය, සහ නිර්මාණ හෝ නිෂ්පාදන මෘදුකාංග වෙත වූ ප්‍රවේශය පහසු කිරීම වැනි කරුණු පෙන්වා දිය හැක. කෙසේ වෙතත් මෙම සාධක සාක්ෂාත් කර ගැනීමේ හැකියාව සහ ප්‍රාග්ධනය පවතින්නේ අතලොස්සක් අත පමණි. නමුත් බොහෝ නිෂ්පාදකයින්ට වෘත්තීය මට්ටමේ අලෙවිකරුවන් හෝ සන්නාම උපායමාර්ග, නොමැති අතර දේශීය ගැනුම්කරුවන් කිහිපදෙනෙකු මත පදනම් වීම හෝ උපකොන්ත්‍රාත්කරුවන් ලෙස නිෂ්පාදන ප්‍රවාහයට සම්බන්ධ වීම තුල ඔවුන්ට ලැබිය හැකි ලාභය සාපේක්ෂව කුඩා පරිමාණ ඒකක් වේ. සුලු හා මධ්‍ය ක්ෂෙත්‍රය ඉලක්ක කර ගත් රජය සහ කර්මාන්ත අතර වන ඉලක්ක ගත වැඩසටහනක් මගින් මේ තත්වය වෙනස් කළ හැක. පර්යේෂණ සහ සංවර්ධන පහසුකම් හුවමාරු කරගැනීම, අපනයන ප්‍රවර්ධන ප්‍රදානයන් ලබා දීම, සහ ගෝලීය වෙළෙඳ ප්‍රදර්ශන සඳහා සුලු හා මධ්‍ය පරිමාණයේ නිෂ්පාදකයින්ට දොරටු විවර වීම තුල ඔවුන්ට තම නිෂ්පාදන හැකියාවන් පිලිබඳව ජාත්‍යන්තර ගැණුම්කරුවන් දැනුවත් කිරීමට හැකියාව ලැබෙන අතර ආචාර ධර් මීය හා විවිධාංගීකරණය වූ සැපයුම්කරුවන් සමූහයක් හඳුනා ගැනීමට ද අවස්තාව උදාවේ.
බෙදීම් අවම කිරීම
විශාලතම ගැටලුව වන්නේ සමානාත්මතාව සහ තිරසබවයි. ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රයේ සැපයුම් දාමය මහා පරිමාණයේ කර් මාන්ත කරුවාගේ සිට කුඩා ග්‍රාමීය නිෂ්පාදකයා දක්වා මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ සාර්ථකත්වය හැමදෙනා අතර බෙදා ගැනීම තහවුරු කළ හැකිද?
මේ සඳහා පවතින ප්‍රශස්ත පිලිතුර වන්නේ සහයෝගීතාවන් වෙත යොමු වීමය. රාජ්‍ය සහ මූල්‍ය ආයතන අතර ශක්තිමත් සහයෝගීතාවන් ඇති කර ගැනීම, සහ ක්ෂේත්‍රයේ පාර්ෂවකරුවන් මේ සඳහා දායක කර ගැනීම ද අතිශය වැදගත් වනු ඇත. ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් සම්පාදනය කරන ප්‍රතිපත්ති රාමුව රාජ්‍ය මූල්‍ය විනය මනා වූ තුලනයකින් පවත්වාගෙන යෑම සහ අපනයන තරගකාරීත්වය, කරන අතරම බැංකු ක්ෂේත්‍රයට ගනනය කල හැකි අවදානමක් ලබා ගැනීම සඳහා ඔවුන් සවිබල ගැන්වීම තුල නවෝතපාදනය සහ සේවක කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීමට හැකි වනු ඇත.

