ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ පෙරළිකාර වෙනසක් සිදු කරමින් Intellect විසින් මූලධර්ම චින්තනය පදනම් කරගත් පළමු සංයුක්ත සහ බුද්ධිමය විවෘතමූල්‍ය වේදිකාව වන eMACH.ai දියත් කරයි
ක්‍රමක්‍රමයෙන් දියුණු වන ගෝලීය මූල්‍ය ආයතන සඳහා බුද්ධිමය විසඳුම් නිර්මාණය කිරීමේ ව්‍යවසාය ශ්‍රේණියේ ලොව එකම මූල්‍ය තාක්ෂණ ප්‍රමුඛයා වන Intellect Design Arena සමාගම විසින් ශ්‍රී ලාංකික මූල්‍ය ක්ෂේත්‍රය සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද eMACH.ai දියත් කිරීම නිවේදනය කරයි. Microservices 329ක්, events 535ක් හා 1757කට වැඩි APIs, සමඟින් මෙම මූලධර්ම චින්තනය පදනම් කරගත් පළමු වේදිකාව ඔස්සේ මෙරට මූල්‍ය ආයතනවලට ගෝලීය තරඟකාරීත්වයක් සපයමින් අනාගතයට සූදානම් විසඳුම් ගොඩනඟා ගැනීමට මෙමඟින් හැකියාව ලබා දෙයි. බැංකු මෙහෙයුම් මගින් නිර්මාණය කරන ලද හෝ නියාමන සහ අනුකූලතා විධානයන් මගින් ඇති කරන ලද අවස්ථා සොයා බැලීමට අමතරව, eMACH.ai මඟින් බැංකුවේ පාරිභෝගිකයන් Retail, HNI, SME, හෝ Corporate සහ ඔවුන්ගේ මූල්‍ය ගමන්මඟෙහි අවස්ථාවන් කෙරෙහි අවධානයෙන් තබයි.
ශ්‍රී ලංකාව සිය ඩිජිටල් පරිවර්තන ගමනේ තීරණාත්මක ස්ථානයක සිටියි. eMACH.ai ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නේ මූල්‍ය හා තාක්ෂණික නවෝත්පාදනය ගෝලීය වශයෙන් මූල්‍ය සේවා ක්ෂේත්‍රය ශීඝ්‍රයෙන් ප්‍රතිනිර්මාණය කරන කාලයකය. ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ ගෙවීම් සිදුකිරීම ඉහළ යාම, AI තාක්ෂණයෙන් යුත් බැංකු පහසුකම්, විවෘත බැංකු ක්‍රමවේද, ක්ලවුඩ් පදනම් කරගත් යටිතල පහසුකම් යනාදි මූලික ප්‍රවණතා තුළින් ලොව පුරා මූල්‍ය ආයතන ක්‍රියාත්මක වන අයුරු පෙන්වා දෙයි. මූල්‍ය ඇතුළත් කිරීම් වැඩිදියුණු කිරීම, මෙහෙයුම් විධිමත් කිරීම සහ පාරිභෝගික කේන්ද්‍රීය අත්දැකීම් නිර්මාණය කිරීම සඳහා ඩිජිටල් පරිවර්තනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකාව ද මෙම වෙනස අත්විඳිමින් සිටියි. අති නවීන තාක්ෂණයන් සඳහා ආයෝජනය කිරීම, ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ හිතකර නියාමන රාමුවක් අනුගමනය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ බැංකුවලට මූල්‍ය ඇතුළත් කිරීම් සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කර විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සිදු කළ හැකිය.
හුදෙක් ඩිජිටල් විසඳුමක් නොවී පරිවර්තනීය විසඳුම් නිර්මාණය කිරීමට බැංකු දිරි ගන්වමින්, eMACH.ai ශ්‍රී ලාංකේය බැංකු සඳහා තාක්‍ෂණය සරල කරයි. eMACH.ai හි අන්තර්ගත අංගයන් මූල්‍ය අංශයේ අනාගත අවශ්‍යතා හා සමපාත වන අතර වේගවත් තාක්ෂණික වෙනස්වීම් හමුවේ නොවෙනස්ව හිඳිමින් බැංකුවලට සිය පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට හැකි බවට සහතික කරයි. මෙය ඵලදායී ලෙස තාක්ෂණය භාවිතා කිරීමට එහා යමින් සැළකිය යුතු ව්‍යාපාරික බලපෑම් ඇති කිරීම වෙත අවධානය යොමු කරමින් පාරිභෝගික අවශ්‍යතා කේන්ද්‍ර කරගත් ක්‍රමෝපායයන් සංවර්ධනය කිරීමට හැකියාව ලබා දෙයි.
HDFC ශ්‍රී ලංකා, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB), Cargills Bank, Commercial Development Bank (CDB), Central Finance, Seylan Bank, සහ Union Bank of Colombo ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතන කිහිපයක් සමඟ Intellect දැනටමත් කටයුතු කරයි. මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා මෙම ආයතන ඩිජිටල් ක්‍රමෝපායයන් අනුගමනය කිරීමෙහි පෙරමුණ ගෙන ඇත. eMACH.ai හඳුන්වාදීම සමඟින්, පුළුල් පාරිභෝගික පිරිසක් වෙත නව්‍ය මූල්‍ය සේවා ලබා දීමට ශ්‍රී ලංකාවේ තවත් ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතන කිහිපයක් සමඟ සිය සබඳතා ශක්තිමත් කිරීමට Intellect සූදානම් වේ.
eMACH.ai සමඟින් ශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය ආයතනවලට ගෝලීය මුහුණුවරක් ලබා ගත හැකිය. මෙමඟින්,
- Microservices 329ක්, APIs 1757, සහ events 535ක් සමඟින් අනාගතයට සූදානම් තාක්ෂණික විසඳුම් නිර්මාණයට බැංකු සවිබලගැන්වීම.
- ව්‍යවසාය සම්බන්ධිත බුද්ධිය සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරමින් බුද්ධිමය නායකත්වය සමඟ මාරුව තුළින් බැංකුවලට ඉදිරියට යාමට මග පෙන්වීම
- කලාපය වෙත එහි ගෝලීය ප්‍රතිලාභ ලබා දෙමින් ශ්‍රී ලාංකේය වෙළඳපොළ තුළ මූල්‍ය තාක්ෂණයේ අනාගතය යළි නිර්වචනය කිරීම සහ මුල්‍ය නවෝත්පාදන පෝෂණය කිරීම.
- මෙම සංයුක්ත හා බුද්ධිමය විවෘත මූල්‍ය වේදිකාව සමඟ ව්‍යවසාය පරිවර්තනය කිරීමෙන් නව වර්ධන මාර්ග සොයා ගැනීම, iTurmeric සමඟ අත්දැකීම් ඉහළ නැංවීම, MACH සංයුක්ත වේදිකාවක් සහ තීරණාත්මක බුද්ධි වේදිකාවක් වන Purple Fabric සමඟ මෙහෙයුම් වැඩි දියුණු කිරීම.
eMACH.ai දියත් කිරීම පිළිබඳව Intellect Design Arena Ltd හි ඉන්දියා සහ දකුණු ආසියාවේ ප්‍රධාන විධායක නිලධාරී රමනන්එස්. වී, සිය සතුට පළ කරමින්, “හුදෙක් වේදිකාවක් හඳුන්වා දෙනවා වෙනුවට eMACH.ai සමඟින් අපි ශ්‍රී ලංකාවේ බැංකුකරණයේ අනාගතය සවිමත් කරනවා. බුද්ධිය, ක්‍රියාශීලීත්වය සහ නවෝත්පාදනයන් සමඟ නායකත්වය දෙමින් මූල්‍ය ආයතන සවිබලගැන්වීම අපේ අරමුණයි. විනිවිදභාවය, ඩිජිටල් ක්‍රමවේද භාවිතය වේගවත් කිරීම, සහ ඔරොත්තු දීමේ හැකියාව පෝෂණය කිරීම තුළින් පළමු මූලධර්ම චින්තනය මත ගොඩනගා ඇති, eMACH.ai සමස්ත මූල්‍ය පරිසර පද්ධතියම පරිවර්තනය කිරීම සඳහා නිර්මාණය කර තිබෙනවා. මෙම eMACH.ai බැංකු සඳහා ඔවුන්ගේ ගමන්මග වෙනස් කරන්නෙකු පමණක් නොව ගෝලීය මට්ටමින් මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට පත්වීම සඳහා ශ්‍රී ලංකාව යන ගමන සඳහා උත්ප්‍රේරකයක් ද වෙනවා.” යනුවෙන් සිය අදහස් දැක්වීය.

